නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රූෆ් ටොප් එකට බැල්කනි එකට Trending මල්වැල්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රූෆ් ටොප් එකට බැල්කනි එකට Trending මල්වැල්

Published May 20, 2024

ලස්සන ගෙවත්තක හිමිකාරිණියක් වුණ කාන්තාවන් කවුරුත් කැමතියි තමන්ගෙ ගෙවත්ත පුළුවන් තරම් ලස්සනට හදාගන්න. ගෙවත්තක් ලස්සනට හදාගන්න නම් මල් ඇර වෙන මොනවද? දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි තාප්පවල, රූෆ් ටොප්ස්වල ලස්සනට යවන මල්වැල්. ඔයත් ඒ විදිහට මල්වැල්වලට ආස කෙනෙක් නම් මේ මල්වැල් වවලා බලන්න. මේවා වවාගන්න එක ඒ හැටි අමාරු කාරියක් නෙවේ.

බළල් පහුරු

ගෙවත්තක වවන්න පුළුවන් මල්වැල් ගැන කතා කරද්දි මුලින්ම මතකෙට එන්නෙ බළල් පහුරු. මේක අවුරුද්දෙ මුල් මාස කිහිපයේ මුළු වැලම වැහෙන්න කහ පාට ලස්සන මල් පිපෙන වැලක්.

ළා සුවඳක් හමන බළල් පහුරු මල් වැලේ හැමතැනම බළලෙක්ගෙ නිය වගේ අඬු තියෙන නිසයි මේ නම වැටිලා තියෙන්නේ. ඒ තියුණු අඬු නිසා වැල අස්සෙ සර්පයෝ එහෙම හැංගිලා ඉඳී කියලා බයවෙන්න දේකුත් නෑ.

රැජිනගේ මල් කලඹ (Queen’s wreath )

අවුරුද්දකට කිහිපවතාවක් දම් පැහැ මල් පොකුරක් පිපෙන මේ වැලට නම හැදිලා තියෙන්නෙ කලඹක් ආකාරයට හැදෙන නිසා සහ එංගලන්තෙ මහ රැජිණගේ කැමතිම පාට දම් පාට නිසාත්ලු. මේක ලේසියෙන් පර නොවෙන මල් පොකුරක්. සම්පූර්ණ හිරු එළියේ හොඳින් මල් හටගත්තත් අර්ධ සෙවණට වඩාත් ප්‍රිය කරනවා.

රැසේලියා

හිරු එළියට ගොඩක් ඇලුම් කරන රැසේලියා කියන්නෙ නම් මල් වගේම කොළය පවා ලස්සන වැල් වර්ගයක්. රතු සුලභ වර්ණය වුණත් මේ මල් ක්‍රීම්, තැඹිලි සහ කහ පැහැයෙනුත් තියෙනවා.

මල් පොකුරේ ස්වභාවය රතිඤ්ඤා වැලක ස්වභාවයක් ගන්න නිසා ෆයර්ක්‍රැකර් ප්ලාන්ට් ලෙසත් හඳුන්වනවා.

මේ වැල කළු ගලින් බැඳපු තාප්පයක ගලක් අස්සෙ වුණත් පස් කැදලි එක්ක ලේසියෙන්ම හැදෙනවා. සමනලයින්, මී මැස්සන් බෙහෙවින්ම ආකර්ෂණය වෙන මල් වර්ගයක්.

වැල් රෝස

ඕනම රෝස වර්ගයකට අව්ව අවශ්‍යයි. වැල් රෝස ඕනම දේශගුණයක හැදෙනවා. සීත ප්‍රදේශවල මල් ලොකුවට හැදුණත් රස්නෙ ප්‍රදේශවල මල් තරමක් පුංචියි. නමුත් හවසට අයිස් වතුර ටිකක් මුල වටේට දැම්මොත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. මිදුලකට ආර්ච් එකක හැඩයට වවාගන්න රෝස තරම් ලස්සන මල් වර්ගයක් නෑ.

බහුමානියා

උද්‍යාන අලංකරණයේදී වැඩි දායකත්වයක් සපයන මල් වැලක් තමයි මේ. මුළු මල් වැලම වහගෙන පොකුරු ආකාරයට මල් හැදෙන බහුමානියා කියන්නෙත් මසකට ආසන්න කාලයක් මල් පර නොවී තියෙන මල්වැල් වර්ගයක්.

තද තැඹිළි, ළා තැඹිළි සහ කහ මිශ්‍රව මල් හටගන්නවා. නමුත් තරමක කාලයක් මල් හටගන්න ගතවෙනවා. සෘජු හිරු එළියට වඩාත්ම ප්‍රියයි. මල්වලින් ලබාගන්න බීජ හොඳින් වියළා ගැනීමෙන් අනතුරුව තෙත පසක තවාන් දැමීමෙන් පැළ බෝකරගැනීමට හැකියි.

ගෝල්ඩන් බෙල්

ගෝල්ඩන් බෙල් කියන්නෙ බැල්කනිවල හදන්න පුළුවන් ඉතාම ලස්සන මල් වැලක්. පහසුවෙන් වවාගන්න පුළුවන්. හොඳින් අව්ව වැටෙන තැනක තමයි මේක හිටවන්න ඕනේ.

මල් වැලෙන් තැනින් තැන හටගන්නා අංකුර අඩි අටක් විතර දිගට පටියක් විදිහට හැදෙනවා. මේ වැල වහලෙ තීරුවක හෝ ආර්ච් එකකට හොඳින් ගැළපෙනවා. වේගවත් වර්ධනයත් තියෙනවා.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?