නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අන්තිම කැමති පත්‍රය වුණත් වෙනස් කරන්න පුළුවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අන්තිම කැමති පත්‍රය වුණත් වෙනස් කරන්න පුළුවන්

Published June 3, 2024

යම් පුද්ගලයකුට හිමි නිශ්චල දේපලක්, තමන් ජීවත්ව සිටියදී තවත් පුද්ගලයකුට විකුණුම් ඔප්පුවක්, ත්‍යාග ඔප්පුවක්, හෝ හුවමාරු ඔප්පුවක් මගින් පැවරිමේ හැකියාවක් පවතී. නමුත් තමන්ගේ මරණින් පසු නිශ්චල හෝ චංචල දේපල බෙදී යා යුතු ආකාරය සම්බන්ධ තම අභිප්‍රාය දක්වන ලේඛනයක් අන්තිම කැමති පත්‍රයක් ලෙස හැඳින්විය හැකි අතර මෙම අන්තිම කැමති පත්‍ර 1844 අංක 21 දරන අන්තිම කැමති පත්‍ර ආඥාපනත මගින් පාලනය වේ.

මෙවැනි අන්තිම කැමතිපත්‍ර සාමාන්‍ය ඔප්පු මෙන් ලියාපදිංචි කළ යුතුද?

අන්තිම කැමතිපත්‍රයක් යනු සාමාන්‍ය ඔප්පුවක් මෙන් ප්‍රසිද්ධ ලේඛනයක් නොවන අතර ඒවා සාමාන්‍ය ඔප්පු මෙන් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවක් නැත.

ලියූ අන්තිම කැමති පත්‍රයක් අවලංගු කිරීමට හැකියාවක් තිබේද?

ඔව් ඕනෑම අවස්ථාවකදී අන්තිම කැමතිපත්‍රයක් ලියූ පසු එය අවලංගු කිරීමේ අරමුණින්ම තෙස්තමේන්තුකරු විසින් එය විනාශ කිරීමෙන් එය අවලංගු කළ හැකිය. එමෙන්ම නව අන්තිම කැමතිපත්‍රයක් ලිවීමෙන් ද කලින් ලියූ අන්තිම කැමතිපත්‍රය අවලංගු කළ හැකිවේ. එවිට බලාත්මක වන්නේ අවසානයට ලියනු ලැබූ අන්තිම කැමති පත්‍රයයි.

ලියු අන්තිම කැමතිපත්‍රයක් අවලංගු වීමේ හැකියාවක් තිබේද?

වංචා වැළක්වීමේ ආඥා පනතේ 4 වගන්තිය අනුව අන්තිම කැමතිපත්‍රයක් හෝ කොඩිසිල් පත්‍රයක් අවලංගු කළ නොහැක. නමුත් පහත අවස්ථාවලදී අන්තිම කැමතිපත්‍රයක් හෝ කොඩිසිල් පත්‍රයක් අවලංගු වේ.

01. අන්තිම කැමතිපත්‍රකරු අවිවාහකව සිටියදී සකසන ලද අන්තිම කැමතිපත්‍ර නැවත විවාහවීම මගින්.

02. නැවත ලියන ලද අන්තිම කැමති පත්‍රයක් මගින් පෙර අන්තිම කැමතිපත්‍රය හෝ කොඩිසිල් පත්‍රය අවලංගු කර ඇති විට

03. අලුත් අන්තිම කැමතිපත්‍රක් සකස් කර ඇතිවිට

04. අන්තිම කැමතිපත්‍රය අවලංගු කිරීමේ අරමුණින් අන්තිම කැමතිපත්‍රකරු හෝ ඔහුගේ/ ඇයගේ නියෝගය මත අන්තිම කැමතිපත්‍රකරුගේ ඉදිරියේ වෙනත් අයකු විසින් එම ලේඛනය පිලිස්සීමෙන් විනාශ කිරීමෙන් හෝ වෙනත් අයුරකින් විනාශ කළ විට

අන්තිම කැමතිපත්‍රයක් සැකසිය නොහැකි පුද්ගලයන් කවුද?

සිහිවිකල්/ මන්දබුද්ධික පුද්ගලයන් අවුරුදු 18 ට අඩු පුද්ගලයන්

අන්තිම කැමතිපත්‍රයක් ලියා සහතික කළ හැක්කේ කෙසේද?

