නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ප්‍රතික්ෂේප වීම තමයි හොඳම මෝටිවේෂන් එක
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ප්‍රතික්ෂේප වීම තමයි හොඳම මෝටිවේෂන් එක

Published May 13, 2024

මේ ලෝකෙ ප්‍රතික්ෂේපවීමකින් තොරව කිසිම කෙනෙකුට ජීවිතේ ඉස්සරහට යන්න බෑ. කිසිම ක්ෂේත්‍රයක ප්‍රතික්ෂේප නොවුණ කෙනෙක්ව අපට හොයාගන්නත් බෑ. ඒ නිසා ප්‍රතික්ෂේප වීම පිළිගන්න සහ එයට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. මේ දේ සිද්ධ වෙද්දි බහුතරයක් මානසිකව කඩන් වැටෙනවා, සමහරු අත්හැරලා දානවා. නමුත් ප්‍රතික්ෂේප වීම් නිසා ඇඳන් වැටෙන්නෙ, අත්හැරලා දාන්නෙ නැතිව අපිට දිනන්න පුළුවන්.

ජේ. කේ. රෝලිං කියන බ්‍රිතාන්‍ය ලේඛිකාව තමන් ලියපු පොතක් ප්‍රකාශයට පත්කරන්නට පොත් ප්‍රකාශක සංගම් කිහිපයකට ගියත් දොලොස් වතාවක්ම ඇගේ පොත රිජෙක්ට් වෙනවා. නමුත් රෝලිං එයාගේ පොත පබ්ලිෂ් කරන වැඩේ අත්හැරියෙ නෑ. 13 වෙනි වතාවටත් ඇය පොත් ප්‍රකාශක සංගමයක් හොයාගෙන පොත පබ්ලිෂ් කළා.

අවසානයේදී ඇය ලියූ ‘හැරී පොටර්’ කෘතිය ලොව වැඩියෙන්ම කියවපු පොත බවට පත්වුණා. ඒ වගේම ලොව පළමු වතාවට ඩොලර් බිලියනයක ආදායමක් ලබපු පළමු පොත බවටත් පත්වුණා.

ඇය හැරී පොටර් කෘතියත් එක්ක සාර්ථකත්වයේ උපරිමයටම ගියා. ප්‍රතික්ෂේපවීම් මත වැඩේ අත්හැරියනම් මේ වෙද්දි ජේ. කේ. රෝලිං කියන නම ලෝකෙ කවුරුත් දන්නෙ නෑ.

යම් නිශ්පාදනයක් එළියට දාද්දි, වෙනත් රටකට යද්දි හෝ රැකියාවකදී වගේ ප්‍රතික්ෂේප වීමක් වෙනවනම් වෙන්නෙ හේතු දෙකකට. එකක් තමයි ඔයාගේ සර්විස් එක හෝ නිෂ්පාදනය එයාලට පේනවා ඉස්සරහට අරන් යන්න බෑ කියලා. ඒක ඇත්තටම එයාලගෙ පැත්තෙන් සාධාරණ හේතුවක්.

එතකොට අපි දැනගන්න ඕනෙ අපි කරන වැඩේ ඉතාමත්ම ගැඹුරින් අධ්‍යයනය කරලා මේක එයාලට නොපෙනුනාට මට ඉස්සරහට අරන් යන්න පුළුවන් කියලා විශ්වාසයක් ගොඩනගාගන්න. හැබැයි ඔයාව ප්‍රතික්ෂේප කරද්දි අනිත් පැත්තෙන් ඔයාට කියන දේවල්වලිනුත් දෙයක් ගන්න තියෙනවද කියලත් බලන්න.

උදාහරණෙකට ඔයාගේ නිෂ්පාදනයේ අඩුපාඩු එයාලා පෙන්නලා දුන්නොත් ඔයාට පුළුවන් ඒ අඩුපාඩුත් හදාගෙන තවත් හොඳින් ඒක නිෂ්පාදනය කරන්න. එහෙම බැලුවොත් සමහර ප්‍රතික්ෂේපවීම් සිද්ධ වෙන්නෙ තමන්ගෙම වාසියට.

දෙවෙනි එක අසාධාරණ හේතු. සමහර අය ඉන්නවා පුද්ගලයාගේ පෙනුම නිසා ඒ කෙනාව ප්‍රතික්ෂේප කරන. එහෙමත් නැත්නම් සමහරු බය වෙනවා තමන්ව අභිබවා අනිත් කෙනා ඉස්සරහට යයි කියලා.

ඔයාට තේරුණොත් ඔයාව ප්‍රතික්ෂේප වුණේ වෙන බාහිර දෙයක් නිසා කියලා ඔයාට පුළුවන් වෙනත් ක්‍රමයකින් උත්සාහ කරලා බලන්න. ප්‍රතික්ෂේප වුණගමන් මානසිකව වැටෙන එක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. නමුත් හිතන්න ඒක විෂ්වය විසින් ඔයාව පරික්ෂාවට ලක්කරපු අවස්ථාවක් කියලා.

