නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගැබ් ගැනීමත් අත්භූත වෙන කාලයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගැබ් ගැනීමත් අත්භූත වෙන කාලයක්

Published July 29, 2024

විවාහක කාන්තාවක් තමන්ගේ සාමාන්‍ය ඔසප්වීම ප්‍රමාද වීමත් සමග එය ගැබ් ගැනීමේ පූර්ව නිමිත්තක් ලෙසින් වෛද්‍යවරුන් සලකනවා. එයින් අනතුරුව ලබා ගන්නා මුත්‍රා පරීක්ෂණ වාර්තාවකින් ඇගේ ගර්භණීත්වය තහවුරු වෙනවා. කාන්තාවක් ගැබ් ගැනීම සම්බන්ධයෙන් සිදු වෙන සාමාන්‍ය ක්‍රියාවලිය එයයි.

අද්භුත ගැබ් ගැනීම යනු කුමක්ද…?

සමහර අවස්ථාවලදී කාන්තාවන් ගැබ් ගැනීම ප්‍රමාද කරන අවස්ථාවන් තිබෙනවා. එවැනි ප්‍රමාද කිරීමක් පිළිබඳව තමන්ට උපරිම සහතිකයක් තිබියදී ඒ කාන්තාව ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතා සරලව කිවහොත් ඇය දරු ප්‍රසුතියට ආසන්න වනතුරුම තමා ගැබ්ගෙන ඇති බව නොදනී. අද්භූත ගැබ් ගැනීමකට පත් බොහෝ කාන්තාවන් සති 20 කට පමණ පසුව තමා ගැබ් ගෙන ඇති බව වටහා ගන්නවා.

එහෙත් සමහර අද්භූත ගැබ් ගැනීම්වලදී සති 40 පුරාවටම තමා ගැබ්ගෙන ඇති බැව් නොදන්නා ගර්භණී කාන්තාවන් සිටිනවා. ඒ වගේම ඔවුන් තමන්ට හදිසියේ ඇති වන (උදාහරණ ලෙස ශ්‍රෝණි ප්‍රදේශයේ) වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවකදී ඔවුන් ගැබ් ගෙන ඇති බැව් වෛද්‍යවරුන් විසින් සඳහන් කරනවා. සාමාන්‍යයෙන් දරු උපත් 2500 කට එකක් පමණ අද්භූත දරු උපතක් විය හැකියි.

එක්සත් රාජධානියේ පමණක් වසරකට මෙවැනි දරු උපත් 300 ක් පමණ සිදු වෙන බවට සංඛ්‍යාලේඛන මගින් තහවුරු වී තිබෙනවා. ඒ වගේම ගැබ් ගැනීම් 475 කින් 1 ක් පමණ ගර්භණීත්වයෙන් සති 20 ක් පමණ යන තෙක් තමා ගර්භණී බවට නිමිති නොපෙන්වනු ඇත. මේ තත්ත්වය Cryptic pregnancy එහෙම නැත්නම් ව්‍යාජ ගැබ් ගැනීමක් ලෙසින් හැඳින්වෙනවා.

මේ තත්ත්වය විරලයි…

ලන්ඩනයේ සවුත් බෑන්ක් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සේවා පිලිබඳ මහාචාර්ය ඇලිසන් ලියරි සඳහන් කරන අන්දමට මේ තත්වය ඉතා විරලයි. කළු ජාතික කාන්තාවන්ට මේ සඳහා වැඩි සම්භාව්‍යතාවයක් තිබෙන බවත් මහාචාර්ය ඇලිසන් සඳහන් කරනවා.තවානා රියර් මෙම අත්දැකීමට මුහුණ දුන් තවත් එක් කාන්තාවක්. ඇයගේ වෛද්‍යවරයා විසින් තවානා ගැබ් ගෙන ඇති බැව් සඳහන් කළත් ඇය වෛද්‍යවරයාගේ නිගමනය දැඩි සේ ප්‍රතික්ෂෙප කළාය.

නමුත් එතැන් සිට සති හතරකුත් දින හතරක් ගෙවුන තැන ඇය තම දරුවා ප්‍රසුත කළාය. මේ ගැන තමාගේ අදහස් දක්වන තවානා.මම ගැබ් ගත් බවට වෛද්‍යවරයා කිව්වාම මම මවිතයට පත් වුණා. පුදුමාකාර පීඩනයක් දැණුනා. කිසි කෙනෙක් මට උපදෙස් දුන්නේ නැහැ. වෛද්‍යවරයාගේ තීරණය ලද අවස්ථාවේ පටන් මම මානසික පීඩනයෙන් කාලය ගත කළා.

ඒ නිසාම දරුවා ලැබීමෙන් පසුවත් මම පශ්චාත් ප්‍රසව මානසික අවපීඩන තත්ත්වයට පත් වුණා… ඒ අවස්ථාවේ මම මුහුණ දුන් මානසික තත්ත්වය තවත් කාන්තාවක් විඳින්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම මගේ අත්දැකීම් ඔන්ලයින් වීඩියෝවක් ඔස්සේ බෙදා හැරියා. මේ වන විට 4000 ක් පමණ දෙනා එම වීඩියෝව නරඹා තිබෙනවා.

