නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හෘද රෝග සහ හෘදයාබාධ කියන්නේ දෙකක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

හෘද රෝග සහ හෘදයාබාධ කියන්නේ දෙකක්

Published June 17, 2024

හෘද රෝග වගේම හෘදයාබාධ ගැන අපි නිරන්තරව කතා කරනවා. ඒ වගේම අද බොහෝ දෙනෙක් හෘද රෝගවලින් පීඩා විඳින අතර ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ හෘදරෝග නිසායි. ඒ නිසා හෘදයාබාධයක් ගැන අපිට ඇතිවන හැඟීම මරණ වරෙන්තුවකට සමානයි. මේ නිසා හෘද රෝග සහෘදයාබාධ ගැන මනාව වටහාගැනීම වැදගත්.

හෘදයෙන් සිදුවන කාර්යයන් මොනවාද?

හෘදයවස්තුව කියන්නේ අපේ ජීවිතයේ පැවැත්මට ඉතාම වැදගත් ඉන්ද්‍රියක්. අපේ සිරුරේ අවයවයන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ පදාර්ථ පරිවහනය කිරීම හෘදයවස්තුව මඟින් සිදුවනවා. හෘදයවස්තුවේ නීරෝගීතාව නැතිවුණ විට සිරුරේ අවයවයන්හි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ පරිවහනය වීම සිදුවන්නේ නැහැ.

හෘදය සෑදී ඇත්තේ කෙසේද?

හෘදයවස්තුව ප්‍රධාන කොටස් පහකින් යුක්ත වනවා.

  • මාංශ පේශිවලින් සැදුණ කුටීර හතරක්
  • හෘදය තුළ හා ඉන් පිටතට රුධිර ගමනාගමනය පාලනය කරන කපාට
  • හෘදයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන විද්‍යුත් පරිපථයක්
  • හෘදය වස්තුව වටා ඇති පටලය
  • හෘදයවස්තුවේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් හෘදය වස්තුවට රුධිරය සපයන නාළ

හෘදරෝග සහ හෘදයාබාධ යනු මොනවාද?

හෘදය වස්තුව සෑදී ඇති ඕනෑම කොටසක රෝගී තත්ත්වයක් ඇතිවුණොත් එය හෘදරෝග විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ අතර හෘදය වස්තුයේ රුධිරනාළවල අවහිරතාවක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් හෘදයාබාධයක් ලෙස හැඳින්වේ. හෘද වස්තුවට රුධිරය සපයන නාළ තුනක් පිහිටා තිබෙනවා.

දකුණු පැත්තට රුධිරය සපයන නාලය සහ වම් පැත්තට රුධිරය සපයන නාළ දෙකක් (Coronary arteries ) ලෙසින් පිහිටා ඇත. මෙම රුධිර නාළ කොලස්ටරෝල් වැනි සංඝටක තැන්පත් වීම නිසා නිසි පරිදි හෘදය වස්තුවට රුධිරය ගමන් කිරීම අඩු වේ. මෙලෙස රුධිරනාළවල කොලස්ටරෝල් වැනි සංඝටක තැන්පත් වීම Atherosclerosis ලෙස හැඳින්වේ.

Stable angina රෝගී තත්ත්වයක් යනු කුමක්ද?

හෘදයේ රුධිරනාළ අවහිර වීම කාලයක් පුරා සෙමින් වර්ධනය වී හෘද පේශිවලට අවශ්‍ය රුධිරය ලැබීම අඩුවේ. එසේ රුධිරය ලැබීම අඩු වූ විට පපුවේ කැක්කුම, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.රෝගයේ මුල් අවස්ථාවලදී ඒ පුද්ගලයා විවේකීව සිටින විට අපහසුවක් නොදැනුණත් ඔහු යම් කාර්යක් කරනවිට, ටික දුරක් ඇවිදින විට, පඩි පෙලක් නගින විට පපුවේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්.මේ අවස්ථාව අපි ඇන්ජයිනා ( Stable angina) යනුවෙන් හඳුන්වනවා.

Heart attack යනු කුමක්ද?

කොලස්ටරෝල් තැන්පත්ව අවහිර වන රුධිරනාළවල හදිසියේ ලේ කැටි හිරවී හෘද පේශිවලට රුධිරය සැපයුම සම්පූර්ණයෙන්ම අවහිර විය හැක. එය “ Heart attack ” යනුවෙන් හැඳින්වෙනවා. එවැනි අවස්ථාවකදී රෝගියාට දැඩි පපුවේ වේදනාවක් ඇතිවනවා. මෙය ඉතාම හදිසි තත්ත්වයක්. ඉක්මනින් ප්‍රතිකාර ලබා දී හෘදයවස්තුවට රුධිරය සැපයුම ලබා නොදුණහොත් රෝගියාගේ ජීවිතය පවා අහිමි වීමට පුළුවන්. සමහර විට ජීවිතය ආරක්ෂා වුණත් ඒ පුද්ගලයාට ඇති විවිධ රෝග සංකුලතා නිසා ඔහුගේ ජීවිතයේ ගුණාත්මක බවට බාධාවක් ඇති වීමට පුළුවන්.

