නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලක්මව රනින් සරසන්නට ඔලිම්පික් වරම් හොයන තරුෂි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලක්මව රනින් සරසන්නට ඔලිම්පික් වරම් හොයන තරුෂි

Published July 1, 2024

පසුගියදාක ස්පාඤ්ඤයේ පැවැත්වුණු ආරාධිත මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 600 තරග ඉසව්වෙන් නව ආසියානු වාර්තාවකට තරුෂි හිමිකම් කිව්වේ විනාඩි 01.24.84කින් තරගය නිමාකර එම ඉසව්වෙන් ආසියාවේ හොඳම කාලය සටහන් කරමිනුයි. දිගින් දිගටම මේ පුංචි දුවන්නී ලබාගන්න ජයග්‍රහණ නිසාම ක්‍රීඩාවට ඇලුම් කරන අපේ රටේ මිනිස්සු ඉන්නේ පුදුමාකාර බලාපොරොත්තුවකින්. ඒ ඇය මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනාදෙනු ඇතැයි කියායි. මෙවර ඔලිම්පික් තරගාවලිය ජුලි මස 26 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබුණත් තරුෂි ඒ වෙනුවෙන් සුදුසුකම් ලබාවිද නැද්ද කියලනම් තවමත් අපට කියන්න බෑ. ඔලිම්පික් ගියා හෝ නැතා තරුෂි කියන්නේ අපේ රටේ නම ලෝකෙ ඉහළින්ම තියන්න ජාතියේ පිනකට බිහිවුණ කෙනෙක් නිසා ඇය අපිට මිල කළ නොහැකියි..

තරුෂි පහුගිය දවස්වල තිබුණ තරගය ගැන අපි මුලින්ම කතා කරමුද?

මාසෙකට විතර උඩදි තිබුණ තායිවාන විවෘත මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වෙන් මං රන් පදක්කමක් ලබාගත්තා. ඒ තප්පර 5.24.8කින් තරගය ඉවර කරලා. ඒ තරගයෙම මීටර් 800 තරග ඉසව්ව වෙනුවෙනුත් විනාඩි 2.05.74කින් ඉවර කරලා රන් පදක්කමක් දිනාගත්තා.

තරුෂිගේ අම්මා කිව්වා තරගයක් ඉවර වුණ හැටියේ මොන රටක හිටියත් අම්මලට කතා කරන එක තරුෂිගේ පුරුද්දක් කියලා

ඔව්. එයාලා තමයි මගේ ජීවිතේ ලොකුම ශක්තිය. ඉතින් තරගයක් දින්නත් පැරදුනත් මම තරගය ඉවර වෙලා වෙලාවක් හම්බුණ ගමන් අම්මලට කෝල් එකක් අරන් අහනවා තරගය බැලුවද කියලා.

ඔලිම්පික් ඉලක්ක කරගෙන තිබුණ රේස් දෙකක් තරුෂිට මගහැරුණා නේද? ඒ ඇයි?

ඔව්. පළවෙනි තරගය තිබුණේ ඩුබායිවල. නමුත් මට තරගය තියෙන තැනට පැය 14ක විතර කාලයක් ට්‍රැවල් කරන්න තිබුණා. ඊට අමතරව එයාර්පෝට් එකෙත් ඉන්න වුණා. මේ දේවල් නිසා මට ඩුබායි තිබුණ රේස් එකට සහභාගි වෙන්න කාලෙ මදි වුණා. ඉතින් ඒක හොඳ පාඩමක් වුණා. ඒ නිසා ඊළඟ තරගෙ තිබුණ ජපානෙට මම සහ කෝච් කල් ඇතුව ගියත් හදිස්සියෙම මං හොඳටම අසනීප වුණා.

ඒ නිසා මට දෙවෙනි තරගෙත් මිස් වුණා.ඊටපස්සෙ තරගෙ තිබුණේ තායිවානේ. ඒ තරගය නම් මම හොඳට කළා. ඒත් තරගය අතරතුරේ වැස්සා. ඒ නිසා හිතන් හිටපු කාලය සටහන් තරගෙන තරගය ඉවර කරන්න බැරි වුණා.

ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් උඩට එන්නත් තරුෂිට පුළුවන් වුණා

ඔව්. මේ තරග කිහිපයෙන් පස්සෙ ස්පාඤ්ඤයේ තිබුණ Bilbao Reunion මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 600 ඉසව්වෙන් පස්සෙ ශේණිගත කිරීම්වලින් ඉහළට එන්න මට පුළුවන් වුණා. මම හිටියේ 65 වන ස්ථානයේ. දැන් ඉන්නෙ 47 වන ස්ථානයේ.