ඊට අමතරව මව්වරුන් වෙනුවෙන් “ පොඩ්කාස්ට් ” වැඩසටහනක්ද ඇය විසින් ආරම්භ කර තිබෙනවා.මේ ගැන තව දුරටත් ඇය මෙසේ අදහස් දක්වනවා. මගේ උකුල අස්ථියේ පිහිටීම නිසා දරුවාගේ පිහිටීම වෙනස්. ඒ නිසා දරුවාගේ තට්ටම හෝ කකුල් එළියට එන සේ පිහිටනවා. මේ නිසා මගේ දරුවා උඩ යට මාරු වී පිහිටා ඇතැයි මම බිය වුණා.

මේ තත්ත්වයට පත් වීමට වැඩි අවදානමක් ඇති කාන්තාවන් කවුද…?

ස්ටර්ලිං විශ්ව විද්‍යාලයේ වින්නඹුභාවය පිලිබඳ මහාචාර්ය හෙලන් උය් සඳහන් කරන අන්දමට ඕනෑම කාන්තාවක් අද්භුත ගැබ් ගැනීමේ තත්ත්වයට පත් වීමට ඉඩ තිබෙනවා. ඒ අතරින් වැඩි අවදානමක් ඇති කාන්තාවන් මෙසේය.

අක්‍රමවත් ඔසප් වීම හෝ ඔසප් වීම සිදු නොවන කාන්තාවන්

මෑතක දරුවන් ප්‍රසුත කළ කාන්තාවන් PCOS (polycystic ovary syndrome)රෝග තත්ත්වය ඇති කාන්තාවන් මෙම කාන්තාවන්ට ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා ඔසප් වීම මග හැරුනත් ඔවුන් එය සාමාන්‍ය දෙයක් ලෙස සිතීම

උපත්පාලන ක්‍රම භාවිත කරන කාන්තවන්- උපත් පාලන ක්‍රම භාවිත කරන කාන්තාවන් තමන් ගැබ් ගැනීමෙන් ආරක්ෂිත යැයි සිතුවත, උපත් පාලන ක්‍රම නිවරැදිව භාවිත කළත් ඒවා අසාර්ථක වීමට අවස්ථාව තිබෙනවා.

Perimenopause හෙවත් ඔසප් ආර්තවහරණයට ආසන්න කාන්තාවන් තමන් ගැබ් ගැනීමේ වයස වැඩි යැයි සිතුවත් ඔවුන්ට අද්භුත ගැබ් ගැනීමේ අවදානමක් තිබෙනවා.

මෙතෙක් ගැබ් නොගත් කන්තාවක්- බොහෝ විට පළමු ගැබ් ගැනීමේ කාන්තාවන්ට ඒ අත්දැකීම නොමැති වීම.


අද්භුත ගැබ් ගැනීමට හේතු මොනවාද… ?

මුත්‍රා පරීක්ෂණ වාර්තාවේ වැරදි ගැබ් ගැනීමේදී ඇති වන රෝග ලක්ෂණ නොදැනීම රෝග ලක්ෂණ තිබුනත් ( ඔක්කාරය, වමනය, හිසරදය වැනි ) ඒවා නොසලකා හැරීම අද්භුත ගැබ් ගැනීමක් සිදු වුන කාන්තාවකට ඔසප් වීමක් සිදු නොවන අතර ඒ තත්වය තමාගේ පෙර අත්දැකීම් සමග සංසන්දනය කරමින් ගැබ් ගැනීමට හැකියාවක් නැතැයි සිතීම ඔබ ගැබ් ගෙන ඇති බවට සැකයක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. මෙහිදී පහත සඳහන් වාර්තා ලබා ගැනීම සිදු වේ.

  • රුධිර සහ මුත්‍රා පරීක්ෂණ
  • ඔබේ ශරීර බර වැඩි වීම
  • අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ
  • ශාරීරික පරීක්ෂණ

අද්භුත ගැබ් ගැනීමේ සංකුලතා මොනවාද…?

කාන්තාවක් ගැබ් ගැනීමේ පටන් කායික ලෙසින් මෙන්ම මානසික සුවතාවයකින් කාලය ගත කිරීම ඉතාම වැදගත්. නමුත් ඇය මේ බැව් නොසලකා සිටීම නිසා දරු කළලයට අවශ්‍ය පෝෂණය හා ආරක්ෂාව අහිමි වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරන තෙක් කාලය ගෙවීම නිසා ගර්භණීත්වයේදී සිදු වන අතපසු වීම් නිසා දරු ප්‍රසුතියේ යම් යම් අවදානම් තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබෙනවා.

නමුත් මෙම ගැබ් ගැනීම සැබවින්ම අද්භුත නැහැ. එකම ප්‍රශ්නය මේ ගැන ඇති නොදැණුවත්බවයි. ඒ නිසා තමන්ගේ ශාරීරික සහ ලිංගික සෞඛ්‍ය පිළිබඳව බාල කාලයේ පටන් දැණුවත්ව සිටීම ඉතාම වැදගත්.

බී.බී.සී පුවත් සහ ක්වින්ලන් සායනික වාර්තා ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: ගැබ් ගැනීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?