නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මෙහෙම කළොත් මහ වැස්සේ වුණත් රෙදි වේලන්න ලෙහෙසි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මෙහෙම කළොත් මහ වැස්සේ වුණත් රෙදි වේලන්න ලෙහෙසි

Published June 10, 2024
වැස්ස කාලෙත් එක්ක අපි හැමෝටම මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය තමයි හෝදපු රෙදි ටික වේලගන්නෙ කොහොමද කියන එක. ඔන්න එහෙනම් වැස්ස කාලෙට රෙදිවලට හානියක් නොවෙන විදිහට වගේම සෞඛ්‍යාරක්ෂිතව රෙදි වේලගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි යන්නේ...

අවශ්‍යම ඇඳුම් මුලින්ම සෝදන්න

වැස්ස කාලෙට වෙනද පුරුදු විදිහට ඔබට තියෙන හැම ඇඳුමක්ම එකවර සෝදන්න යන එක නම් නුවණට හුරු වැඩක් නෙවෙයි.මුලින්ම ඔබ එදිනෙදා පාවිච්චි කරලා ඉවත් කරන යට ඇඳුම් ඒ ඒ වෙලාවට සෝදන්න ඔබ සැළකිලිමත් වෙන්න. යට ඇඳුම්වලට ඉක්මණින් සහ වැඩිපුර දහඩිය උරා ගන්න නිසා නොසෝදා වැඩි කාලයක් තැබුවොත් ඇඳුම් පුස්, දිලීර සහ අධික දුර්ගන්ධයක් ඇතිවෙනවා.

එය ඇඳුම්වල දිගු කාලීන පැවැත්මට හානි කරනවා වගේම ඔබේ ශරීර සෞඛ්‍යයටත් නුසුදුසු බව ඔබට අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ නිසා මුලින්ම යට ඇඳුම් ඒ ඒ වෙලාවට සෝදන්නත් ඊළඟට ඔබට නිතරම අඳින්න සිද්ධ වෙන කාර්යාලීය ඇඳුම් වගේ අත්‍යාවශ්‍ය ඇඳුම් සෝදන්නත් අමතක කරන්න එපා.

ඇඳුම් වෙන වෙනම සෝදන්න

වැස්ස කාලෙට හැකිතරම් සැහැල්ලු ඇඳුම් තෝරාගන්න පුළුවන් නම් ඒ ඇඳුම් වේලගන්න වැඩි මහන්සියක් දරන්න ඔබට සිද්ධවෙන්නෙ නැහැ.ඒ කොහොම වුණත් ඔබ අත්‍යාවශ්‍යයි කියල තෝරගත්ත ඇඳුම්වලිනුත් සැහැල්ලු ඇඳුම් මුලින්ම සෝදන්න ඔබට පුළුවන්. සැහැල්ලු ඇඳුම් වේලෙන්න ගන්න අඩු කාලයක් නිසා ඇඳුම් ඉක්මණින් වේලගන්න පුළුවන් වගේම ඇඳුම් වේලන්න තියෙන ඉඩ ඉතුරු කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා.

වතුර ඉවත් කරන්න

රෙදි සෝදන යන්ත්‍රයකින් රෙදි සෝදනව නම් රෙදි සෝදන යන්ත්‍රයේ වතුර ඉවත් කිරීමේ චක්‍රය (Spin cycle) දෙවතාවක් පමණ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වඩාත් හොඳින් රෙදිවල වතුර ඉවත්වීම සිදුවෙනවා. ඔබ අතින් රෙදි හෝදනව නම් හැකිතරම් වතුර මිරිකා ඉවත්කර රෙදි වේලෙන්නට වනාගන්න. කලින් වතුර ඉවත්වෙන්න පහළට එල්ලා තැබීම කරන්න පුළුවන්. මේ වෙලාවෙදි වතුර බේරෙන්න පුළුවන් නිසා බිමට වතුර වැටුනට ගැටළුවක් නැති තැනක එල්ලා ගන්න ඔබට පුළුවන්.