සමහර අය තමන් ප්‍රතික්ෂේප වීමකට ලක්වුණගමන් හිතන්න ගන්නවා රටේ සිස්ටම් එක හරි නෑ, උඩ පුටුවල ඉන්න අය නිසා ඉස්සරහට යන්න බෑ කියලා. ඔය කතාවෙ වැරැද්දක් නෑ.

නමුත් ඒකෙන් වෙන්නෙ පවතින ලෝකයට තමන්ව ගැලපෙන්නෑ කියලා තමන්ම හිතන්න ගන්න එක. ප්‍රතික්ෂේප වීම් ලැබෙන්න ලැබෙන්න වීර්යයත් වැඩි කරගන්න. මම මේ කතාව අවසන් කරන්න මගේම අත්දැකීමක් කියන්නම්.

මං ඉගෙනගන්න එංගලන්තෙට ගියෙ අවුරුදු 20දි. ලන්ඩන් හිටපු මගේ මාමා කෙනෙක් කිව්වා පුතේ CV 500ක් හදන් එන්න පාට් ටයිම් ජොබ් එකක් හොයාගන්න කියලා. මට පුදුම හිතුණා ඇයි එච්චර CV ගොඩක් හදන් යන්නෙ කියලා.

ඊටපස්සෙ මාමා කිව්වා පාට් ටයිම් ජොබ් එකක් සෙට් වෙන්නනම් CV 300ක්, 400ක් දාන්නම ඕනෙ කියලා. පස්සෙ මං CV500ක් හදාගෙන පහුවදා ඉඳලම එක එක ෂොප්ස්වල බෙදන්න පටන්ගත්තා.

සති දෙකක්ම මම උදේ හවස CV බෙදුවත් කිසිම තැනකින් කෝල් එකක් ආවෙ නෑ. අන්තිමට ඉතුරු වුණේ CV5යි. හාරසිය ගාණක්ම මම බෙදලා ඒ වෙද්දි. ඒ වෙලාවෙදි මගේ ආත්ම විශ්වාසය නැත්තටම නැති වුණා. හොඳටම තරහා ගියා. ඉතුරුවෙලා තිබුණ CVපහත් බෙදලා මං හිතුවා හිත හැදෙන්නත් එක්ක කෝච්චියේ රවුමක් ගිහින් එනවා කියලා.

ඔහොම යද්දි මං දැක්කා පන්සලක්. මං ගිහින් තට්ටු කළාම දොර ඇරියෙ බුරුම හාමුදුරුනමක්. උන්වහන්සේ කිව්වා මට ඇතුළට එන්න කියලා. මගෙන් මොකද පන්සලක් හොයන් ආවෙ කියලා ඇහුවම මං කිව්වා පොඩ්ඩක් භාවනා කරන්න කියලා.

පස්සෙ ඒ හාමුදුරුවෝ මාව භාවනා කුටියකට එක්ක ගියා. භවනා කුටියේ හිටපු හාමුදුරු නමක් මං දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ඇහුවා පුතා කොහෙද ඇවිද්දෙ කියලා. මං කිව්වා “හාමුදුරුවනේ මං CV 500ක් බෙදුවා රස්සාවක් හොයාගන්න.

දැන් මට ඇති වෙලා තියෙන්නෙ. ආයෙ මම CV බෙදන්නෙ නෑ. දැන් මට ජොබ් එකක් ලැබෙන්නම ඕනෙ” කියලා. හාමුදුරුවො හිනාවෙලා මට මෙහෙම කිව්වා. “සිංහයාට කැලේ රජා කියන්නෙ කැලේ ඉන්න බලවත්ම සතා නිසා. ඕනම සතෙක්ව සිංහයට දඩයම් කරන්න පුළුවන්.

හැබැයි සිංහයා දඩයම හොයාගෙන යනවා මිසක් කවදාවත් දඩයම සිංහයා ගාවට එන්නෙ නෑ. කොච්චර ප්‍රභල වුණත් සිංහයට සිද්ධ වෙනවා දවස පුරාම හරි ඇවිදලා තමන්ගෙ දඩයම හොයාගන්න” මේ කතාව කිව්වම මගේ ඔළුවෙ තිබුණ සියලුම සෘණාත්මක සිතුවිලි නැති වුණා. මං ඉක්මනින් පන්සලෙන් ගිහින් තවත් CV 10ක් ප්‍රින්ට් කරගෙන ආයෙත් කම්පැණි කිහිපයකට බෙදුවා.

එක කම්පැණියකට ගිහින් CV එක දුන්නම එයාලා කිව්වා Online මිසක් ගෙනත් බාරදෙන CV බාරගන්නෙ නෑ කියලා. මම තර්ක කළා. බොහොම දැඩිව CV එක දීලා ආවා.

අවසානයේ මට එතන රස්සාවක් ලැබුණා. ඒක තමයි මම එංගලන්තයේ වසර ගණනාවක් සේවය කරපු කම්පැණිය. ඒ නිසා මතක තියාගන්න. සිංහයෙක් වුණාට වැඩක් නෑ. නිතරම දඩයම් කරන සිංහයෙක් වෙන්න.

අභිප්‍රේරණ කථික
රමිඳු රන්දෙණි

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: ජේ. කේ. රෝලිං
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?