නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නින්දෙන් ගොරවන අයට ඖෂධයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නින්දෙන් ගොරවන අයට ඖෂධයක්

Published July 8, 2024

AD109 ගැන දැනගන්න.

නින්දෙන් ගෙරවීම නිසා ඇතිවන මේ රෝග තත්ත්වය ගැන ඒ පුද්ගලයාවත් නොදන්නා තරමටම රෝග ලක්ෂණ නැහැ. අපි නින්දේදී හුස්ම ගන්නවා. මේ හුස්ම මුඛයේ සිට පෙනහළු දක්වා ගමන් කරනවා. මේ ගමන් මාර්ගය අවහිර වුණාම ඔක්සිජන් ලැබීම අඩපණවීම නිසා මොළය විසින් පණිවිඩ ලැබී පුද්ගලයාගේ නින්දට බාධා ඇති වී අවදි වෙනවා. මෙම නිද්‍රා ශ්වසන අවහිරතාවය දෙයාකාර විදිහකට සිදු වෙනවා.

උගුරේ පිටුපස ඇති මාංශ පේශි ලිහිල්වීම නිසා ශ්වසන මාර්ගයේ තාවකාලිකව ඇති වන අවහිරතාවය – Obstructive Sleep Apnea මොළය මගින් ශ්වසනය සඳහා ලබාදෙන පණිවිඩය නිසි පරිදි ලබා නොදීම නිසා ඇතිවන Centrel Sleep Apnea මේ රෝග තත්ත්වයට විකල්පයක් ලෙසින් එක්සත් ජනපදයේ අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. එක්සත් ජනපදයේ පමණක් “ Obstructive Sleep Apnea ” අපහසුතාවයෙන් පීඩාවට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 ක් බැව් වාර්තා වෙනවා.

මෙම නින්දෙන් ගොරවන පුද්ගලයන් සමඟ එකම නිදි යහන පමණක් නොව, කාමරයවත් බෙදා ගැනීම පහසු නැහැ. සමහර අවස්ථවන්හිදී දරා ගැනීමට අපහසු ගෙරවීම නිසා පවුල් ආරවුල්, දික්කසාදයන් පවා ඇති වී තිබෙනවා. එහෙත් තවමත් නින්දෙන් ගොරවන පුද්ගලයින් වෙනුවෙන් සාර්ථක විකල්ප ඖෂධීය ප්‍රතිකාර හඳුනාගෙන නැහැ. නින්ද පිළිබඳව සිදු කරන ලද විවිධ විද්‍යාත්මක අධ්‍යනයන් මඟින් පවා පෙන්වා දෙන අන්දමට නින්ද අපේ ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීමට ඉතාම වැදගත්.

සුවදායක නින්දක් අවශ්‍ය ඇයි…?

බොහෝ දෙනෙක් දිනකට පැය 7 සිට 9 අතර වේලාවක් නින්දක් ගැන අපේක්ෂා කරන අතර ඇමරිකාවේ ජාතික නින්ද පිලිබඳ පදනම සඳහන් කරන අන්දමට ඇමරිකා එක්සත් ජනපදයේ සේවක පිරිස් දිනකට පැය හයකටත් අඩුවෙන් ලබන නින්ද නිසා අද එරට ඵලදායිතාවය බෙහෙවින් පහළ ගොස් ඇති බව පෙන්වා දෙනවා.ස්මරණය සහ මතකය පවත්වා ගැනීමට

  • ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට
  • බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට
  • මානසික සෞඛ්‍ය යහපත් ලෙසින් පවත්වා ගැනීමට
  • උද්වේග බුද්ධිය emotional intelligence වෙනුවෙන්

දැනට තිබෙන ප්‍රතිකාර මොනවාද…?

ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ විශේෂඥ මහාචාර්ය ජේඩිප් රේ සඳහන් කරන අන්දමට නින්ද පිළිබඳ ගැටළු ඇති රෝගීන් වෙනුවෙන් සිදු කරන “ Sleep study ” පරීක්ෂණය මගින් ශ්වසන අවහිරතාවයන් ඇති වීමට බලපාන හේතු හඳුනා ගෙන එක් එක් පුද්ගලයාගේ නින්දේදී ඇතිවන ශ්වසන ගැටළුවලට ප්‍රතිකාර ලබා දීමට පුළුවනි.

