නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ත්‍රිවිධ චෛත්‍යන්ට පිටුපා ඡායාරූප ගැනීම හෙඳද? නරකද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ත්‍රිවිධ චෛත්‍යන්ට පිටුපා ඡායාරූප ගැනීම හෙඳද? නරකද?

Published July 29, 2024

අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කළහැකි චෛත්‍ය තුන් වර්ගයක් තිබෙනවා.

ශාරීරික චෛත්‍යය
පාරිභෝගික චෛත්‍යය
උද්දේසික චෛත්‍යය


බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු ශ්‍රී බුද්ධ ශරීරය ආදාහනය කළ සේක. අනතුරුව උන්වහන්සේගේ ඉතිරි වූ ශාරීරික අස්ථි ධාතුන් වහන්සේලා සහ එම ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකරන ලද ස්තූප ශාරීරික චෛත්‍යයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් පරිහරණය කරන ලද සිවුරු, පාත්‍රා ආදිය සහ සම්බුද්ධත්වයට පත්වීමේදී පිට දී වැඩ හුන් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේද, සමාපත්ති සුවයෙන් වැඩ හිඳ පරිභෝග කළ ස්ථානද බුදරජාණන් වහන්සේ ලොව පහළ වූ ස්ථානය, සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය, ප්‍රථමයෙන් දහම් දෙසූ ස්ථානය,පිරිනිවන් පා වදාළා වූ ස්ථානය යන සිවු මහ සංවේග ස්ථානත් වගේම ශ්‍රී පාද ලාංඡනයද යන මේ සියල්ල පාරිභෝගික චෛත්‍යන් අතරට එක් වෙනවා.

ශාරීරික හා පාරිභෝගික චෛත්‍ය නොවන, බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සංකේත ආදිය උද්දේසික චෛත්‍ය ලෙස සැලකෙනවා.මෙම ත්‍රිවිධ චෛත්‍යන් අතරින් ශාරීරික චෛත්‍යන් වහන්සේලා විද්‍යමාන වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුවයි.බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් සහ නිය ධාතුන් වහන්සේලා තැන්පත්කොට තනන ලද චෙත්‍යන් කීපයක් උන්වහන්සේ ජීවමාන කාලයේදීම තිබුණු බව පෙනෙන්නට ඇතැත්

අට්ඨකථාවන්හි මෙසේ සඳහන් වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ලැබුණ අස්ථි ධාතුන් වහන්සේලා ගැන සලකමින්ය.පාරිභෝගික චෛත්‍යන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පටන්ම විද්‍යමාන වෙති.

ඒ සඳහා තිබෙන හොඳම නිදසුන නම් දඹදිව ජේතවන මහා විහාරයයෙහි තිබෙන ශ්‍රීිමත් ආනන්ද බෝධීන් වහන්සේය. එම බෝධීන් වහන්සේ රෝපණය කළ ආකාරය සහ බුද්ධෝපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු රාජකීය බෝධි පූජා පුණ්‍ය කර්මය පිළිබඳව පන්සිය පණස් ජාතක පොත් වහන්සේට අයත් කාලිංග බෝධි ජාතකයෙහි සඳහන් වෙනවා.

මෙලෙස බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතුව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පටන්ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය්‍යන් වහන්සේලාට පුද සත්කාර කිරීම ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ආනන්ද තෙරුන් වහන්සේගේ සංවිධානයෙන් සිදුකරන ලද බෝධි පූජාව දශබලධාරීන් වහන්සේ වෙනුවෙන් සිදු කරන ලද ඒකාන්ත බුද්ධ පූජාවකි.

නමුත් අද ඇතැම් කෙනෙක් චෛත්‍යන් වහන්සේලාට පුද සත්කාර කරන විට තම අනවබෝධය නිසා ලෞකික පරමාර්ථ ඉටු කරගැනීම සඳහා දේව පූජාවක් හෝ ග්‍රහ අපල පූජාවක් ලෙසින් බෝධි පූජා පැවැත්වීම සිදු කරති.

එවිට එය නියම බුද්ධ පුජාවක් වනනේ නැත. ඒ නිසා ත්‍රිවිධ චෛත්‍යන් වහන්සේලාට පුද සත්කාර කරන විට පින්වතුන් විසින් එය ජීවමාන බුදුරජාණන් වහන්සේට සිදුකරන උතුම් පූජාවක් ලෙසින් සලකා උසස්ම ගෞරවයෙන් මෙන්ම පිරිසිදුව සිදුකිරීමට උත්සාහ ගැනීම ඉතා වැදගත්.

ත්‍රිවිධ චෙත්‍යන් වහන්සේලා වන්දනා කිරීමට යන ගිහි පින්වතුන් පළමුව දිය නා පිරිසිදු වී සුදු වස්ත්‍රයෙන් සැරසීම වඩාත් සුදුසුයි.පිනකට යන විට සුදු ඇඳපන්නේ යන පැරණි ගැමි කියමනක් ඇත. ඒ නිසා වන්දනා ගමන්, පිංකම් සඳහා සහභාගී වන විට සුදු වස්ත්‍රයෙන් සැරසීම ඉතා වැදගත්ය. එමෙන්ම පූජා භාණ්ඩ පිරිසිදුව සකස් කර ගතයුතුය.

