නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැලිකෙළියේ සිට කේක් හදන අක්ක නගෝ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වැලිකෙළියේ සිට කේක් හදන අක්ක නගෝ

Published May 20, 2024

දරුවෙක් කියන්නේ කුඩා කරන ලද වැඩිහිටියෙක් නොවේ. නමුත් ඔවුන් බාළ කාලයේ පටන්ම මව්පියන් අනුකරණය කරනවා. අම්මා, තාත්තා ව්‍යාපාරික අංශයේ නිරත නිසාම මේ අක්ක නගෝ දෙන්නාටත් ව්‍යාපාරික සිහිනයක් තිබුණා.කෑගල්ල, රංවල පදිංචි මේ අක්කයි නංගියි දෙන්නා එකතු වෙලා පුංචි ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. අක්කා නමින් පෙමින්දි සෙනිල්කා පුන්සරී සේනාරත්න. ඇය කෑගල්ල ස්වර්ණ ජයන්ති මහ විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර නංගි යෙත්මිනී ලක්මා විහාසා සේනාරත්න. ඇය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබනවා…

කේක් ව්‍යාපාරයක් ගැන අදහසක් ඇති වුණේ…

මම සෙනිල්කා. සාමාන්‍යයෙන් අපි ගෙදර කේක් හදනවා. මටත් කේක් හදන්න කැමැත්ත තිබුණා. 3 වසරේ පංතියේ ඉඳලාම මම කේක් හැදුවා. හැබැයි මම හදන කේක්වල හැමදාම වැරද්දක් තිබුණා. කේක් එකක තිබිය යුතු මෘදු ගතිය, එහි උස එහෙම නැති වුණාම කේක් එකක ප්‍රමිතිය ලැබෙන්නේ නැහැ.

මම යූ ටියුබ් එක බලලා තව තව ඉගෙනගත්තා. මම 7 වසරේ ඉද්දී ප්‍රාග් වෘත්තීය තාක්ෂණ කුසලතා විෂයට අපට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදිහට කේක් එකක් හදන්න දුන්නා.

එදා මගේ කේක් එක හොඳටම හැදුණා. අපේ ගුරුතුමී අනිත් කණ්ඩායම්වලටත් උදව් කරන්න කිව්වා. මම ඉතින් උදව් කළා. හැම කණ්ඩායමකම කේක් හරියට ආවා. එද මට හරි සතුටක් දැනුණා.

මම ගෙදර එද්දී අපි හැදුව කේක් කෑල්ලක් අම්මාටත් ගෙනත් දුන්නා. අම්මටත් සතුටුයි. මේ හොඳට තියෙන්නේ කොහොමද මේ තරම් රසට හැදුවේ කියලා අම්මා ඇහුවා. මටත් කේක් හදන්න පුළුවන් කියලා එදා තේරුණා. අපි ගෙදරත් හදමු කියලා තව තවත් හැදුවා. ඒවාත් හරි ගියා.

මුලින්ම ඇණවුමක් විදිහට…

දැන් මම කේක් හදන බව මගේ යාළුවෝ දන්නවා. මුලින්ම මට යාළුවෙක්ගෙන් උපන්දින කේක් එකක් වෙනුවෙන් ඇණවුමක් ලැබුණා. ඒ 2023 වසරේදී. ඒක හරි රසයි කියල හැමෝම කිව්වා. මේ තරම් රස කේක් එකක් අපි කාලා නැහැ කියලා ඒ අය කිව්වා.

මගේ යාළුවාගේ තාත්තාගේ උපන් දිනයටත් කේක් ඇණවුමක් ලැබුණා. ඒකත් හොඳටම ආවා. ඉතින් හිතුනා දිගටම ඕඩර් අරගෙන කරගෙන යන්න.

යූටියුබ් එකක් පටන් ගත්තා…

කේක් හදන්න පුළුවන් බව මම දන්නවා. ඒ වගේම කේක් ඇණවුම් ලැබෙන හින්දා යූටියුබ් නාලිකාවක් පටන් ගත්තා. අපේ කේක් “ V& S Bakes ” යනුවෙන් නම් කරලා ඇණවුම් ලබාගත්තා.

වැරදුණ තැනුත් තියෙනවා…

මගේ 3 වැනි කේක් ඇණවුම හොඳ අත්දැකීමක් ලබාදුන්නා. ඒ ඇණවුම ඉක්මණට ඕන එකක්. අපි කේක් එක නිවෙන්න ඉස්සරින් අයිසිං කරලා ඒ අයට කිව්වා මේක ශිතකරණයේ දාන්න කියලා. ඒ ගොල්ලන් ශීතකරණයේ තියලා නැහැ.

