නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පැරණි වෙසක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පැරණි වෙසක්

Published May 27, 2024

ක්‍රි.පු 3 වන සියවසෙහි මිහිඳු මාහිමියන්ගේ වැඩම කිරිමත් සමග ලංකාවේ රාජ්‍ය ආගම බවට බුදුදහම පත්විය. 19 වන සියවසේ සිංහල රාජ්‍යය අභාවයට පත් වෙන තෙක්ම ලංකාවේ රජතුමා බෞද්ධයෙකු පමණක් නොව බෝධිසත්වයෙක්ය යන සංකල්පය බිහි විය. 4 වන මිහිඳු රජතුමාගේ සෙල්ලිපියෙහි සඳහන් අන්දමට බෝධිසත්වයන් හැර අන් කිසිවෙක් ලංකාවේ රජ නොවන්නේය. ඔවුන්ට මේ වියරණය ලැබුණේ සර්වඥ බුදුන්වහන්සේගෙන්ය. බැව් සටහන්ව ඇත.

13 වන සියවසට අයත් “ පුජාවලියෙහි ” සඳහන් අන්දමට “ මේ ලක්දිව බුදුන්වහන්සේගේ තුණුරුවන් භාණ්ඩාගාරයක් වැන්න. එසේ හෙයින් මේ ලක්දිව මිථ්‍යා දෘෂ්ටිකයන් වාසය කෙරේ නම් (පුජාවලිය,පි. 656) නම් පෙර යක්ෂයන්ගේ වාසය ස්ථිර නොවුණා සේම ස්ථිර නොවේමය.

මිථ්‍යා දෘෂ්ටික රජෙක් ලක්දිව බලහත්කාරයෙන් කිසි කලෙක රාජ්‍ය කළේ වි නමුත් ඔවුන්ගේ වංශ ප්‍රතිෂ්ටා නොවනේ බුදුගේ ආනුභාව විශේෂයක්මය. එසේ හෙයින් මේ ලක්දිව සම්‍ය දෘෂ්ටි ගත් රජුන්ට සීහෙන හෙයින් උන්ගේ කුල ප්‍රවේණිය පවත්නේද ඒකාන්තමය.

දුටුගැමුනු රජතුමා පස් වතාවක් ලංකා රාජ්‍යය ශාසනයට පුජා කරන ලදී. පෝය දවස මුලුමනින්ම ආගමික වතාවත් වෙනුවෙන් වෙන් කෙරිණ. රජවරු පවා පෝය දිනයට සිල් ගත් අතර සද්ධාතිස්ස, උපතිස්ස 11, සහ දාඨෝපතිස්ස වැනි රජවරු පොහොය දින සිල් සමාදම් වී මිනිසුන් සමගම එදවස ගෙවන ලද බවට වාර්තාවන් ඇත.

බදුලු සෙල් ලිපියට අනුව පොහොය දිනයට වෙළඳාමේ යෙදීම තහනම් කළ අතර යමෙක් මෙදින වෙළඳාමේ යෙදුණේ නම් ඒ වෙනුවෙන් දඩ ගසන ලදි. රාජාභිෂේකය වෙනුවෙන් බෞද්ධ පුජණීය ස්ථාන යොදාගත් අතර දෙවන සේන රජතුමා සිය අභිෂේක උත්සවය පත්වන ලද්දේ රුවන්වැලි සෑ මලුවේදීය.

බුද්ධොත්පත්තිය සිහිපත් කරනු පිනිස මැයි මාසයේදි වෙසක් උත්සවය පවත්වන ලද බව “ වෙසකාමාසෙ පුණ්ණමායං සම්බුද්ධෙ පඋප්පජ්ජථ තං මාසං පුජනත්තාය… දිපවංශයේ ( පරි 21. ගාථා 28 ) සඳහන් වේ. වෙසක් මංගල්‍යය අති පුරාණයේ පටන් පැවැතෙන බෞද්ධ උත්සවයකි.

අවුරුද්දක් පාසා දෙවැනි මස අට වෙනි දින පිළිම පෙරහැරක් පවත්වති. රෝද හතරක රියක් සාදා උණදඬු එක පිට එක බඳිමින් ඒ මත පස්මහල් මණ්ඩපයක් නංවා, රන් රිදි දෙව් පිළිම අඹා… මණ්ඩපයේ සතර පැත්තෙහි එක එක කුටියෙහි හුන් බුදු පිලිමයක්ද බුදුන්වහන්සේට උපස්තාන ලෙස සිටින බෝධිසත්ව රූපයක්ද වඩා හිඳුවති…

පාහියන් භික්ෂුන්වහන්සේගේ වාර්තාවන්ට අනුව එකල ( ක්‍රි.ව 412 ) භික්ෂුන්වහන්සේලා හැට දහසක් පමණ ශ්‍රි ලංකාවේ වාසය කොට ඇත. සියළුම උත්සව දළදා වහන්සේ මුල් කර ගෙන සිදු වුන අතර, තුන් මාසයක් පුරා මෙම උත්සව පවත්වන ලදි. මෙම තුන්මාසය ලෙසින් වෙසක්, පොසොන් සහ ඇසල යන මාස ඇතුළත්ව ඇතැයි අනුමාන කෙරේ.