ඒත් ඔලිම්පික් නියෝජනය කරන්න මීටර් 800 ඉසව්වේ ලෝක ශේණිගත කිරීම්වල පළමු 45 දෙනයි තෝරගන්නේ. ඉතුරු තුන්දෙනාට වයිල්කාඩ් ක්‍රමයට තමයි අවස්ථාව දෙන්නේ. මේ සතියේ පැවැත්වෙනවා ජාතික මලල ක්‍රීඩා තරගාවලිය. ඒකේදි මට හොඳ කාලයක් අරන් තරගය අවස්ථාව ලැබුණොත් චාන්ස් එකක් ලැබේවි.

ඇමෙරිකාවෙන් තරුෂිට ලැබුණු ශිෂ්‍යත්වය ගැනත් සඳහනක් කරමු

ඇමෙරිකාවේ යුනිවර්සිටි එකකින් ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරන් යනවා. මේ අවුරුද්දෙ අග වෙද්දි මම එහෙට යන්න හිතන් ඉන්නවා. නමුත් වීසා වැඩ එහෙම පරක්කු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන තවම හරියට කියන්න බෑ.පුංචි කාලෙ තරුෂිව දැකපු ගමන් වර්තමානයේ ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු කිව්වෙ “මෙයා නම් අනිවාර්යයෙන් ගේමක් ගහන කෙල්ලෙක්” කියලලු. මට මේ කතාව මාස කීපෙකට කලින් කිව්වේ තරුෂිගේ අම්මා වන නිලූෂිකා දිල්රුක්ෂි.

“සුසන්ත සර් ක්‍රිස්තියානි ආගමේ. ඔහු යාඤ්ඤා කළෙත් දුව වෙනුවෙන්. මගේ ළමයි දෙන්නා මේ තැනට ගේන්න කැපකිරීමක් කරපු ඒ වගේ මනුස්සයෙක් වෙන නෑ.” නිලූෂිකා මහත්මිය එහෙම කිව්වෙ දුවගේ කෝච් ගැන හදවතේ ගැඹුරුම තැන තියෙන වචනවලින්. ඉතින් ඒ නිසාම තරුෂිගේ ආදරණීය කෝච් සර් එක්ක වචන කිහිපයක් කතා නොකර කොහොමද?

කෝච් තරුෂිට ඔලිම්පික් හීනෙට යන්න පුළුවන් කියන විශ්වාසය ඔබට තියෙනවද?

අනිවාර්යයෙන් ඒ විශ්වාසය තියෙනවා. එහෙම හීනයක් නොතිබුණා නම් මෙච්චර දුරක් ආපු එකේ තේරුමක් නැති වෙනවා. තරුෂි අනවශ්‍ය පීඩනයකින් තරග කරන දරුවෙක් නෙවේ. තරුෂිට ඔලිම්පික් තරගාවලියට යන්න ලොකු අවස්ථාවක් තියෙනවා. නමුත් මේ ජුනි 30 වැනිදා තියෙන ට්‍රයල් තරග දෙක වෙනකම් ඔලිම්පික් එකට තේරීම ගැන කියන්න බැහැ. අපි මුල ඉඳන්ම උත්සාහ කළේ රෑන්ක් එක ඇතුළට එන්න.

තරුෂිගේ පුහුණුකරු විදිහට මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම අපි මෙච්චර කාලයක් ආපු මේ ගමන ලේසියෙන් ආපු ගමනක් නොවෙයි. අම්මා තරුෂිව මං ගාවට අරගෙන එද්දි එයාට අවුරුදු 12ක් විතර. මට ඇයව දැකපු පළමු මොහොතෙම හිතුණා ඇයට ලොකු දුරක් මළල ක්‍රීඩාවෙන් යන්න පුළුවන් කියලා. මම මුලින්ම කළේ ඇයගේදක්ෂතාව පරික්ෂා කරලා ඇයට තරග වැදිය හැකි ඉසව් මොනවාද කියා හඳුනාගෙන පියවරෙන් පියවර ඇගේ දක්ෂතා දියුණු කරපු එක. එහෙම තමයි අපි මෙච්චර දුරක් ආවේ.

තරුෂි කියන්නෙ අපේ රටේ වාසනාව. රටේ මළල ක්‍රීඩාවේ අනාගතය. හෙමින් හෙමින් කටු පඳුරු, ගල්වැටි අස්සෙන් තරුෂි මේ එන ගමන සම්පූර්ණ වෙන්න ඇයට ඔලිම්පික් වරම් ලැබෙන්නම ඕනේ. ඉතින් තරුෂිට ලක් මව ඔලිම්පික් පදක්කමකින් සරසන්නට ලැබේවායි නවලිය අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

එරංදි කෞශල්‍යා ✍️






















 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?