නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දික්කසාදය කියන තරම් ලෙහෙසි නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දික්කසාදය කියන තරම් ලෙහෙසි නෑ

Published June 24, 2024

අතීතයේ දී අඹුසැමි ආරවුල් පිළිබඳව කියවුණ කතාව තමයි “දෙන්නා දෙමාල්ලන්ගෙ රණ්ඩු බත ඉදෙනකම් විතරයි“ කියන එක. නමුත් ඒ තත්ත්වය වර්තමානය වන විට රණ්ඩු වෙවී ඉන්නවට වඩා දික්කසාද වෙන එක හොඳ බවයි ඇතැම් අයගෙ අදහස. කෙසේ වෙතත් අධිකරණයේ නම් දික්කසාද නඩු සහ නඩත්තු නඩු පැවරීම් ඉතාමත් වේගයෙන් වර්ධනය වෙලා තිබෙනවා. මේ ලිපියෙන් දික්කසාදය හා බැඳුණු නඩත්තු ගෙවීම සම්බන්ධ පුළුල් මාතෘකාව පිළිබඳ පුංචි හැඳින්වීමක් පමණක් සිදු කිරීමයි බලාපොරොත්තුව.

දික්කසාද දීමනාවක් කියන්නේ මොකක්ද?

දික්කසාද දීමනාවක් යනුවෙන් හැඳින්විය හැක්කේ දික්කසාද නඩුවක් පවතින අතරතුරදී හෝ දික්කසාද නඩුවෙන් පසුව නඩුවේ යම් කිසි පාර්ශවයක් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින සහන මත අදාල පාර්ශවය වෙත ගෙවිය යුතු යැයි අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදලක්, දේපලක් හෝ බැඳුම්කරයක් ලෙස හැඳින්විය හැකිය.

දික්කසාද දීමනාවක් යනු කුමක්ද යන්න විමසා බැලීමේදී එය පවත්නා නෛතික ප්‍රතිපාදන අනුව කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 614 වන වගන්තියෙන් තාවකාලික දික්කසාද දීමනා පිළිබඳවත්, 615 වන වගන්තියෙන් ස්ථිර දික්කසාද දීමනා පිළිබඳවත් සඳහන් වෙනවා.

තාවකාලික දික්කසාද දීමනාවක් කියන්නේ මොකක් ද?

මෙහිදී යම් තැනැත්තෙක්, උදාරණ ලෙස භාර්යාව සැමියාගෙන් දික්කසාද නඩුව අතරතුර තාවකාලික දික්කසාද දීමනාවක් ලබාගැනීමේ බලාපොරෙත්තුවෙන් දිසා අධිකරණයට පෙත්සමක් මාර්ගයෙන් ඉල්ලීමක් සිදු කළහොත්, එම පෙත්සමේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වන්නේ නම් නඩු තීන්දුව ලබා දෙනතුරු තාවකාලික දික්කසාද දීමනාවක් භාර්යාවට ගෙවන ලෙස සැමියාට අධිකරණය මගින් නියෝග කළ හැකියි.

කෙසේ නමුත් තාවකාලික දික්කසාද දීමනා කවර අවස්ථාවකදී වූවද ආඥාවේ දිනයට පෙර අවසන් වසර තුන තුළ සැමියාගේ අදායමෙන් පහෙන් එකකට නොඅඩු විය යුතුයි වගේම, නඩුවේ තීන්දු ප්‍රකාශය ලබා දෙන දිනය දක්වා නොකඩවා ගෙවීමද සිදු කළ යුතු වෙනවා.

තාවකාලික දික්කසාද දීමනාව ගන්න පුළුවන් කාටද?

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 614 (2) වන වගන්තියේ සඳහන් වන අන්දමට මෙබඳු ඉල්ලීමක් භාර්යාවකට පමණක් නොවෙයි ස්වාමිපුරුෂයෙකුට වූවත් සිදු කළ හැකියි. නමුත් පනතේ 614(3) වගන්තිය අනුව එවැනි ඉල්ලීමක් සිදු කළ හැක්කේ නඩු කීමේ ගාස්තු දැරීම සඳහා ප්‍රමාණවත් ආදායම් තත්ත්වයක් හෝ වත්කමක් නොමැති විට ඒ සඳහා ප්‍රමාණවත් ආදායම් තත්ත්වයක් ඇති තැනැත්තා විසින් යුක්ති සහගත යැයි අධිකරණය සළකන මුදලක් අදාළ පාර්ශවයට ගෙවිය යුතු බවට නඩුවේ ඕනෑම

අවස්ථාවකදී අධිකරණය විසින් නියෝග කළ හැකියි. මෙම ඉල්ලීම අධිකරණයෙන් සිදු කිරීම සඳහා නඩුව පවරණ තැනැත්තා වීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බවත් කිව යුතුයි. මෙම දීමනාව ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී වැඩි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවක් ද තිබෙනවා.

