නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගත්තත් වැරදි දුන්නත් වැරදි අල්ලස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගත්තත් වැරදි දුන්නත් වැරදි අල්ලස්

Published June 10, 2024

අල්ලස හා දූෂණය පිටුදැකීමට තරම් ශක්තිමත් පාලකයන් සහ බුද්ධිමත් ජනතාවක් සිටින රටක් දියුණුවේ ස්වර්ණමය දොරටුව වෙතට නිසැකවම ගමන් කරනු ඇති බවට මතයක් ඇත. එමෙන්ම ඒ සඳහා පුළුල් නීති පද්ධතියක් මෙන්ම ඒ නීති ක්‍රියාත්මක කරවාගැනීම සඳහා ප්‍රායෝගික යාන්ත්‍රණයක්ද අවශ්‍ය වනු ඇත.

ලංකාව තුළ අල්ලස් සම්බන්ධයෙන් බල පැවැත්වෙන නීතිය කුමක්ද?

ලංකාවේ අල්ලස් සම්බන්ධයෙන් වූ ප්‍රධාන නීතිය වශයෙන් 1954 අල්ලස් පනත හඳුනා ගත හැක. අනතුරුව 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ විමර්ශන සභා කොමිෂන් සභා පනත හඳුන්වා දුන් අතර එමගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පිහිටුවීම සිදු කරන ලදී.

මෙමඟින් 1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ වූ වැරදි හා අල්ලස් පණත යටතේ වූ වැරදි විමර්ශනය කර නඩු පැවරීම සිදු කරන ලදි. කෙසේ වුව ද, මේ වනවිට ඉහත සියලුම නීතීන් අහෝසි වී ඇති අතර 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පණත වර්තමානයේ බල පැවැත්වේ. මෙයට 2023 අංක 28 දරණ දූෂණ විරෝධී (සංශෝධන) පනත හරහා වෙනස්කම් කිහිපයක් එකතු කර ඇත.

අල්ලසක් යනු කුමක් ද?

වත්මන් දූෂණ විරෝධී පනත ප්‍රකාරව අල්ලස යනුවෙන් හඳුන්වා දී ඇත්තේ යම්කිසි කාර්යයක් කිරීම හෝ නොකර සිටීම සඳහා පෙළඹවීමක් හෝ ප්‍රදානයක් ලෙසට ලබා දෙන තුටු පඬුරකි. එනම් එය යම්කිසි මුදලක්, චංචල හෝ නිශ්චල දේපලක්, රැකියාවක්, කොන්ත්‍රාත්තුවක්, ලිංගික අනුග්‍රහයක් හෝ යම් වාසි සහගත දීමනාවක් විය හැක.

රජයේ සේවකයන් විතරද මේ යටතේ වැරදිකරුවන් කළ හැක්කේ?

පෙර නීති තත්ත්වය යටතේ ප්‍රතිපාදන සැලසී තිබුණේ රජයේ සේවකයන්ට එරෙහිව වූ අල්ලස් වැරදි සම්බන්ධයෙන් පමණයි. නමුත් පෞද්ගලික අංශය පරිහරණය කරනුයේද රටේ සම්පත් වන බැවින් ඒ සම්බන්ධයෙන් වගකීමක් හා විනිවිදභාවයක් තිබිය යුතු වේ. මේ නිසා නව දූෂණ විරෝධී පනත මගින් පෞද්ගලික අංශයට අදාළව සිදුකරන අල්ලස් වැරදි සඳහා ද ප්‍රතිපාදන සලසා ඇත.

එතකොට දුෂණයක් කියන්නේ මොකද් ද?

මෙය අදාළ වෙන්නේ රජයේ සේවකයන්ට වේ. ඒ අනුව, රජයට වැරදි සහගත හෝ නීති විරෝධී අලාභයක් සිදු කිරීමේ අදහසින් තමන්ට හෝ වෙනත් අයෙකුට නීති විරෝධී ප්‍රතිලාභයක් හිමි කරගැනීම සඳහා රජයේ සේවකයෙකු තම තනතුර ප්‍රකාරව කටයුතු කිරීමයි.

මීට අමතරව නව පනතීන් හඳුන්වාදුන් අනෙකුත් ප්‍රගතිගාමී වෙනස්කම් මොනවාද?

