නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බොලිවුඩ් Action King සර්කස් කණ්ඩායමක
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බොලිවුඩ් Action King සර්කස් කණ්ඩායමක

Published July 22, 2024

විද්‍යුත් ජැම්වල් කියන්නෙ Bollywood වල ඉන්න හොඳම ක්‍රියාදාම නළුවෙක්. Anjaan චිත්‍රපටිය හරහා සැමගේ ආදරය දිනාගත් විද්‍යුත් ලෝකය පුරා කතාබහට දක්වන්නේ කමාන්ඩෝ චිත්‍රපටියත් සමගයි. වෙනත් නළුවන් මෙන් නොව කිසිදු ආදේශකයෙක් භාවිත නොකර ක්‍රියාදාම කිරීම මොහුගේ විශේෂත්වය වන අතර ඔහු ක්‍රියාදාම ජවනිකා රඟපෑමේදී කේබල් පවා භාවිත නොකරන බව මේ වනවිටත් ප්‍රසිද්ධ රහසක්. මේ නිසාම ඔහුට කියන්නේ බොලිවුඩ් ඇක්ෂන් කිං කියලා.

කෙසේ වෙතත් මේ වනවිට විද්‍යුත් බංකොලොත් අයකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු කෙතරම් දක්ෂ නළුවෙක් වුණත් ඔහුගේ බොහොමයක් චිත්‍රපට අසාර්ථක වී තිබෙනවා.

මෑතකදී ඉන්දියානු රුපියල් කෝටි හතළිස් පහක් වියදමින් නිර්මාණය කරනු ලැබු CRAKK චිත්‍රපටයේද ඔහු අසාර්ථක වී තිබෙනවා. ඒ නිසා තමාට විශාල පාඩුවක් සිදුවූ බව ඔහුම ප්‍රසිද්ධ මාධ්‍යයක කියා සිටිනවා.

මේ පාඩුව පියවා ගැනීම සඳහා විද්‍යුත් ප්‍රංශ සර්කස් කණ්ඩායමකට බැඳිලා තියෙනවා. චිත්‍රපටිය අසාර්ථකවීම නිසා සිදුවූ මානසික අවපීඩනය අවම කරගන්නත් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නත් සර්කස් කණ්ඩායමට බැඳුණු බවයි විද්‍යුත්ගේ නෑදෑ හිත මිතුරන් නම් පවසන්නේ.

කෙසේ වෙතත් විද්‍යුත් සති දෙකක කාලයක් සර්කස් කණ්ඩායම සමග සිට ඇති අතර ඔහුගේ පාඩුවත් පියවාගත් බවයි ආරංචි. තමන් ඉදිරියේදී නැවතත් සුපුරුදු ලෙසින් චිත්‍රපට සමග සම්බන්ධ වෙන බව ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?