නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බර අඩු කරන්න Turmeric drink
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බර අඩු කරන්න Turmeric drink

Published June 3, 2024
සිරුරේ බර අඩු කර ගැනීම සඳහා භාවිත කරන්නට පුළුවන් හොඳම අමුද්‍රව්‍යවලින් එකක් විදිහට කහ හඳුන්වන්නට පුළුවන්. බර අඩු කරගන්න වගේම තවත් සෞඛ්‍යමය වාසි රැසක් ලැබෙන මේ වනවිට ලෝකයේ බොහෝදෙනා අතර ජනප්‍රිය Turmeric drink ගැනයි මේ කතාව.

Turmeric drink එකෙන් බර අඩු වෙන්නෙ කොහොමද ?

විටමින් B, C, omega-3 මේද අම්ල, ඇල්ෆා-ලිනොලෙයික් අම්ලය, තන්තු මෙන්ම පොටෑසියම්, යකඩ ආදිය කහවල අඩංගු වන අතර එමඟින් ශරීරයෙන් විෂ ඉවත් කිරීමත් සමඟ පරිවෘත්තීය වේගවත් කරනවා. මෙමගින් ශරීරයේ පවතින අතිරික්ත මේදය තවදුරටත් ඉවත් කිරීම සිදුවෙනවා.

කොහොමද මේ Turmeric drink එක හදන්නේ ?

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

වතුර කෝප්ප 1
කුඩු කරගත් අමු කහ ස්වල්පයක්
කුරුදු කුඩු ස්වල්පයක්
මී පැණි තේ හැඳි 1

හදන්නෙ මෙහෙමයි

භාජනයක් ළිප තබා එයට වතුර කෝපයක් එකතු කර, කුඩු කරගත් අමු කහ ස්වල්පයක් සහ කුරුදුකුඩු ස්වල්පයක් එකතු කර හොඳින් උතුරවා ගන්න. මදක් නිවුනු පසු අවශ්‍ය නම් පමණක් මී පැණි එකතු කර උදෑසන හිස් බඩ පානය කරන්න.

Turmeric drink  එකෙන් ලැබෙන අනෙකුත් සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවද ?

  • ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි.
  • ආහාර ජීරණය පහසු කරවයි.
  • රුධිර ප්‍රවාහය වැඩිදියුණු කරයි.
  • හෘද සෞඛ්‍ය ඉහල නංවයි.
  • මානසික අව පීඩනය පාලනය කරයි.
  • වයසට යාම මන්දගාමී කරයි.
  • සමේ කුරුලෑ සහ ආසාදන ඇතිවීම වළක්වයි.
  • ඇස් වටා අඳුරු පැහැය නැති කරයි.
  • තුවාල ඉක්මනින් සුව කරයි.
  • කහවල පිළිකා නාශක ගුණ අඩංගු වන අතර එවැනි සෛල වර්ධනය වීම වළක්වයි.කහ මගින් ශරීරයේ ආරක්ෂක සෛලවල ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිදේහ නිෂ්පාදනය වැඩි දියුණු කරයි.
  • අස්ථි සෞඛ්‍ය වැඩි දියුණු කරයි.

බර අඩු කර ගැනීමට අමතරව බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්.Turmeric drink එක ඔබටත් උත්සාහ කර බලන්නට හැකියාව තියෙනවා.

අර්චිත ඉඳුවර ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?