නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලෝකයේ පුදුම නීති
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලෝකයේ පුදුම නීති

Published May 20, 2024

රට රටවල් අතර පවතින ආගමික” සංස්කෘතික සහ සමාජ වටපිටාව අනුව නීති රීති පනවා ගැනීම සිදු වෙනවා. සමහර විට ඒවා දකින තවත් සමාජ රටාවක අයෙකුට විකාර ලෙසින් පෙනුනත් මෙවැනි නීති, රීති සහ සම්ප්‍රදායන් නිසාම ඔවුන්ගේ සංස්කෘතික සහ සමාජ උරුමයන් ආරක්ෂා වෙනවා. මේ එවැනි අමුතු තාලයේ නීතිරීති කීපයක්.

අඩි උස බැහැ

පුරාවිද්‍යාත්මක උරුමයක පැවැත්ම සංරක්ෂණය කර ගැනීම වැදගත්. විටින්විට ප්‍රතිසංස්කරණය කිරීමට වඩා පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා වෙන අන්දමින් පවත්වා ගැනීම වැදගත්. ඒ නිසාවෙන්ම ග්‍රිසියේ “ ඇත්‍රොපොලිස් ” පුරාණ බලකොටුව තුළ අඩි උස පාවහන් පැළඳ ගෙන ඇවිදීමට අවසරයක් නැහැ.

සමහර විට ඔබ මේ ගැන වෙනස් විදිහකට හිතන්න පුළුවන්. අපට අවශ්‍ය අන්දමින් අඳින්න, පළඳින්න අවසරයක් අවශ්‍යයි නේද කියලා හිතුවත් වසර 2500 ක උරුමයක් ඇති මේ බලකොටුව තුළ අඩි උස පාවහන් පැලඳ ගෙන ඇවිදීම නිසා සිදු වෙන හානිය වලක්වා ගැනීම ග්‍රිසියේ අයිතියක් ලෙසින් ඔවුන් සිතනවා.

හුණ්ඩු වගේ බෝතල්වල මාළු ඇති කරන්න බැහැ…

අපි විසිතුරු මත්ස්‍යන් ඇති කිරීමේදී ඔවුන්ට අවශ්‍ය ඉඩ පරිසරය ගැන හිතන්නේ නැහැ. නමුත් රෝමයේ නම් ඒ සෙල්ලම් බැහැ. මාළුවන්ට හොඳින් පීනන්න පහසුකම් සහිත විසිතුරු විදිහට සකස් කරන ලද ඉඩ පරිමාවක් ඇති මාළු ටැංකියක් නැතුව මාළු ඇති කරන්න නීතියෙන් අවසර නැහැ.

හොඳින් ඉඩ පරිසරය ඇති ටැංකියක, ජලජ පැලෑටි වැනි දේවල් ඇතුලත් කරලා විසිතුරු විදිහට මේ ටැංකිය නිර්මාණය වීම අවශ්‍යයි. ඒ විතරක් නොවෙයි, නිවසේ බල්ලෙක් ඇති කරනවා නම් ව්‍යායාම සඳහා ඒ බල්ලා අනිවාර්යෙන්ම ඇවිදවන්න ඕන. බල්ලා ඇවිද්දෙව්වේ නැත්නම් හාම්පුතාට ඩොලර් 625 ක් දඩ ගහන්නත් වෙනවා.

ඕන ඕන සින්දු බැහැ…

අපේ ගුවන්විදුලි නාලිකාවල ගීත ප්‍රචාරය වීමේදී රජයේ කිසිම මැදිහත් වීමක් නැහැ. නමුත් කැනඩාවේ ගීත ප්‍රචාරණ කාලයෙන් 13% ක කාලයක් දේශීය ශිල්පීන් වෙනුවෙන් වෙන් කිරීම නිතියක්. කැනේඩියානු ප්‍රසාංගික ශිල්පීන් වෙනුවෙන් විශාල ආරක්ෂාවක් වගේම එරට දේශීය සංගීත කලාව ආරක්ෂා වීමටත් මෙයින් විශාල පිටුවහලක් ලැබෙනවා.

පරෙවියනට කෑම තහනම්

අපේ රටේ නම් පරෙවියෝ රංචු පිටින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙනවා. ඒ වගේම පරෙවියන්ට ආහාර ලබාදීමෙන් අපිත් සතුටක් ලබනවා. ඒත් පරෙවියන්ගේ මලපහ නිසා ඇති වෙන පරිසරයේ අපිරිසිදු වීම ගැන අපි හිතන්නේ නැහැ.

අපි කන්න දුන්නා… ආවා… ඉතිරි ඒවා අපිට අදාල නැති වුණත් වැනිසියේ ශාන්ත පාර්ක් චතුරස්‍රයේ පරෙවියන්ට ආහාරපාන ලබා දීම තහනම්. 2008 වසරේ පටන් ක්‍රියාත්මක වන මේ නීතියට අනුව පරෙවියන්ට ආහාර ලබා දුන්නත් යූරෝ 700 ක දඩයක් ගෙවන්න වෙනවා.

