නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අක්මා රෝගීන්ට හොඳ ආරංචියක් – ළඟදීම අසූචී බැංකුවක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අක්මා රෝගීන්ට හොඳ ආරංචියක් – ළඟදීම අසූචී බැංකුවක්

Published August 12, 2024
ඔබේ අසූචි පවා ඔබට පිලිකුල් වෙන අවස්ථාවක තවත් කෙනෙකුගේ අසූචි ඔබේ සිරුරට ඇතුලු කිරීම ගැන කිසිම ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. නමුත් දුර්ලභ ඝනයේ අක්මා රෝගී තත්ත්වයන්හිදී වෙනත් අයගේ අසූචි බද්ධ කිරීමේ ක්‍රියාවලියක් සිදු කරනවා. අසූචි ගැන දක්වන පිළිකුල සහ විවිධ සංස්කෘතික සමාජයීය සහ ආගමික විශ්වාසයන් නිසා ඇැතම් රෝගීන් මෙම ප්‍රතිකාරය පළිගැනීමට පවා මැලි වෙනවා.

මිනිසුන් බොහෝ වෙලාවට මෙම ප්‍රතිකාරයට ඉතා අමනෝඥ ලෙස ප්‍රතිචාර දක්වනවා. හෙලා දකිනවා යැයි ඉන්දියාවේ ශ්‍රිමත් ගංගාරාම් රෝහලේ අක්මා ආමාශ ආන්ත්‍රයික රෝග සහ අග්න්‍යාශික විද්‍යාව පිළිබඳ ආයතනයේ ආචාර්ය පියුෂ් රන්ජන් සඳහන් කරනවා.

Sclerosing cholangitis– ස්ක්ලෙරෝසින් කොලන්ජයිටිස්“ස්ක්ලෙරෝසින් කොලන්ජයිටිස් ” Sclerosing cholangitis- යනුවෙන් හැඳින්වෙන මෙම අක්මා රෝග තත්ත්වයට අක්මාවක් බද්ධ කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ.

බද්ධ කිරීම වෙනුවෙන් අක්මාවක් ලබා ගැනීම වෙනුවෙන් දායකයෙකු සොයා ගැනීමත් පහසු නැහැ. ඒ වෙනුවෙන් වසර ගනණාවක් බලා සිටීමට සිදු වෙනවා.

මෙම “ස්ක්ලෙරෝසින් කොලන්ජයිටිස් ” රෝගී තත්ත්වය නිසා අද වනවිට එක්සත් රාජධානියේ පුද්ගලයන් ලක්ෂයකට හය හත් දෙනෙක් ගොදුරු වෙනවා. ඒ වගේම ජීවත්වීමේ ආයු අපේක්ෂාව වසර විස්සකින් පමණ අඩු වෙන බවත් දැන් හඳුනාගෙන තිබෙනවා.

එක්සත් ජනපදය සහ යුරෝපය හැරුන විට බ්‍රසිලය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් කීපයක්ම මෙම FMT තාක්ෂණය පිළිබඳව අත්හදැ බැලීම් සිදු කර තිබෙනවා. ක්ලොස්ට්‍රිඩියම් ඩිෆීසිල් (Clostridium difficile) යනු හානිකර බැක්ටීරියාවකි. දීර්ඝ කාලයක් පුරා ප්‍රතිජීවක භාවිතා කරන පුද්ගලයින්ට මෙය බොහෝ විට බලපානවා.

ඒ වගේම ස්ක්ලෙරෝසින් කොලන්ජයිටිස් වැනි රෝගී තත්ත්වයක් ඇති රෝගීන්ගෙන් 70%- 80% ක් අතර ප්‍රතිශතයක් බඩවැල් ප්‍රදාහ රෝග (IBD) තත්වයෙන් පසු වෙනවා. ඒ වගේම දරුණු උදර වේදනාව, ක්‍රොන්ගේ රෝගය ( Crohn’s disease) සහ අල්සරටිව් කොලයිටිස් (ulcerative colitis) වැනි රෝගී තත්ත්වයන්හිදීත් බඩවැල් ආශ්‍රිත ප්‍රදාහයන් ඇති වෙනවා.

නමුත් මෙම අසූචි බද්ධ කිරීම ඕනෑම රෝග තත්ත්වයක් වෙනුවෙන් ලබා දෙන පළමු ප්‍රතිකාරය නොවන බැව් ලන්ඩනයේ ඉම්පීරියල් කොලිජියේ ආමාශ අන්ත්‍ර රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය හොරෙස් විලියම්ස් සඳහන් කරනවා.

මෙම ප්‍රතිකාරය බඩවැල් ආශ්‍රිත දරුණු රෝග තත්ත්වයන්හිදී ලබා දෙන ප්‍රතිකාරයක් බැව් ඔහු අවධාරනයෙන්ම කියා සිටිනවා. නිසි ක්‍රමවේදයන් අනුව සිදු නොවුනොත් මම ප්‍රතිකාරය පවා අනතුරුදායක විය හැකි බැව් ඉම්පීරියල් කොලිජියේ ආමාශ අන්ත්‍ර රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සහ British Society of Gastroenterology මාර්ගෝපදේශයන්හි ප්‍රධාන කර්තෘ බෙන්ජමින් මලිෂ් සඳහන් කරනවා.

