නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: LED බල්බයේ වගේම කඩදාසි කලාවේ පිකාසෝ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

LED බල්බයේ වගේම කඩදාසි කලාවේ පිකාසෝ

Published May 27, 2024

ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වත් විවිධ හැකියාවන්ගෙන් පොහොසත් පුද්ගලයන් බොහෝ දෙනෙක් අප අතර සිටිනවා. සමාජ මාධ්‍ය භාවිතයෙන් අපට ඒ අය හඳුනාගැනීමට ලැබෙනවා. තමන්ගේ කුසලතාවන් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි දියුණු කරගෙන අද වනවිට ආර්ථික ස්ථාවරත්වයට පත් ඔහු පී. එම්. ප්‍රසන්න. බොරැල්ල ප්‍රදේශයේ ඉපිද දෙමටගොඩ වේළුවන විද්‍යාලයෙන් සිප්සතර හදාරා 1994 වසරේ උසස් පෙළට පෙනී සිටීමෙන් පසුව මිතුරකුගේ මාර්ගයෙන් සමාගමක රැකියාවක් වෙනුවෙන් යොමු වුණා.

මුලින්ම ව්‍යාපාරයක් වෙනුවෙන් යොමුවන්නේ…

2000 වසරේ මම මරදානෙන් කඩ කාමරයක් මිලට ගෙන CD චිත්‍රපට අලෙවි කිරීම පටන් ගත්තා. එතැනින් පසුව මම පරිගණක ලිපි සකස් කිරීම වෙනුවෙන් යොමුවුණා. මුල් අවුරුද්ද හරිම අමාරුවෙන් ගෙවුණා. හැමෝම ආයතනය වහන්න කිව්වත් මම අමාරුවෙන් ඇදගෙන ගියා. ආයතනයේ වැඩ ප්‍රමිතියෙන් තිබෙන බවට කටින් කට ප්‍රචාරය වුණා. අවුරුදු දහයක් යන විට මම සේවකයන් පවා යොදාගෙන ආයතනය පවත්වා ගෙන ගියා. ඒ විතරක් නොවෙයි මටම කියලා වාහනයක් ගැනීමට තරම් ව්‍යාපාරය ස්ථාවර වුණා.

අසාර්ථක අත්දැකීම්…

සේවකයන්ගේ පරිගණක දැනුම අඩු නිසා වැටුප් ගෙවන අතරේ ඔවුන් පුහුණු කරන්න වුණා. ඒ නිසා කොළඹින් පිටත පරිගණක අධ්‍යාපන මධ්‍යස්ථානයක් ආරම්භ කළා. ඔය අතරේ මරදානේ තිබුණ පරිගණක ආයතනයේ ආදායම දිගින් දිගටම අඩුවුණා. මම නැවත මරදානේ පරිගණක ආයතනය ආරම්භ කරන්න අදහස් කළා. එතකොට මගේ ආයතනයේ සිටි සේවකයෝ, යාබද ගොඩනැඟිල්ලක ඔවුන්ගේ ආයතනයක් පටන්ගෙන. ඉතින් මට ලැබුණේ ඔවුන්ට මගහැරෙන වැඩ විතරයි.

LED බල්බ්…

මට විවේකය තිබුණ නිසා ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ පාඨමාලාවක් හැදෑරුවා. ඒත් දුරකථන දවසින් දවස අලුත් වන නිසා ව්‍යාපාරයක් විදිහට ඒකත් අපහසු බව තේරුණා. LED නාමපුවරු එකලස් කරන අතරේ LED ගෘහස්ථ බල්බ් එකක් හදන්න අදහසක් ආවා. මුල්ම LED බල්බය හැදුවේ ලෑලි පතුරක.

මේ බල්බයට විදුලිය වැයවීම අඩුයි කිව්වාම මගේ හිතවතුන් කීප දෙනෙක් ඒ වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්න කැමැති වුණා. මේ බල්බ් එක වසර දහයක් නොදැවී පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙද්දී ලංකා විදුලි බල මණ්ඩලය පවා CFL බල්බ් සමාජයේ ප්‍රවර්ධනය කරන කාලයක්. අපි චීනයෙන් හොඳ හවුසින් සහ පරිපථ ගෙනත් අඩු මුදලට නිෂ්පාදනය කළා. හොඳ වෙළෙඳ පොළකුත් තිබුණා.

