නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නුවරඑළියේ මල් කොල්ලා උගන්වන පාඩම් ගොඩ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නුවරඑළියේ මල් කොල්ලා උගන්වන පාඩම් ගොඩ

Published May 27, 2024

පහුගිය දවස්වල චීනයේත් ලංකාවෙත් සමාජ මාධ්‍ය පුරා අතිශය ජනප්‍රිය වුණ චරිතයක් හිටියා. ඒ චීන සංචාරකයන්ගේ බස් රථයක් පස්සේ පන්නන් ගිහින් මල් පොකුරක් විකුනපු නුවරඑළිය් ධෛර්යවන්ත ‘මල් කොල්ලා’. ඔහු ගැන පළවුණ වීඩියෝ, ඡායාරූප දකිද්දි ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපිට විශාල ආඩම්බරයක් දැනෙනවා. මල් විකුණපු තරුණයෙක් කොහොමද මෙච්චර ජනතා ප්‍රසාදයට පත්වුණේ? මේ අවුරුදු 14 තරුණයාගේ ජීවිත කතාවෙන් අපේ ජීවිතවලටත් ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ලෝකෙ කෝටි ගානක මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනාගන්න, බොහෝ දෙනෙක් කතා කරන සුවිශේෂී පුද්ගලයෙක් බවට පත්වෙන්න ඔහු කරපු වෙනස්කම මොකක්ද? සමහරවිට ඔහු කළ මේ වෙනස අපිත් උත්සාහ කරලා බැලුවොත් අපේ ජීවිතත් සාර්ථක කරගන්න පුළුවන් වේවි.

කරනා දෙය ආසාවෙන්, සතුටින් කරන්න

ඔබ කුමන වෘත්තියක නියැලුණත් ඒ කරන දේ ආසාවෙන් කරන්න පුළුවන්නම් අපිට ඒ දෙයින් විශේෂත්වයක් ඇති කරගන්න පුළුවන්. වරක් ස්ටීව් ජොබ්ස්ගෙන් කෙනෙක් අහනවා සාර්ථක වෙන්නනම් මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ස්ටීව් දෙන උත්තරය තමයි “ඔබට ආසාවෙන් කළ හැකි දෙයක් කරන්න” කියන දේ. එතකොට මේ මල් විකුණන ලාබාල තරුණයා දිහා බැලුවම අපිට පේන දේ තමයි ඔහු පාර අද්දර ඉඳගෙන බස් එක දිහා බලාගෙන හිනාවෙන විදිහෙන්, බස් එක පස්සේ දුවන් එන විදිහෙන් ඔහු ඔහුගෙ රස්සාව පුදුමාකාර ආසාවකින් කැපවීමෙන් කරනවා. ඉතින් ඔබ කුමන රැකියාවක් කරන පුද්ගලයෙක් වුණත් කරන දේ ආසාවෙන් කරන්න.

මුහුණට ලස්සන සිනාවක් එකතු කරගන්න

මේ තරුණයා මෙතරම් ආකර්ෂණය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔහුගේ මුහුණේ තිබුණ පිරුණු, ප්‍රසන්න හිනාව. ඇලන් කියන ලෝක පූජිත අලෙවිකරුවෙක් වරක් කියලා තියෙනවා ඔබ සතුව කොතරම් හොඳ අනර්ඝ ඇඳුම් කට්ටලයක් තිබුණත් ඔබගේ මුහුණේ සිනහවක් නැත්නම් ඒ ඇඳුම සම්පූර්ණ නෑ කියලා. මේ මල් තරුණයාගේ වීඩියෝව ඔබ නැරඹුවානම් දකින්න ඇති ඔහු චීන සංචාරකයන්ට මල් අලෙවි කරද්දිත්, බසයෙන් බැස යද්දිත් ඔහුගේ මුහුණ පුරා නිරන්තරයෙන් ලස්සන සිනහවක් තිබුණා. අදින් පස්සේ අපිත් අපේ පාරිභෝගිකයන් සමග වැඩ කරද්දි, යම්කිසි කෙනෙක් එක්ක ගනුදෙනු කරද්දි සිනහවකින් මුහුණ සරසගත්තොත් අපි කරන වෘත්තිය තුළම යම් වෙනසක් ඇති කරගන්න පුළුවන්.

