නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කුඹුරක් අස්වද්දා කිරිබත් දන්සලක් දුන් පින් සිතක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කුඹුරක් අස්වද්දා කිරිබත් දන්සලක් දුන් පින් සිතක්

Published June 3, 2024

මුලින්ම තනියම දුන්නෙ මඤ්ඤොක්කා දන්සලක්

ලබන අවුරුද්දෙත් අනිවාර්යයෙන්ම මොනවා හරි දෙනවා. මේ වැඩේ නවත්වන්නේ නෑ

පහුගිය දවසක මුහුණු පොතේ සැරිසරමින් ඉද්දි අපූරු පොස්ටුවක් මගේ නෙත ගැටුණා. මේක හිත සතුටින් පුරවපු අපූර්වතම පෝස්ටුවක් වුණේ කොළු නඩ එක්ක රස්තියාදු ගහන, වැරදි වැඩවලට පෙළඹෙන කොල්ලො කුරුට්ටො පිරුණු සමාජෙක උඩුගම් බලා පිහිනන්නට තනන අවුරුදු 20ක තරුණයෙක් කළ සුන්දර කාරියක් ගැන ලියවුණු පෝස්ටුවක් නිසා. ඔහු නමින් බාඳුරාගොඩ පදිංචි ඕෂධ නවංශක.

මෙදා පාර වෙසක් එකට කාගෙන්වත් මුදල් ආධාරයක් නොගෙන තමන්ගෙම වියදමින් කිරිබත් දන්සලක් දෙන්න සිතුවිල්ලක් ඕෂධට පහළ වුණේ මීට අවුරුද්දකට විතර උඩදි. ඒ වෙනුවෙන්ම ඕෂධ තනියම කුඹුරක් අස්වැද්දුවා. ඒ අස්වැද්දූ කුඹුරෙන් ගත්තු නැවුම් සහලින් ඕෂධ මෙදාපාර වෙසක් එකට කිරිබත් දන්සලක් දීලා එයාගෙ අහිංසක හීනෙ හැබෑ කරගත්තා. ඉතින් ඕෂධගේ මේ සද්ක්‍රියාව අද කාලෙ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට ලොකු ආදර්ශයක් දෙන නිසාම මං හිතුවා මේ කතාව අකුරු කරන්න. ඕෂධ එයාගෙ අපූරු දන්සලේ කතාව මෙහෙම පටන්ගත්තා.

“කිරිබත් දන්සලක් දෙන එක අවුරුද්දකට විතර උඩදි ඇති වුණ ආසාවක්. මම මුලින්ම තනියම දුන්නෙ මඤ්ඤොක්කා දන්සලක්. ඒ අවුරුදු තුනකට උඩදි. ගිය අවුරුද්දෙ දුන්නා තම්බපු කොස් දන්සලක්. මේ පාර කිරිබත් දන්සල දෙන්න ඕන නිසාම මම කුඹුරක් අඳේට අරගෙන අස්වැද්දුවා. කුඹුර අස්වද්දන්න මට තාත්තා උදව් කළා.”

වෙසක් පෝය දවසෙ උදේ ඉඳන්ම වැස්සෙ තෙමී තෙමී එහාට මෙහාට දුවලා පැනලා දන්සල වෙනුවෙන් හරි හරියට මහන්සි වුණ ඕෂධගේ කිරිබත් දන්සලට ලැබිලා තිබුණේ බලාපොරොත්තු නොවුණු තරමේ ප්‍රතිචාරයක්.

“හාල් කිලෝ 50කින් කිරිබත් හැදුවා. කොච්චර තිබුණත් අන්තිමේ මදිත් වුණා.” ඕෂධ එහෙම කිව්වෙ හරි සතුටකින්.අවුරුදු තුනකට උඩදි ඕෂධගේ දන්සල් හීනෙ හැබෑ කරගන්න උදව් කරපු අය ගැනත් ඔහු ආදරෙන් මතක් කළා.

“මුලින්ම දීපු මඤ්ඤොක්කා දන්සලට මඤ්ඤොක්කා නිකන් දුන්නෙ මං අඳුරන මාමා කෙනෙක්. ඒ මාමා කිව්වා පුතාට දන්සලක් දෙන්න ආසනම් අපේ වත්තෙ තියෙන මඤ්ඤොක්කා ටික ගලවගන්න කියලා. ඒවා සුද්ද කරන්න, තම්බන්න උදව් කළේ ගෙවල් අවට අය වගේම මගේ යාළුවෝ. ඔවුන් තමයි මේ පාරත් මට සහයෝගය දුන්නෙ දන්සල කරගන්න.”

ඕෂධ වැඩ කරන්නෙ බාඳුරාගොඩ කාගීල්ස් එකේ. එතනින් ලැබෙන පඩියෙන් පුංචි කොටසක් හෝ ඉතිරි කරගෙන ඉඳලයි ඔහු අවුරුදු තුනක් පුරාවට දන්සැල්වලට වියදම් කරලා තිබුණේ. ඒ වගේම ඕෂධගෙ දන්සල් හීනෙ තවමත් ඉවර නෑ. ඒ පුංචි හිතේ තවත් ආසාවල් ගොඩක් පැලපදියම් වෙලා තියෙන බව මට තේරුණා. ඒ අතරින් ඕෂධ පටන්ගත්ත දන්සැල නොනවත්වාම පවත්වගෙන යන එක ප්‍රධානයි. ඒ ගැන ඔහු කිව්වෙ මෙහෙම දෙයක්.

“ලබන අවුරුද්දෙ මොනවද දෙන්නෙ කියලා තවම අදහසක් නෑ. හැබැයි අනිවාර්යයෙන්ම මොනවම හරි මට පුළුවන් විදිහට මගේ තනි වියදමෙන් දෙනවා.” මේ හැමදේටම ඕෂධට උදව් වෙන්න රත්තරන් අම්මෙක්, තාත්තෙක් ඉන්නවා. හොඳ අසල්වැසියෝ, මිත්‍ර කාණ්ඩයක් ඉන්නවා. යහපත් ආශ්‍රයන් යහපත් පුරවැසියෙක් තනන බවට හොඳ උදාහරණයක් විදිහට මම ඕෂධව දකිනවා. ඕෂධ වගේ තරුණ තරුණියෝ තව ඕනතරම් අපේ රටේ ඇති. තමන්ට ඇති හැකි විදිහට ඒ අයත් සමාජය වෙනුවෙන් දෙයක් කරන්න පෙළඹීමම බොහෝ වටිනවා.

විශේෂ ස්තූතිය කළණ දම්සරට

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?