නමුත් මේ බල්බයක් දිගු කාලයක් පවතින නිසා වෙළෙඳපොළ අඩු වෙන්න පටන් ගත්තා. බල්බයේ ‘life time’අඩු කරන්න යෝජනා කළත් මම අකමැති වුණා. ඒ නිසා මම ඒ ව්‍යාපෘතියෙන් ඉවත් වුණා. ඒ වුණත් අවශ්‍ය කෙනකුට නිවසේදී හෝ බල්බයක් හදාගැනීමට අවශ්‍ය උපදෙස් සහිතව 2014 වසරේදී ‘ගෘහස්ථ LED  බල්බ් සහ ව්‍යාපාරික LED  බල්බ් සහ පරිපථ සකස් කිරීම නාමපුවරු එකලස් කිරීම කෘතිය නිකුත් කළා. ඒ වෙනුවෙනුත් හොඳ වෙළෙඳපොළක් ලැබුණා.

‘Paper Qualin’ කඩදාසි චිත්‍ර කලාව

Paper Qualin කියන්නේ කඩදාසි රෝල් කරලා හදන අමුතුම කලාවක්. මේ ගැනත් මම අන්තර්ජාලයෙන් ඉගෙන ගත්තත් අවශ්‍ය උපකරණ තිබුණේ නැහැ. මුලින් ටූත් පික් එකක් යොදාගත්තා. ඊට පසුව ඉදිකටුවේ හිසපැත්ත විවෘත කරලා ලී මිටක් සවිකර ගෙන වැඩ කරන්න පටන් ගත්තා. මේ අතර ‘Paper Qualin’නමින් කෘතියක් ප්‍රකාශ කළා. ඒ පොතේ අදාළ ටූල්ස් ගැන ඡායාරූප තිබුණ නිසා චීනයෙන් මේ උපකරණ ලබාගැනීමට හැකි වුණා.

මේ අතර ‘Paper Qualin’ කලාවට කැමැත්තක් දැක්වූ ඕල්සන්ස් බාලිකා විද්‍යාලයේ විද්‍යා සහ තාක්ෂණ විෂය භාර ගුරුතුමිය මට දුරකථන ඇමතුමක් ලබාදුන්නා. මෙම දැනුම දරුවන්ට ලබාදෙන්න ආරාධනා කළා. මම ඒ ආරාධනය පිළිගත්තා.මේ වෙන විට මගේ කෘති දෙකක් අලෙවියේ තිබෙනවා.

මම තවත් ග්‍රන්ථ දෙකක් (කඩදාසි චිත්‍ර කලාව – 2 සහ සමාගමක් ලියාපදිංචි කිරීම ) ප්‍රකාශයට පත්වනවා. කඩදාසි චිත්‍ර කලාව – 3 කෘතිය සම්පූර්ණයෙන්ම කඩදාසි තීරු භාවිතයෙන් කාන්තාවන්ගේ ආභරණ නිර්මාණය කිරීම ගැන විස්තර ඇතුළත්.ප්ලාස්ටික් අත්කම් යනුවෙන් මම තවත් පොතක් ප්‍රකාශයට පත්කරනවා. එහි ඉවත දමන ප්ලාස්ටික් බෝතල්වලින් නිර්මාණ කරන ආකාරය ගැන සඳහන් වෙනවා.

ඒ කියන්නේ LED  බල්බයේ වගේම කඩදාසි කලාවේ අයිතිකරු ඔබයි.එහෙම කිව්වොත්?

ඔබ හරි.

වෙසක් සැරසිලි

වෙසක් මාසය ආසන්න කාලයක මම ගමේ ගිහින් එනවිට උණ පඳුරකින් කොටස් කරගත් උණ බට අරගෙන ආවා. ඒවායින් කූඩු හැදුවා. අටපට්ටම් කූඩුවලට හොඳ ඉල්ලුමක් තිබුණා. ආදායමත් ලැබුණා. නමුත් මම අගෝස්තු මාසයේ නැවත ගමට යන විට උණ පඳුරු කැපීම නිසා පස සේදීගෙන ගිය ආකාරය දැක්කා.

ඒ නිසා උණ පඳුරු කැපීමට වඩා කාඩ්බෝඩ්වලින් වෙසක් කූඩු නිර්මාණය ගැන මට අදහසක් ඇතිවුණා. නමුත් මම කාඩ්බෝඩ්වලින් වෙසක් කුඩු හැදුවත් ඒ වෙනුවෙන් ඉල්ලුමක් තිබුණේ නැහැ. පසුව කාඩ්බෝඩ් වෙසක්කූඩුවල ශක්තිය ගැන තේරුම් ගත් පාරිභෝගිකයන් වෙතින් ඉල්ලුමක් ඇතිවුණා.ස්වයං රැකියාවක් විදිහටත් බොහෝ දෙනෙක් කඩදාසි වෙසක් කූඩු නිර්මාණයට යොමුවුණා.