ඒ නිසා කේක් එක දියවුණා. මේ වෙන විට උණුවෙන් අයිසිං කරන්න හොඳ නැහැ කියන එක මාත් දැනගෙන හිටියේ නැහැ. ඒ ගොල්ලන් අපට ආපහු කේක් එක දුන්නා. අපි ඒ වෙනුවට සුපර් මාර්කට් එකකින් කේක් එකක් අරගෙන එයාලට දුන්නා.

එතකොට වැරදුණ කේක් එක…

අපට ආපහු බාර දුන්න කේක් එක ශීතකරණයේ දැම්මා. සවිවුණාට පස්සේ ඒ කේක් එක කපලා අහළ පහළ අයටත් දුන්නා. අපි සාමාන්‍යයෙන් ඇණවුමක් ආවාම අහළ පහළ අයටත් දෙනවා.

අර ඇණවුම දුන්න අයටත් එපා කියල බාර දුන්න කේක් එකෙන් කෑල්ලක් දුන්නා. ඒ ගොල්ලන් රස බලලා හරියට දුක් වුණා අනේ අපට මෙච්චර රස කේක් එකක් කන්න පින නැහැ කියලා. අපි සුපර් මාර්කට් එකෙන් හොඳ කේක් එකක් ගිහින් දුන්නත් ඒක කිසිම රසක් නැහැ කිව්වා.

පුංචි හිතට දුක හිතුණාද?

ඔව්. මේ වෙලාවේ හිතට හරි දුකක් දැනුණා. ආයේ නම් කේක් හදන්නේ නැහැ කියල හිතුවා. ඒත් අම්මා මාව ධෛර්යවත් කළා. ඔහොම තමයි වැරදෙනවා ඕවා ගණන් ගන්න එපා කිව්වා.

අපි කේක් අයිසිං ඉගෙන ගන්න පංතියකට ගියා…

වැරදුණ නිසා අයිසිං නිර්මාණ ගැන ඉගෙන ගන්න මමයි නංගියි කේක් නිර්මාණ පංතියකට ගියා. අපි බාළ වයසේ නිසා බාර ගන්න බැහැ කිව්වා. අම්මගේ පෙරැත්තය නිසා මාව බාරගත්තා. ඒත් වයස අඩු නිසා නංගිව ගත්තේ නැහැ.

කේක් විතරක්ද?

නැහැ. බ්‍රවුනීස්, ඩෝනට්, බිස්කට්, බනිස් සහ වෙනත් බේකරි නිෂ්පාදන කරනවා. බර්ත්ඩේ කේක්, එන්ගේජ්මන්ට් කේක් වගේම ස්වභාවික ද්‍රව්‍ය එකතු කරලා ඒ කියන්නේ කටරොලු, බඩඉරිගු වගේ අමුද්‍රව්‍ය යොදාගෙනත් කේක් හදනවා.

ඇණවුම් ලබා ගැනීම…

යූටියුබ් නාලිකාවෙන් ඇණවුම් ලබා ගන්නවා. කෑගල්ල අවට නම් ගෙදරට ඩිලිවරි කරනවා. අවශ්‍ය අය ගෙදරට ඇවිල්ලත් ගන්නවා. දැන් ලංකාව පුරාම ඇණවුම් ලබාගන්න ලෑස්ති වෙනවා. ඉදිරියේදී රටේ ඕනෑම තැනකින් ලැබෙන ඇණවුමක් බාරගන්න සූදානම් වෙනවා.

ගෙදරින් ලැබෙන උදව්…

අම්මා, අප්පච්චි අපට කේක් හදන්න අවශ්‍ය බඩු අරගෙන දෙනවා. නැත්නම් අද මේ විදිහට අපේ වැරදි හදාගෙන ඉදිරියට යන්න ලැබෙන්නේ නැහැ. මුල් කාලයේදී වුණත් අපි වැරදි වැරදි කේක් හැදුවට කිසිම දවසක නාස්ති කරනවා කියලා චෝදනා කළේ නැහැ.

එහෙම චෝදනා කරලා අපේ නිර්මාණවලට තහංචි දැම්මා නම් අද ඉතින් අපට මේ ව්‍යාපාරයක් ගැන කතා කරන්න අවස්ථාවක් නැහැ. අක්කා සහ නංගි මගේ කේක් නිෂ්පාදන වැඩවලට උදව් කරනවා. යූටියුබ් ප්‍රවර්ධන කටයුතු සේරම අයියා කරල දෙනවා. පවුලේම සහයෝගය අපි දෙන්නාට ලැබෙනවා.

ලොකු ඇණවුමක් ලැබුණොත්?

ඒ වෙනුවෙන් කාලය අවශ්‍යයි. ඇයි කිව්වොත් අපි දෙන්නාම පාසල් යනවා. ඒ නිසා ටිකක් කලින් ලැබුණොත් ඇණවුම බාරගන්න පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?