නිද්‍රා ශ්වසන අවහිරතාවය ඇති රෝගීන් වෙනුවෙන් දැනට ලබා දෙන CPAP (continuous positive airway pressure ) ප්‍රතිකාරවලදී රෝගියාට මුඛ ආවරණයක් තුලින් වායු ධාරාවක් ගමන් කිරීමට සලස්වා ශ්වසන මාර්ගයේ අවහිරතාවයන් නැති කිරීම සිදු වුණත් බොහෝ රෝගීන් බාහිරව පළඳින මෙම උපකරණය ගැන එතරම් කැමැත්තක් නැහැ.

ඔවුන්ට මෙම උපාංගය පැළඳ ගෙන නිදා ගැනීම අපහසු බව රෝගීන්ගෙන් 70% ක් පමණ දෙනා සඳහන් කර තිබුණා.ඒ නිසාම විකල්ප විසඳුමක් වෙනුවෙන් තමන් කැමැති බැව් මෙම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වුණා. මෙම සමීක්ෂණ වාර්තාවත් BMC Pulmonary Medicine මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

AD109 ඖෂධය

මෙම අසහනකාරී තත්ත්වයට විකල්ප විසඳුම් සෙවීමට පර්යේෂකයන්ගේ උනන්දුව ඇති වුණා. නින්දෙන් හුස්ම හිරවීම ඇති ( Obstructive Sleep Apnea) පුද්ගලයින් 211 දෙනෙක් තෝරා ගෙන ඔවුන්ගෙන් එක් කණ්ඩායමකට AD109 යනුවෙන් හැඳින්වෙන ඖෂධය ලබා දුන්නා. අනෙක් කණ්ඩායමට ව්‍යාජ ඖෂධ ලබා දුන්නා.

සති හතරකින් පසුව සිරුරට සවි කරන ලද සංවේදක මඟින් මොළයේ තරංග, ඔක්සිජන් මට්ටම, හෘද ස්පන්දන වේගය සහ නින්දේදී හුස්ම ගැනීමේ වේගය ගැන ගණනය කළා.

සති 4 ක් AD109 ඖෂධය ගැනීම සමග මෙම රෝගීන්ගේ රෝග ලක්ෂණ 44% කින් අඩු වී තිබුණා. පර්යේෂකයන් විසින් මෙම අධ්‍යන වාර්තාව American Journal of Respiratory and Critical Care Medicine මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම AD109 ඖෂධය ලබා ගැනීමට පෙරාතුව Obstructive Sleep Apnea සහිත පුද්ගලයන්ට පැයකට 45 වතාවක් පමණ නින්දට බාධා වුණත්, මෙම ඖෂධය ලබා ගැනීමෙන් පසුව මෙම බාධාවීම 10 වතාවකට සීමා වී තිබුණා. එය ඉතාම සතුටුදායක තත්ත්වයක් බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. එය අප අපේක්ෂා නොකළ වාර්තාවක්.

අතුරු අපහසුතාවයන් මොනවාද… ?

ඖෂධය ලබාගත් පුද්ගලයන්ට අතුරු අපහසුතාවයන් දකින්න ලැබී නැහැ. නින්ද නොයන රාත්‍රියකින් පසුවදාට දැනෙන තරමටවත් අපහසුතාවයක් තමන්ට නොදැණුන බැව් ඔවුන් සඳහන් කරනවා. යම් අපහසුතාවයක් ඇති වූවා නම් ඒ තොල කට වියලීම පමණක් බවටත් වාර්තා වෙනවා.

කෙසේ හෝ වේවා AD109 කියන්නේ නින්දෙන් ගොරවන පුද්ගලයින්ට ඉතාම හොඳ විකල්පයක්. අපි මේ මූලික අධ්‍යනය මෙතැනින් අවසන් කරන්නේ නැහැ. රෝගීන් 1500 ක් සම්බන්ධ කර ගනිමින් දෙවැනි අදියරත් නුදුරේදීම සිදු කරනවා. එතැනින් පසුව ගොරවනවා නම් – AD109 යන විසඳුම නිර්දේශ කරන දිනයක් උදා වෙන බව මහාචාර්ය ජේඩිප් රේ සඳහන් කරනවා.

Mail on line ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: නින්ද
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad2
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?