නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇමරිකා එක්සත් ජනපදයේ National Consumer Survey කියන අල පෙතිවල නොදකින පැත්ත
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඇමරිකා එක්සත් ජනපදයේ National Consumer Survey කියන අල පෙතිවල නොදකින පැත්ත

Published July 1, 2024

Potato chips කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් පරිභෝජනය කරන snacks වර්ගයයි. ඇමරිකා එක්සත් ජනපදයේ National Consumer Survey (NHCS) වාර්තාවට අනුව 2011 වසරේ සිට 2020 වසර දක්වා පොටේටෝ චිප්ස් මිලියන 287. 37 ක් පරිභෝජනය කර තිබෙනවා. මෙම සංඛ්‍යාව 2024 වසර වනවිට මිලියන 292.95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ක්‍රිස්පි ගතියෙන් යුක්ත පොටේටෝ චිප්ස් එහෙම නැත්නම් අල පෙති තීරු කන්න ලොකු කුඩා කවුරුත් කැමැත්තක් දක්වනවා. නමුත් අල පෙතිවල අප නොදකින පැත්තක් ගැනත් දැන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

අධි රුධි පීඩනය

අල පෙතිවල සෝඩියම් ඉහළ ප්‍රතිශතයක් තිබෙනවා. මේ නිසා දැනට අධි රුධි පීඩනය රෝග තත්ත්වයෙන් පසු නොවන පුද්ගලයෙක් වුණත් ප්‍රමාණයට වඩා අර්තාපල් අල පෙති ආහාරයට ගැනීම නිසා අධි රුධිර පීඩනය ඇති වීමට තිබෙන අවදානම ඉහළ යන බැව් හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම පෝෂණවේදීන් පෙන්වා දෙන අන්දමට අල පෙති තීරුවල ඇති සෝඩියම්, රස කිරීම වෙනුවෙන් යොදා ගන්නා රස කාරක, සහ වර්ණ කාරක මගින් එකතුවන රසායනික සංයුතිය නිසා පිළිකා ඇති වීමේ අවදානම වැඩි වීමටත් ඉඩ තිබෙනවා.

කොටින්ම අපි සිගරැට්ටුවක් පානය කිරීම නිසා සිරුරට පිළිකා කාරක සංයෝග එකතු වෙනවා. ඔබ නොදැන සිටියත් අර්තාපල් අල පෙති තීරු මල්ලක් අනුභව කිරීමෙන් ඔබට ඇති වෙන හානිය සිගරට්ටුවක් බීමට සමාන බවත් දැන් පර්යේෂකයන්ගේ පිළිගැනීම වී තිබෙනවා.

හදවත් ආශ්‍රිත රෝග…

හදවත් රෝග පිළිබඳ අවදානම දැන් තරුණ මහළු යැයි වෙනසක් නැහැ. Science Daily සගරාව මගින් 2009 වසරේදී අර්තාපල් අල පෙති තීරු සහ හදවත් රෝග අතර පවතින අන්තර් සම්බන්ධතාවය මුල් කර ගෙන අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.

එහිදී ලබාගත් දත්ත විශ්ලේෂණයන්ට අනුව අර්තාපල් අල පෙති තීරු සහ හදවත් රෝග වැළඳීමට සමීප සම්බන්ධතාවයක් ඇති බව තහවුරු වුණා. මේ අධ්‍යන වාර්තාව National Library of Medicine මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Stroke හෙවත් ආඝාත තත්ත්වය අපට නිතරම ඇසෙන රෝග තත්ත්වයක්. ආඝාත රෝග තත්ත්වය නිසා පුද්ගලයෙකුගේ ජීවිතයේ ගුණාත්මක බව සම්පූර්ණයෙන්ම අහිමි වීමට පුළුවනි. අර්තාපල් අල පෙති තීරු ප්‍රමාණය ඉක්මවා ආාහරයට ගැනීම නිසා අහිතකර කොලස්ටරෝල් මට්ටම ඉහළ යා හැකියි.

Mayo චිකිත්සාගාරයේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව මෙම ආහාරවල ඇති අධික මේද සංයුතිය නිසා කොලස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ වැඩි අවදානමක් තිබෙනවා. දීර්ඝ කාලයක් අර්තාපල් අල පෙති තීරු පරිභෝජනය කිරීම නිසා ඇති වන ට්‍රාන්ස් මේදය සාජු වශයෙන්ම ආඝාත රෝග තත්ත්වයට හේතු වෙන බැව් සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබෙනවා.

තරබාරුවට…

අර්තාපල් අල පෙති තීරු වගේ පිෂ්ට වර්ග ආාහරයට ගැනිමෙන් ශරීරයේ බර වැඩිවීම වගේම තරබාරුවට හේතුවක් බැව් අපි දන්නවා. මේ තත්වය සමග අර්තාපල් අල පෙති තීරු කොතරම් සම්බන්ධතාවයක් දක්වනවාදැයි වූ අධ්‍යනයක් හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරනු ලැබුවා.

මෙම අල තීරු අධික ලුණු රසයකින් යුක්තයි. අපි මේ රසයට ඇබ්බැහි වෙනවා. ඒ නිසා අධික ලෙසින් අල පෙති තීරු ආහාරයට ගැනීමට යොමු වෙනවා. මේ අධ්‍යන වාර්තාවට අනුව අල පෙති සහ ශරීර බර වැඩිවීම අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති බැව් පැහැදිළි ලෙසින්ම තහවුරු වුණා.

මානසික සෞඛ්‍ය..

අද බොහෝ දෙනෙක් විවිධ මානසික ගැටළුවලින් පීඩාවට පත්ව සිටිනවා. නීරෝගී මානසිකත්වයක් ඔවුන්ට නැහැ. National Library of Medicine අනුව පමණට වඩා අර්තාපල් අල තීරු පෙති පරිභෝජනය කිරීම නිසා මානසික අවපීඩනය වැනි රෝග තත්වයන් ඇති වීමට වැඩි අවදානමක් තිබෙනවා.

මද සරු බව…

අද පරම්පරාවන් අතර මද සරු බව ඉතාම සුලබයි. දරුවෙකු පිළිසිඳ ගැනීම පිලිබඳව ඇති ගැටලු නිසාම ඔවුන් මානසිකවත් පීඩාවට පත් වෙනවා. සමාජයෙන් ගැරහුම් ලබනවා. ඒ නිසා කට ප්‍රවේසම් කර ගත්තොත් ඔවුන්ට අනාගතයේදී දරුවෙකු පිලිසිඳ ගැනීම පිළිබඳව ගැටළු ඇති වන්නේ නැහැ.

නමුත් ඔබ පමණට වඩා අර්තාපල් අල පෙති තීරු වෙනුවෙන් යොමු වුණොත් අනාගතයේදී මද සරු බව පිළිබඳ ගැටළු ඇති වීමේ අවදානමත් ඔබ ඉදිරියේ තිබෙනවා. එහෙමනම් කටට රසට අර්තාපල් අල පෙති තීරු අනුභව කළත්, එයින් ඇති වන සෞඛ්‍යමය අවදානම ගැනත් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් බැව් අමතක කරන්න එපා.

www.eatthis.com ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️




 

TAGGED: අල පෙති
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නොනවත්වා පැතිරෙන ජපන්ජබර වලට තිත තියන්න ක්‍රමයක්

May 26, 2025

දාලා ගිය අය ගැන ආයේ හිතලා මොකටද?

May 26, 2025

විනාශකාරී රහස් මනසින් තුරන් කරමු

May 26, 2025

අෂ්ඨ දස වේධ දෝෂ ගැන දැනගන්න.

May 26, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?