ස්ථිර දික්කසාද දීමනාව කියන්නේ මොකක්ද?

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 615 වන වගන්තියෙන් මේ සම්බන්ධ ප්‍රතිපාදන දක්වලා තිබෙනවා. අධිකරණය විසින් දික්කසාද තීන්දු ප්‍රකාශයක් මත සැමියාගේ හෝ භාර්යාවගේ වාසියට නැත්නම් දෙපාර්ශවයේම වාසියට,යම් මුදල් ප්‍රමාණයක් එකවර ගෙවීම සඳහා යම් මුදල් ප්‍රමාණයක් මාසිකව හෝ වාර්ශිකව ගෙවීම සඳහා, යම් දේපලක් හෝ දේපලක කොටසක් හිමිකර දීම හෝ පැවරීම සඳහා,බැඳුම්කරයක් හෝ රක්ෂණ ඔප්පුවක් මගින් යම් නිශ්චික මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා නියෝග කිරීමක් සිදු කළ හැකියි.

නඩත්තු පනත කියන්නේ මොක්කද?

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන්නේ 1999 අංක 37 දරණ දරණ නඩත්තු පනතයි. එම පනතේ 2(1) වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් අදායමක් ඇති කිසියම් පුද්ගලයෙකු තමාට තමාව නඩත්තු කරගත නොහැකි කලත්‍රයා නඩත්තු කිරීම පැහැර හරින්නේ නම් හෝ ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ බව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු දක්වා එම කරුණු ඔප්පු කළහොත් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නඩත්තු ගෙවීම සඳහා නියෝගයක් ලබා ගත හැකියි. නමුත් එහිදී නඩත්තුව ඉල්ලා සිටින කලත්‍රයා අනාචාරයේ හැසිරෙන්නේ නම් හෝ දෙපාර්ශවයේ කැමැත්ත මත වෙන්ව ජීවත් වන්නේ නම් එවැනි නියෝගයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ.

දික්කසාද නඩුවක තාවකාලික දික්කසාද දීමනාවක් ලබා දී ඇති අවස්ථාවක නඩත්තුවක් ඉල්ලා සිටිය හැකිද?

දිසා අධිකරණයේ නඩුවක් පැවරීමෙන් පසුව එහිදී තාවකාලික දික්කසාද දීමනාව පිළිබඳව තීරණයක් ලබාදී නොමැති විටදී මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩුවක් පැවරීමේ හැකියාව ඇති අතර දිසා අධිකරණය මගින් තාවකාලික දික්කසාද දීමනා පිළිබඳව තීරණයක් ලබාදී තිබේ නම් හෝ දික්කසාද තීන්දුව ලබාදී තිබේ නම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩුව හෝ නඩත්තු දීමනා ලබාගැනීමේ හැකියාව අවසන් වේ.

නඩත්තු නඩුවක දී නඩත්තු මුදල අඩු කරන ලෙස හෝ වැඩි කරන ලෙස ඉල්ලීමක් සිදු කළ හැකිද?

නඩත්තු නඩුවකදී නඩත්තු මුදල අඩු කරන ලෙස හෝ වැඩි කරන ලෙස ඉල්ලීමක් සිදු කිරීමේ හැකියාවක් පවතින අතර ඒ සඳහා අදාළ ඉල්ලීම සිදු කරන පාර්ශවය විසින් පෙත්සමක් සහ දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉල්ලීම සිදු කිරීමෙන් අනතුරුව කරුණු දක්වා ඒ පිළිබදව විමසීමෙන් අනතරුව අධිකරණය සෑහීමකට පත්වේ නම් සිදු කළ හැකියි.

නීතීඥ චතුරංග හතුරුසිංහ
chathurangadaal@gmail.com


 

TAGGED: දික්කසාදය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?