වෙස්මුහුණු බැහැ…

සාමාන්‍යයෙන් අපේ රටේ වෙස්මුහුණක් පැළඳ ගෙන තමන් කැමැති නම් නගරයේ වුණත් ඇවිදින්න පුළුවන්. විශේෂයෙන් වෙළඳ ප්‍රචාරණ කටයුතුවලදී විවිධ වෙස්මුහුනු පැලඳ ගෙන පාරිභෝගිකයන් වෙත ආරාධනා කරන අවස්ථා තිබෙනවා.

නමුත් වෙස්මුහුණක් පැලඳ ගෙන විවිධ අන්දමේ අපචාර සහ අකටයුතුවල යෙදන්න තිබෙන ඉඩ ප්‍රස්ථාව නිසා 2018 වසරේදී ඩෙන්මාර්ක් රජය විසින් පොදු ස්ථානයන්හි  වෙස්මුහුණු පැලඳ ගෙන සිටිනන්ට අවසරයක් නැති බැව් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වතුර පිස්තෝල සෙල්ලම් මෙහෙ බැහැ…

පසුගිය 2023 වසරේ මහනුවර ඇසළ පෙරහැර දවසක පෙරහැරේ ගමන්ගත් අලි තුන් දෙනෙක් නොසන්සුන් වුණ සිදුවීම ඔබට මතක ඇති. කුඩා දරුවෙක් ලේසර් ආලෝකයෙන් සෙල්ලම් කරමින් සිටියදී අලියගේ ඇසට ආලෝකය වැදීම නිසා ඔවුන් නොසන්සුන් වුණා.

සමහර විට මේ සිදුවීම නිසා විශාල අනතුරක් වෙන්න තිබුණා. මේ වගේ අනපේක්ෂිත හිරිහැර නිසා කාම්බෝජයේ සැණකෙළි කාලයේදී වතුර පිස්තෝල සෙල්ලම් බැහැ. ජනාකීර්ණ වීදිවල වතුර පිස්තෝලෙන් වතුර විදින විට දරුවන්ට නම් විනෝදයක්. ඒත් මෙය සමාජයට හිරිහැරයක්.

අවිවාහක නම් රූම් බැහැ…

අපේ රටේ පෙම්වතුන් වගේම අවිවාහක උදවිය කාමරයක් සොයා ගෙන යෑම දැන් සුලබයි. නමුත් දකුණු කැරොලයිනාවේ මේ විදිහට තානායමක කාමරයක් ලැබෙන්නේ විවාහක ජෝඩුවකට පමණයි. එය නීතියක්.

චුයින්ගම් කන්න අවසර නැහැ…

චුයින්ගම් එකක් කෑවාද… ? එහි හපය හිටියේ කොතැනද එතැන ඇලෙව්වා. පංතියක නම් ඩෙස්ක් එකේ. බස් එකේ නම් සීට් එකේ. හානි සිදු වෙන පරිසර හානිය ගැන එයාලට අදාල නැහැ.

ඒ නිසා සිංග්පපුරුවේ චුයින්ගම් නිෂ්පාදනය වගේම අලෙවිය තහනම් කර තිබෙනවා. චුයින්ගම් අලෙවිය කියන්නේ දඩයක් ගැසීමට තරම් වරදක්. නමුත් ඩෙන්ටල් චුයින්ගම් ගැන නම් තහංචියක් තවම පනවා නැහැ.

අධිවේග මාර්ගයේදී වාහනේ නැවතුනොත් සොරි තමයි…

තමන්ගේ වාහනය නිවසෙන් පිටතට ගන්න පෙරාතුව ආදාල විදිහට ඉන්ධන, හුළං සහ වෙනත් තත්ත්වයන් ගැන පරීක්ෂාකාරී වීම වැදගත්. අපේ ප්‍රමාදය නිසා වාහනය අතරමග නැවතුනොත් අපට විතරක් නොවෙයි, මාර්ග අවහිරවීම නිසා තවත් බොහෝ පිරිසක් අපහසුතාවයට පත් වෙනවා.

ඒ නිසා ජර්මනියේ මේ වෙනුවෙන් නීතියක් පනවා තිබෙනවා. අධිවේගී මාර්ගයේදී යම් විදිහකින් වාහනය නැවතුනොත් දඩයක්. පෙට්රල් ටිකක් අරගෙන එන්න කෑන් එකත් අරගෙන අධිවේගී මාර්ගයේ ඇවිදගෙන ගියොත් තවත් දඩයක්. ඒ නිසා දඩය ඩබල් කර ගන්නේ නැතුව ඔවුන් වාහනය එළියට ගන්නේ බොහොම පරීක්ෂාවෙන්.


(Qura .com-ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?