වර්තමානය වන විට අන්තිම කැමතිපත්‍රයක් ලියා සහතික කළ හැක්කේ නොතාරිස්වරයෙකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ දී පමණි. එමෙන්ම අන්තිම කැමතිපත්‍රයෙන් යම් දේපලක් හිමි වන ලැබුම්කරුවෙකුට එම අන්තිම කැමතිපත්‍රය සදහා සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තැබිය නොහැකි වේ.

අන්තිම කැමතිපත්‍රයේ සදහන් කරුණු මොනවාද?

අදාළ චංචල හෝ නිශ්චල දේපල සම්බන්ධ විස්තර, දේපල ලැබුම්කරුවන්ගේ විස්තර, එම දේපල කළමනාකරණය කිරීම සදහා පත් කරනු ලබන පුද්ගලයා හෙවත් පොල්ම:කාරයාගේ විස්තර.

පොල්ම:කරුගේ විස්තර ඇතුළත් කිරීමෙන් තොරව අන්තිම කැමතිපත්‍රයක් සැකසිය නොහැකිද?

පොල්ම:කරුගේ විස්තර ඇතුළත්ව හෝ එම විස්තරවලින් තොරව අන්තිමකැමති පත්‍රයක් ලියා සැකසිය හැකිය.

ලියන ලද අන්තිම කැමතිපත්‍රයක් සංශෝධනය කිරීමට අවශ්‍ය වුවහොත් එය සිදු කර ගත හැක්කේ කෙසේද?

එසේ සංශෝධනය කිරීම සදහා සකසන ලේඛනයක් කොඩිසිල් පත්‍රයක් ලෙස හැඳින්වේ. එමගින් අන්තිමකැමති පත්‍රයක් සංශෝධනය කිරීමට හැකිය. උදාහරණයක් ලෙස දේපළ එකතු කිරීම හෝ අඩු කිරීම, ලැබුම්කරුවන්ගේ විස්තර වෙනස් කිරීම ආදී.

අන්තිම කැමතිපත්‍රයක් ලියා සහතික කිරීමේදී වර්තමානයේදී බලපවත්වන වැදගත් කරුණු තිබේද?

ඔව්. 2022.10.25 දක්වා අන්තිම කැමතිපත්‍රයක් ලියා සහතික කිරීමේදී අවශ්‍ය වුයේ තෙස්තමේන්තුකරු හෙවත් අන්තිම කැමතිපත්‍රකරුගේ අත්සන පමණයි. නමුත් වර්තමානය වනවිට අන්තිම කැමතිපත්‍රකරුගේ අත්සන පමණක් ප්‍රමාණවත් නොවන අතර අන්තිමකැමති පත්‍රකරුගේ දකුණු හෝ වම් මහපට ඇඟිලි සලකුණ අවශ්‍ය වේ. මිට අමතරව වංචා වැළක්වීමේ ආඥා පනතේ 4 වගන්තිය ප්‍රකාරව නොතාරිස්වරයකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ ඇස්තමේන්තුකරු විසින් අත්සන් සහ ඇඟිලි සලකුණු තැබීම අත්‍යාවශ්‍ය වේ.

අන්තිම කැමතිපත්‍රයක් තිබු පමණින් දේපල බෙදා ගැනීමට හැකිද?

නොහැකියි. අන්තිමකැමති පත්‍රකරුගේ මරණින් මාස 3 ක් තුළ එම අන්තිමකැමති පත්‍රය සත්‍ය බවට ගරු දිසාඅධිකරණයේ ඔප්පු කරවා ගැනීමට නඩුකරයක් පැවරිය යුතුය.

එවැනි නඩුකරයක් කවර දිසා අධිකරණයක පැවරිය යුත්තේද?

ආඥා පනතේ 9 වගන්තිය අනුව අන්තිමකැමති පත්‍රකරු මිය ගිය ප්‍රදේශයේ දිසා අධිකරණයේ හෝ අන්තිම කැමතිපත්‍රයේ සදහන් සම්පුර්ණ දේපල හෝ ඉන් කොටසක් අයත් ප්‍රදේශයට අයත් දිසා අධිකරණයේ පැවරිය යුතුය.

පෝල්ම:කරු මිය ගියහොත් සිදු කළ යුත්තේ කුමක්ද?

එම දේපලට සම්බන්ධතාවක් දක්වන යම් පාර්ශවයකට අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය අධිකරණය මගින් ලබා දීම හරහා ඉදිරිකටයුතු කරගෙන යෑමට හැකියාවක් ඇත.

නීතිඥ නෙත්මා ලියනගේ
nethsanduni@gmail.com

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?