වේලගන්න

ඇඳුම් වේලගන්න ඔබට ක්‍රම කීපයක් භාවිත කරන්න පුළුවන්. මේ සඳහා වර්ෂාව පවතින අවස්ථාවල පින්න ඇතුළු නොවෙන ඉඩකඩ පවතින බඩු අඩුවෙන් අසුරා ඇති කාමරයක් තෝරගන්න ඔබට පුළුවන්. එකමත එක නොසිටින විදිහට වතුර සහ ඇඳුම්වල රැළි ඉවත්වෙන විදිහට ඇඳුම් හොඳින් ගසා දිගහැර වනාගන්න පුළුවන්. මේ සඳහා රෙදි වැල්, ඇඳුම් වැටවල් සහ ඇඳුම් එල්ලන කොකු භාවිත කරන්න හැකියාව තියෙනවා.

පින්නට රෙදි හසු නොවෙන විදිහට රෙදි වනා ඇති ස්ථානයට ආලෝකය ලැබෙන්න සලස්වනව නම් එයත් ඉතාම වැදගත්. ජනෙල්වලින් පින්න ඇතුළු වෙනව නම් වර්ෂාව නොපවතින වෙලාවට රෙදි වනා ඇති කාමරයේ ජනෙල් විවෘත කරන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් වැඩිපුර වාතාශ්‍රයක් පවතින ආලෝකය ඇති කාමරයක් මේ සඳහා තෝරා ගැනීම වඩා උචිතයි.

වේලෙන රෙදි ඉවත් කරන්න

ටික ටික වතුර ඉවත්වී රෙදි වේලෙන්න පටන් ගත්තම ඒ ඒ රෙදි වනල තියෙන ස්ථානය වෙනස් කරන්න ඔබට පුළුවන්.හොඳින් ආලෝකය වැටී ඇති ස්ථානයේ තිබෙන රෙදි අනික් තැන්වලට වඩා ඉක්මණින් වේලෙන නිසා ඒ රෙදි ටික දිනකින් ඒ ස්ථානයෙන් ඉවත් කර ඇතුළත ස්ථානයක වනාගන්න ඔබට පුළුවන්. වතුර වැඩි ප්‍රමාණයක් ඉවත් වී ඇති නිසා ඇතුළත ස්ථානයකදී වුණත් ඉක්මණින් ඒ රෙදි වේලීමට ගත වෙන්නෙ ඉතාම කෙටි කාලයක් පමණයි.

ආලෝකය පවතින ස්ථානයේ දැන් වෙනත් රෙදි කීපයක් වනාගෙන ඒ රෙදි සම්පූර්ණයෙන් වේලෙන තුරු එම ස්ථානයේ නොතබා මේ විදිහට පියවරෙන් පියවර තැන් මාරු කර ගැනීමෙන් රෙදි වැඩි ප්‍රමාණයක් ඉක්මණින් වේලාගන්න හැකියාව ලැබෙනවා.

උපකරණ භාවිතයට ගන්න

ඔබේ නිවසේ කොණ්ඩය වේලන උපකරණයක් (Hair dryer), වායු සමීකරණ යන්ත්‍රයක් (Air conditioner) හෝ විදුලි පංකාවක් (Fan) ඇත්නම් ඔබට හදිසියේ අවශ්‍ය වෙන රෙදි වේලාගන්න මේ උපකරණ භාවිත කරන්නත් පුළුවන්.

තුවායක් ආධාරයෙන් ඉක්මණින් රෙදි වේලගන්න…

මේ සඳහා ක්‍රම දෙකක් තියෙනවා පළවෙනි ක්‍රමයේදී දිග හැරගත් තුවාය මත ඔබේ ඇඳුම දිගහැර අතුරාගෙන ඇඳුමත් සමඟම තුවාය රෝල් කරගන්න ඔබට පුළුවන්. තුවායට වතුර වැඩි ප්‍රමාණයක් ඉක්මණින් උරාගන්න නිසා රෙදි වේලීම වේගවත් කරගන්න පුළුවන්.

දෙවෙනි ක්‍රමයේදීත් ඔබ මුලින්ම දිග හැරගත් තුවාය මත ඔබේ ඇඳුම දිගහැර අතුරා ඊට උඩින් ඝනකම අඩු තුවායක් හෝ කපු රෙදි කැබැල්ලක් අතුරා ඒ මත අයන් එක ගෙනියමින් ඇඳුම මැදගන්න ඔබට පුළුවන්. උඩින් ඇති රෙදි කැබැල්ල නිසා ඇඳුමේ වර්ණයට හෝ රෙද්දට හානියක් වෙන්නෙත් නැහැ.

අන්තර්ජාලය ඇසුරෙන්

අර්චිත ඉඳුවර ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?