ඔබ ත්‍රිවිධ චෛත්‍යන් වහන්සේලා වෙත ගොස් ඒ අවට අපිරිසිදු වී තිබේ නම් සෑ මළු, බෝ මළු, විහාරමළු ඇමද පිරිසිදු කළ යුතුය. එසේ වත්පිළිවෙත් සිදුකරන විට සිනාසෙමින්, කථා කරමින් ත්‍රිවිධ චෛත්‍යන් අසල හැසිරීම සුදුසු නැහැ.

එසේම පාවහන්, කුඩ ආදිය ඉහළාගෙන ගමන් නොකළ යුතුය. එය බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක් බැව් අට්ටකථාවන්හි සඳහන් වෙනවා. නිතරම බුදුරජාණන් වහන්සේ තමා සමීපයෙහි සිටින බැව් සිහි තබාගෙන බුදුගුණ සිහිකරමින් ඇමදීම් ආදී වත්පිළිවෙත් කළ යුතුය.

භාජනවල බුද්ධ පූජාව අසුරා පිරිසිදු වැසුම්වලින් ආවරණය කළ යුතුය. මල් වට්ටි, සුවඳ දුම් භාජන, පහන්තැටි ආදිය අපිරිසිදු වී තිබේ නම් ඒ සියල්ල පිරිසිදු කරන්න. මල් නෙලාගැනීමට පෙරාතුව අත් සහ අදාළ වට්ටිය සෝදා ගන්න. ගසේ ඇති පරමල්, පෙති කැඩුණ මල් නෙලාගැනීම නොකළ යුතය.

ඒ වගේම නිවසේ පරිභෝජනයෙන් පසුව ඉවත දැමීමට තිබෙන අයිස්ක්‍රීිම්, යෝගට් කෝප්පවලට මල් නෙලීමත් සුදුසු නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජාකරන මේ මල් නෙලාගැනීමට ඉඳුල් භාජන කිසිසේත්ම සුදුසු නැහැ. ඔබට ඒ වෙනුවෙන් වට්ටියක් නැත්නම් අඩුම වශයෙන් කෙසෙල් කොළයක් හෝ වෙනත් ශාක පත්‍රයක් ගන්න.

මැලවුණ, තැලුණ මල් හැර හොඳ මල් වට්ටියක හෝ මලසුන මත තැන්පත් කරන්න. අනතුරුව පහන් දල්වන්න. ඉතා ගෞරවයෙන් ගාථා සජ්ජායනා කරන්න. බුද්ධ පූජාව ආසන මත තැන්පත්කොට දොහොත් මුදුන් කරමින් ජීවමාන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ වැඩසිටින සේකැයි සිතා ආදර ගෞරවයෙන් තෙරුවන් වන්දනා කරන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු සධාතුක ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේට දන්දීමක් හා සමාන බැව් මජ්ජිම නිකාය අට්ඨකථාවේ දක්ඛිණ විභංග සුත්‍ර වර්ණනාවේ සඳහන් වෙනවා.

ඒ වගේම ගාථා සජ්ජායනා කිරීමේදී නිවැරදි උච්චාරණ සහිතව තේරුම් දැනගෙන ගායනා කිරීමෙන් වැඩි ආනිශංස ලැබෙනු ඇත. තෙරුවන් ගුණ වචනයෙන් කීමත් ආනිශංසය.ඒ වගේම වන්දනා කිරීමෙන් පසුව ගිනිපෙට්ටි, හඳුන්කුරු, කඩදාසි පොලිතින් තැන තැන නොදමා අපද්‍රව්‍ය දමන භාජන තුළට දමන්න.

ඇතැම් කෙනෙක් තම නොදැනීම නිසා ත්‍රිවිධ චෛත්‍යන්ට පිටු පා ඡායාරූප ගනිති. එය සුදුසු නැහැ. ඡායාරූප ගන්නා විට පූජනීය ස්ථානවලට අගෞරවයක් නොවන ලෙස ත්‍රිවිධ චෛත්‍යන්ට පිටු නොපා හෝ චෛත්‍ය මළු, බෝ මළු ආදියෙන් ඉවත් වී ඡායාරූප ගැනීම වැදගත්. ඒ නිසා ලක්දිව හෝ ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි විදේශ රටක හෝ ත්‍රිවිධ චෛත්‍ය වන්දනාවට යන ඔබ බලවත් ගෞරවයෙන් එය සිදුකර ගන්නේ නම් කාමාවචර කුසලයක් සිදුකර ගැනීමට හැකි වෙනවා.

ඒ වගේම ද්වේශ සහගතව ත්‍රිවිධ චෛත්‍යන් විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට ආනන්තරිය ( අනතුරු ජීවිතයේ විපාක විඳීමට ) අකුසල කර්මයක් හා සමාන බලවත් අකුසලයක් සිදුවන බව මජ්ජිම නිකායේ බහුධාතුක සුත්‍රයේ සඳහන් වෙනවා.

ඒ නිසා ත්‍රිවිධ චෛත්‍යන් වහන්සේලාට දැන දැන හානිවන ආකරයට කටයුතු නොකොට ත්‍රිවිධ චෛත්‍යන් වහ්නසේලා ඉදිකර වීමෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් රැක ගැනීමෙන් සහ වත්පිළිවෙත් කර පිරිසිදු කිරීමෙන් ස්වර්ග මෝක්ෂ සැප සම්පත් ලැබේ. එමෙන්ම ත්‍රිවිධ චෛත්‍යන් වහන්සේලා ගෞරවයෙන් වන්දනා කිරීමෙන් සසර ගමන කෙටි කරගැනීමට හැකි බැව් සත්පුරුෂයන් විසින් අදිටන් කර ගත යුතුය.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: ධාතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?