පෙර පැවැති නීති මඟින් අල්ලස් යටතේ ලිංගික අල්ලස් පිළිබඳව සඳහන් නොවූ නමුත් දූෂණ විරෝධී පනත යටතේ ලිංගික අනුග්‍රහය අල්ලස් යටතේ වරදක් ලෙස හඳුන්වා දී ඇත. එසේම මෙම පනත යටතේ ක්‍රීඩාවන්හි සුපිළිපන්භාවයට හානිකර වන අන්දමින් සිදුකරන අල්ලස් වැරදි සඳහාද ප්‍රතිපාදන සලසා ඇත. එනම් මුදලට තරඟ පාවාදීම් වැනි තත්ත්වයන් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය බලය කොමිෂන් සභාවට ලබා දී ඇත.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව යනු?

මෙම කොමිෂන් සභාව සඳහා පත් කරනු ලබන කොමසාරිස්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය යටතේ පත් කළ යුතුයි. පැවති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන ලද පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂඥ දැනුම සහිත විශේෂඥයන් නොවීය.

එමනිසා ක්ෂේත්‍රයේ විශේෂඥයන් බඳවා ගැනීමේ බලය දූෂණ විරෝධී පනත සම්මත වීමත් සමග වර්තමානයේදී අල්ලස් කොමිෂන් සභාවට ලබා දි තිබේ. අවශ්‍ය අවස්ථාවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමේ හැකියාවද කොමිෂමට පවතී.

තවද පෙර පැවති අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සිදු කරනු ලබන කටයුතු සම්බන්ධව අධීක්ෂණය කිරීමක් සිදු නොවීය. නමුත් නව දූෂණ විරෝධී පනත යටතේ ස්ථාපිත කරනු ලබන අල්ලස් කොමිෂම යටතේ පත් කරන කොමසාරිස්වරුන් මාස හතරකට වරක් තම කාර්ය සාධනය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දිය යුතුය. එම කොමසාරිස්වරුන් නිසි පරිදි තම කටයුතු සිදු නොකරන්නේ නම් ඔවුන් ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට පවතී.

කොමිෂන් සභාවට තොරතුරු ලබාදිය හැක්කේ කෙසේ ද?

ඔබට අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් තොරතුරු නාමිකව, නිර්නාමිකව හෝ ව්‍යාජ නමකින් ලබාදිය හැකි අතර කොමිෂමේ දුරකථන මාර්ග හරහා වාචිකවත්, ලිපි මඟින් හෝ විද්‍යුත් තැපෑල හරහාත් මෙය සිදු කළ හැක.

ඔබ ලබාදෙන්නේ අසත්‍ය තොරතුරැ නම්,

ඔබ විසින් යම් පුද්ගලයෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් හෝ යම් අපහසයක් හෝ අකටයුත්තක් සිදු කිරීමේ අරමුණින් ඔහු පිලිබඳ අසත්‍ය තොරතුරක් ලබාදෙන්නේ නම්, එය අපරාධමය වරදක් වේ. ඒ අනුව ඔබව දඩයකට හෝ බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකි අතර චෝදනාවට ලක්වන පුද්ගලයාට වන්දියක් ගෙවීමට ද සිදු වේ.

තොරතුරු ලබාදෙන ඔබ ආරක්ෂිත ද ?

ඔබ රජයේ හෝ පුද්ගලික අංශයේ සේවකයෙකු ලෙස රැකියා ස්ථානයේ සිදුවන අල්ලසක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් ඉහළ නිලධාරියෙකු වෙත දැනුම් දුන් අවස්ථාවක දී, එම තොරතුරු ලබාදීම හේතුවෙන් කිසිඳු සිවිල් හෝ අපරාධමය වගකීමකට යටත් නොවේ.

තවද, අල්ලසක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට තොරතුරු ලබාදෙන පුද්ගලයාගේ අනන්‍යතාවය අධිකරණයකදීවත් හෙළිදරව් කළ නොහැකි අතර එම තැනැත්තාගේ ශාරීරික ආරක්ෂාව තහවුරු කිරීම හෝ තර්ජන, හිරිහැර සහ බියගැන්විම්වලින් ආරක්ෂා කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් සකස් කිරීමට කොමිෂන් සභාවට හැකිය.

නීතීඥ කාංචනා ෂෙහානි
kanchanashehaniaal@gmail.com

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?