හෘදයාබාධයක් ඇතිවීමට හේතු

හෘදයාබාධයක් ඇතිවීමට බලපාන අවදානම් සාධක කීපයක් තිබෙනවා.

  • දුම්පානය
  • රුධිරගත කොලෙස්ටරෝල් මටට්ම
  • රුධිරගත සීනි
  • අධි රුධිර පීඩනය
  • ආහාර රටාව ( අධික ලුණු සහ තෙල් )
  • ව්‍යායාම මදිකම
  • තරබාරුව
  • ජාන මගින් ඇතිවන බලපෑම

පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අතර හෘදයාබාධ ඇතිවීමේ අඩු අවදානමක් තිබෙනවා.

පපුවේ වේදනාවක් ඇතිවන්නේ සෑමවිටම හෘදයාබාධයක් නිසාද?

සෑම පපුවේ වේදනාවක්ම හෘදයාබාධ නිසා ඇති වන්නක් නොවේ. අද බොහෝ දෙනෙක් පීඩා විඳින ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේදීත් පපුවේ වේදනාවක් ලෙසින් එය දැනෙන්න පුළුවන්. ඒ වගේම මාංශ පේශි, අස්ථි ආශ්‍රිතව ඇතිවන වේදනාවන් පපුවේ වේදනාවක් විදිහට දැනුනත් එය හෘදයාබාධයක් නොවේ. ඒ නිසා පපුවේ වේදනාවක් දැනුණ විට එය හෘදයාබාධයක්ද එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසාදැයි දැනගැනීම ඉතා වැදගත්.

හෘදයාබාධයකදී ඇතිවන විශේෂ රෝග ලක්ෂණ පහත ආකාරයෙන් වේ

පපුව මැදින් හෝ වම්පසින් ඇතිවන වේදනාවක්, දැවිල්ලක්, තෙරපීමක් හෝ හිර කිරීමක් හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

මෙය විනාඩි 20 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් පවතී.

මේ වේදනාව වම් අත, බෙල්ල, හකු සහ පිට ප්‍රදේශයට පැතිරී යා හැක.

පපුවේ වේදනාව සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවක්, පපුවේ ගැස්මක්, අධික ලෙස දහඩිය දැමීමක් හෝ ක්ලාන්ත වීමක් ඇති වේ.

හෘදයාබාධයක් ඇතිවුණ විට නිවසේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සහ ප්‍රතිකාර

හෘදයාබාධයක් ඉතා හදිසි තත්ත්වයක් ලෙස සැලකේ. ඒ නිසා ඉක්මන් සහ හදිසි ප්‍රතිකාර ලබාදිය යුතුය.

රෝගියා පහසු ඉරියව්වකින් තබන්න. යම් කාර්යයක් කරනවා නම් එය වහාම නවත්වන්න.

GTN පෙත්තක් දිව යට තබන්න.

ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 300 ක් විකන්න දෙන්න.

හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන යන්න. ඒ වගේම රෝගියා රෝහල වෙත ගෙනයන විට මේ වෙන විට ප්‍රතිකාර ලබාගන්නා වාර්තාවන් රැගෙන යෑම වැදගත්.

රෝගියාගේ පරණ ECG වාර්තාවන් ඇත්නම් ඒවාද රැගෙන යන්න.

රෝහල්ගත වීමෙන් පසුව කුමක් සිදුවේද?

රෝගියා රෝහල්ට රැගෙන යෑමෙන් පසුව හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීම සිදුවනවා. මේ වෙනුවෙන් විශේෂ පරීක්ෂණ කීපයක් සිදුකරනවා.

  • ECG
  • Troponin
  • Echocardiogram

වැනි පරීක්ෂණ සිදුකරන අතර හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීම සිදුවනවා. හෘදයාබාධ ප්‍රතිකාර වෙනුවෙන් ඉතාම අඩු කාලයකදී යොමුවීම ඉතාම වැදගත්. අපි ප්‍රමාද වන හැම විනාඩියක් පාසාම මාංශ පේශිය මිය යනවා. මාංශ පේශිය මියයෑමට පෙරාතුව හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙන්නේ රෝගියා වහාම ප්‍රතිකාර වෙත යොමු කළොත් පමණයි.

ඒත් අද බොහෝ රෝගීන් තමන්ගේ දැනෙන වේදනාවන් තමන් විසින්ම ගොඩනගා ගත් අනුමාන මත සිටින නිසා ඔවුන්ගේ හෘද මාංශ පේශි මිය යැමේ තත්ත්වයට පත්වීම නිසා ප්‍රතිකාර කිරීමේ හැකියාවන් අඩුයි. ප්‍රතිකාර කළත් එයින් පසුව විවිධ සංකූලතාවන්ට පත් වීමට පුළුවන්. මේ නිසා වෙනදා නැති ඕනෑම පපුවේ වේදනාවක් ඇතිවුණොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමුවීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️








 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad3
Happy5
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බඩවැලෙත් ලෙඩ ඇතිවෙන්න පුළුවන්

May 19, 2025

ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග

May 19, 2025

ටෙස්ටොස්ටොරන් මට්ටම හොඳින් තියාගන්න.

May 19, 2025

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?