ආචාර සම්පන්න වෙන්න

මල් විකුණන්න මේ තරුණයා චීන සංචාරකයින් සිටි බස් රථයට ගොඩවෙන්නේ පාවහන් පවා ගලවලා. ඒ වගේම ඔවුන්ගෙන් අවසරයක් අරන් බොහොම ආචාර සම්පන්නව. මිනිස්සු හරි ආස කරන, අගය කරන දෙයක් තමයි පුද්ගලයෙක්ගේ විනය. අපි ආයතනයක වැඩ කරද්දි ඒකෙ තියෙන විනයගරුක පද්ධතියට අනුගත වෙන්න පුළුවන්නම්, පාරක යද්දි මාර්ග නීති පිළිපදින්න පුළුවන්නම්, කෙනෙක් එක්ක කතා කරද්දි ආචාර සම්පන්න වෙන්න පුළුවන්නම් මිනිස්සු අපිට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. අපි අනෙකාට ගෞරව කළොත්, ආචාරශීලී වුණොත් අපිට ජීවිතයේ අමතර දුරක් යන්න පුළුවන්.

අතේ තියෙන දෙයකින් ආරම්භ කරන්න

මේ තරුණයා කරන්නේ නුවරඑළිය වැනි ප්‍රදේශවල ස්වභාවිකව හැදෙන මල් ටිකක් අරගෙන ඒ මල් ටිකෙන් ජීවිකාව ගොඩනගාගන්න එක. නෑ බෑ කිය කිය, තමන්ට අවස්ථාවක් නෑ කියමින් මැසිවිලි නගන්නැතුව අත ළඟ තියෙන දෙයින් වෙනසක් කරන්න.

අමතර අගයක් එකතු කරගන්න

ඔබ මේ තරුණයාගේ අතේ තියෙන මල් පොකුර දෙස බැලුවොත් ඔබට පෙනේවි ඔහු ඒ මල් පොකුරට අමතර අගයන් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ මල් අදාළ තැන්වලින් ලබාගෙන, එයින් ලස්සන සංකලනයක් කරලා, ස්වභාවිකවම ආවරණයකුත් සකසාගෙන ඒකටම ඔහුගේ ආදරය, උනන්දුව එකතු කරලා තිබුණා. මේ වගේ අමතර අගයන් එකතු කරන තරමට වෙළඳපොළෙනුත් ලැබෙන වටිනාකම වැඩියි.

එක වගේ අය අතරේ වෙනස් කෙනෙක් වෙන්න

අපි නුවරඑළිය පැත්තෙ යනකොට මේ වගේ මල් විකුණන තරුණ තරුණියන් ඕන තරම් දැකලා තියෙනවා. නමුත් මේ තරුණයා කරන්නේ මල් විකුණන අනිත් අය අතරේ වෙනස් කෙනෙක් වුණ එක. ඔහු තැන් කිහිපයකින් බස් රථය ඉදිරියට පැමිණියත් බස් රථය නතර කළේ නෑ. හැබැයි බස් රථය නවත්තනකල් ඔහු බස් රථය ලුහුබඳින එක අනිත් අය වගේ අත්හැරලා දැම්මෙත් නෑ. මේ වෙනස අපිටත් කරන්න පුළුවන් දෙයක්. හැබැයි අපි කරන්න කලින් ඒ වෙනස ඔහු කරපු නිසා ඔහුට වෙනස් ප්‍රතිඵලයක් ලැබුණා.

මොන දේ කළත් ලස්සනට, පිළිවෙලට කරන්න

මල් විකුණන තරුණයෙක් වුණත් ඔහු හරි පිළිවෙලයි. අපූරු ඇඳුම් කට්ටලයකින් සැරසිලා, කොණ්ඩෙ ලස්සනට පීරලා තමයි ඔහු මේ වැඩේ කරන්නේ. එයින් ඔහු ලබාදෙන්නේ ඔහුටම වටිනාකමක්. මොන දේ කළත් ඒක පිළිවෙලට කරන්න. අපි කරන දේ තුළත් වෙනසක් කරමු. සුන්දර සිනහවකින්, යහපත් චර්යාවන්ගෙන් අපේ වෘත්තිය තුළ ගුණාත්මක වෙනසක් සිදු කරගත හැකියි.

ප්‍රවීණ දේශක හා
මනෝවිද්‍යා පුහුණු
උපදේශක,
මොහාන් පල්ලියගුරු

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: තරුණ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?