ශිල්ප සභාවටත් ඔබේ දැනුම ලබා දුන්නා කිව්වොත්?

මේ වනවිට ජාතික ශිල්ප සභාවේ කඩදාසි පල්ප තාක්ෂණය පිළිබඳව නිර්මාණ කලාවක් තිබුණත් ‘Paper Qualin’ පිළිබඳ කලාවක් තිබුණේ නැහැ. මම ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂ ආනන්ද මහතා හමුවෙලා මේ ගැන කිව්වා. එතුමා මගේ තාක්ෂණය, ශිල්ප සභාව ඔස්සේ ලබාදෙන්න කැමැති වුණා.

ජාතික ශිල්ප සභාව හැම වසරකදීම නිර්මාණ තරග පවත්වා ශිල්පීන් ඇගයීමට ලක් කරනවා. මමත් අවස්ථා දෙකකදීම ජයග්‍රහණය ලැබුවා. පළමු සහ දෙවැනි ස්ථාන ලැබුණේ මගෙන් ඉගෙන ගත් ගෝලයන්ටයි. එය මට සතුටක්. අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ශ්‍රීි ලංකාව නියෝජනය කරමින් චීනය සහ ඉන්දියාව යන රටවල්වල වෙළෙඳ ප්‍රදර්ශන දෙකකට සම්බන්ධ වුණා.

කොවිඩ් සමග සියල්ල බිඳ වැටුණා…

කොවිඩ් වසංගතය කාලයේ අපි හැම දෙනෙක්ම මුහුණු පොත හරහා අදහස් හුවමාරු කරගත්තා. මේ කාලයේදී ‘නිල් කටරොලු’ ගැන අදහස් හුවමාරු වුණා. කොරෝනාවලට ඖෂධයක් ලෙසින් ‘නිල් කටරොලු’ නමින් ගෲප් එකක් ආරම්භ කළා. අපේ සාමාජිකත්වය 5000 ඉක්මවා ගියා. අපි ‘දියත උයනේ’ රැස්වීමක් තිබ්බා.

මගේ විදේශගත මිතුරෙක් සිටියා තරිඳු ලක්ශාන් කියලා. ඔහු ආහාර පිළිබඳ විද්‍යාඥයෙක්. මේ ගැන පර්යේෂණයන්හි වාර්තා මට ලබාදුන්නා. ඒ කරුණු ගොනුකර ගෙන මම ‘නිල් කටරොලු’ නමින් කෘතියක් ප්‍රකාශයට පත්කළා.

නමුත් මගේ මිතුරෙක් මාව ධෛර්යමත් කළා ඔයා මල් ගන්න මම නිල් කටරොලු මල් ලබා දෙන අයට මුදල් ගෙවන්නම් ඔහු කිව්වා. ආරම්භය එහෙම සිදුවුණා.එතැනින් පසුව නිල් කටරොලු මල් විතරක් නොවෙයි සේපාලිකා, සමන්පිච්ච, යකිනාරං වගේ ශාක පත්‍ර පවා මිලට ගන්නවා. අපනයනය වෙනුවෙන් තොග අවශ්‍ය අයටත් ලබාදෙනවා.

අපි බහලුම්වල දාලා නැව්ගත කිරීමක් සිදුකරන්නේ නැහැ. ශ්‍රීි ලංකා තැපෑල EMS ඔස්සේ විශාල ප්‍රමාණයක් යවලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව අපේ ඇණවුම් ප්‍රතික්ෂේප කළා. නමුත් ශාඛ නිරෝධායන සහතිකය අරගෙන නිෂ්පාදන අපනයනය කළොත් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ.Dharsahna Globle Enterprices ( PVT ) Ltd යටතේ විජලනය කරන ලද නිල් මානෙල් මල්ල පොකුරු වදල කටරොලු, බෙලි මල්, සමන්පිච්ච මල්ල කරපිංචාල තෙබු වැනි නිෂ්පාදන මිලට ගැනීම වගේම අපෙන් මිලදී ගැනීමටත් අවස්ථාවන් තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: Led
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?