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ධාතු මන්දිරයෙන් පිටතට වැඩම කිරිමට පෙර දින දහයක් කලින් අණ බෙර ලවා උත්සවය පිලිබඳ තොරතුරු නුවර පුරා ජනතාවට දන්වනු ලැබේ. ඇතකු පිට නැඟුන මඟුල් සලු පිලි හැඳගත් රාජපුරුෂයෙකු අණබෙර ශබ්දයෙන් පසු දිර්ඝ වාක්‍යකින් මෙම පුවත ප්‍රකාශ කරයි.

අසව්… අසව්… බුදුන්වහන්සේ බෝධිසත්ව අවස්ථාවෙදි කල්ප අසංඛ්‍යත්‍රයත් මුලුල්ලේ පාරමිදම් පෙරූසේක. ඒ මහත්මයෝ සිය රාජ්‍යයද, භාර්යාවද, දු පුතුන්ද පරිත්‍යාග කලහ.තමන් වහන්සේ විසින් සත්ත්වයන් වෙත ඉටු කළ යුතු වු කාර්ය නිමවු බුදුන්වහන්සේ පිරිනිවන්පෑ සේක. එතැන් පටන් මේ දක්වා අවුරුදු 995 ක් ගෙවි ගොස් ඇත.

ඒ ලෝකාලෝකය නිවි ගිය තැන පටන් මේ දක්වාම සත්ත්වයා අප්‍රමාණව දුක් වෙති. බුදුපියාණන්ගේ දන්තධාතුන් වහන්සේ මන්දිරයෙන් පිටතට වැඩම කොට අභයගිරි විහාරය වෙත වැඩම කරවනු ලබන සේක. ගිහි පැවිදි පිං කැමැත්තෝ මග සදත්වා. නුවර හැම විථියක්ම අතුරු විථියක්ම සරසත්වා. මෙම උත්සව සමයේ රාජකිය සිත්තරුන් විසින් බුදුන්වහන්සේගේ පන්සිය පණස් ආත්ම භාවයන් සිතුවමට නගා මග දෙපස ප්‍රදර්ශනය කරනු ලබයි.

මෙම උත්සවය වෙනුවෙන් රාජකීය සිත්තරුන් විසින් පන්සිය පණස් ජාතකය සිතුවමට නගා මඟ දෙපස ප්‍රදර්ශනය කරනු ලැබේ. දෙවන පැරකුම්බා රජ දවස පවත්වන ලද වෙසක් උත්සවයක් පිලිබඳව පුජාවලියේ සඳහන්ව ඇත.

“ භෙරිතලයන් සේ සම කරවා, පස් රියනට රජ තොරණක් හා දස රියනකට විදි තොරණක් හා සියක් යොදු තුන් මහල් පිළි මාලිගා බැගින් නිමවා, මග සුදු වැල්ලෙන් තවරා, දෙපස ඔවප් පුන් කලස් තබා වෙහෙර පුවරු සිසාරා, බුද්ධ පුජාවන්ට ආ මේඝ රාජයාගේ ඉන්ද්‍රචාප සහඝ්‍රයක් බඳු වු විචිත්‍ර චිත්‍ර කර්මාන්තයන්ගෙන් හොබවා මහත් වු තොරණ සහඝ්‍රයෙන් හා බුදුන් පුදම්හයි…

භාතිය රජ දවස ( ක්‍රි.ව 38-67) ලංකාවෙව්පවත්වන ලද වෙසක් උත්සවයක් පිලිබඳ සටහනට අනුව සරසන ලද රථයක, බුදුරුවක් වඩා හිඳුවා සරසන ලස විදීවල මහා ජන ගංගාවක් පිරිවරාගෙන දර්ශණීය පෙරහැරක් මංමාවත් ඔස්සේ සංචාරය කරන ලද බව සටහන්ව ඇත.

වෝහාරිකතිස්ස රජතුමාගේ දවස අරියවංශ දේශනා උත්සවය ඉතා ජනප්‍රියව පැවැතුනි. දුගි, මගි යාචකාදින්ට සංග්‍රහ පවත්වමින් භික්ෂුන්වහන්සේලා වෙත සිවුරු පිරිකර පුජා කරන ලදී. ගෝඨාභය සහ ජෙට්ඨ තිස්ස රජවරුන් විසින් භික්ෂුන් තිස් දහසක් වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවන් පිරිනමන ලද බවත් සඳහන් වේ.

මෙම ( වෙසක් කලාපය, 2518 : පි. 8 ) පින්කමට මහජනතාව ආධාර පවා ලබා දුන් බව සඳහන්ය. ගිරිභණ්ඩ පුජා, දළදා පුජා, බෝධිි පුජා ආදි සංස්කෘතිකාංග බොහොමයක් බුදුදහමේ ආභාෂය සමඟ ශ්‍රි ලංකාව ලබාගත් දායාදයන් වේ.

භාතිය රජතුමා ( ක්‍රි.ව 38-67 ) වෙසක් මංගල්‍යන් විසි අටක්ද වසභ රජතුමා ( ක්‍රි.ව 127-171 ) වෙසක් මංගල්‍යන් විසිහතරක් පවත්වා ඇත.එකල පැවැති වෙසක් උත්සවය වෙනුවෙන් රජතුමාගේ සම්ප්‍රාප්තිය අනිවාර්ය විය. සෙල්ලිපි සාහිත්‍යයට අනුව උත්සවය පැවැත්විම වෙනුවෙන් අදාල නිති, රීති හා චාරිත්‍ර විධි පැවැති අතර මේවා කාලිනව වෙනස්කම්වලට භාජනය වෙමින් පවති.

පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️

TAGGED: වෙසක්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?