මලපහ බද්ධ කිරීම හෙවත් Fecal Microbiota Transplan FMT එවැනි රෝගීන්ට මලපහ බද්ධ කිරීමේ ක්‍රමවේදය “ ෆීකල් මයික්‍රොබයෝටා ට්‍රාන්ස්ප්ලාන්ට් ” (FMT) යනුවෙන් හැඳින්වෙනවා.

මෙහිදී නීරෝගී පුද්ගලයන්ගේ මලපහ සාම්පලවලින් බඩවැල් ආශ්‍රිත බැක්ටීරියා ලබා ගෙන එම බැක්ටීරියා කොලනොස්කොපි ල වස්ති කිරීම හෝ nasogastric tube ඔස්සේ රෝගියාගේ අන්ත්‍රයට බද්ධ කරනු ලබනවා.

මෙම මලපහ ඉතා හොඳින් පරීක්ෂා කිරීමෙන් පසුව ලබා ගත් සාම්පල සෘණ 80 °C උෂ්ණත්වය යටතේ යටතේ ශීතකරණයක් තුළ මාස 12 ක් දක්වා ගබඩා කර තබනවා.

රෝගියෙකුට මලපහ බද්ධ කිරීමක් අවශ්‍ය වූ විට ශීත කර පෙරන ලද මලපහ හිමාහරණය කර සිරින්ජයකට දමනවා. FMTතාක්ෂණය අනුව අසූචි බද්ධ කිරිම සඳහා අසූචි බැංකු අවශ්‍ය වෙනවා. මලපහ බැංකු නොමැති රටවල අසූචි බද්ධ කිරීම අපහසුයි.මාර්ගෝපදේශ අවශ්‍යයි.

පළපුරුදු වෘත්තිකයන් නොමැතිව සහ පැහැදිළි මාර්ගෝපදේශ නොමැතිව මෙම තාක්ෂණය පවත්වා ගෙන යෑම හානිකර අතර සෞඛ්‍ය ආරක්ෂන සම්පත් නොමැති දුප්පත් රටවල මෙම ප්‍රතිකාරය මරණයට පවා හේතු වී තිබෙන බැව් දකුණු අප්‍රිකාවේ විට්වෝටර්ස්රෑන්ඩ් විශ්ව විද්‍යාලයේ  Steve Biko Centre for Bioethicsys වෛද්‍ය ආචාර්ය හැරියට් එතර්ජි සඳහන් කරනවා.

Treatment Centre (MTC),බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ Microbiome Treatment Centre (MTC), මධ්‍යස්ථානය අද වෙන විට අසූචි බද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇති රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා වගේම පර්යේෂණ කාර්ය වෙනුවෙන් දායකත්වය ලබා දෙන එක්සත් රාජධානියේ තෙවන පාර්ශවය බවට පත්ව සිටිනවා.

පරිත්‍යාගශීලිව අසූචි පරිත්‍යාග කිරීමට පැමිණි අයෙකුගේ රෝග ඉතිහාස, ජීවන රටාව තක්සේරු කිරීම, රුධිරයේ සහ මලපහ ආශ්‍රිත රෝග කාරක ඇත්දැයි හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කිරීම මෙම මධ්‍යස්ථානයේ කාර්යය වී තිබෙනවා.

මිලිලීටර් 50 ක FMT දියර සාම්පලයක් සඳහා ජාතික සෞඛ්‍ය සේවයට පවුම් 1300 ක් හෙවත් ඇමරිකානු ඩොලර් 1684 ක් වැය වෙනවා. නමුත් රෝගියෙකුට නැවත නැවත ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට සහ රෝහල් ප්‍රතිකාර සමග සංසන්දනාත්මකව බලන විට මෙම පිරිවැය ඊට වඩා අඩු අගයකින් යුක්තයි. ඒ වගේම ඇතැම් රෝගී තත්ත්වයන්හිදී FMT ලබා දීම එක්වරක් පමණක් සිදු වීම විශේෂ තත්ත්වයක්.

ඥාතින්ගේ අසූචිවලට වඩා පිටස්තර අසූචි හොඳයි

රෝගීන් වෙනුවෙන් බද්ධ කිරීමට මලපහ ලබා ගැනීමේදී නීරෝගී ආගන්තුකයෙකුට වඩා තමන්ගේ ලේ ඥාතියෙකුගෙන් ලබා ගැනීම වඩාත් සුදුසු බැව් ආචාර්‍ය රන්ජන් සඳහන් කරනවා.

මේ පිළිබඳව එක්සත් රාජධානියේ Crohn’s and Colitis ආයතනය විසින් සමීක්ෂණයක් සිදු කළ අතර ඒ වෙනුවෙන් සමීක්ෂකයන් 200 ක් සම්බන්ධ කර ගත්තා. 37% ක්ම අසූචි බද්ධය ගැන තමන්ගේ විශ්වාසයක් නැති බැව් සඳහන් කළා.

නමුත් දෙවන අදියරේදී අසූචි බද්දය ගැන 57% ක් දැණුවත්ව සිටියා. එහෙත් බොහෝ දෙනෙක් කියා සිටියේ දන්නා අයෙකුගෙන් වඩා නොදන්නා අයෙකුගෙන් අසූචි ලබා ගැනීම සුදුසු බවයි. “ අධ්‍යාපනය විසින් බොහෝ බාධක බිඳ දමන බැව් ආචාර්ය බ්‍රෙට් පාමර් බී.බී.සී පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.

බී.බී.සී පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: අක්මා රෝගී
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?