නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මියගිය අයට පින් දෙන්න ඕනෙමද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මියගිය අයට පින් දෙන්න ඕනෙමද?

Published May 13, 2024

අපි සමග ජීවත් වුණ ඥාතී හිතමිත්‍රාදීන් මරණයට පත් වු පසුව ඔවුන්ගේ පරලොව සුගතිගාමී වීම වෙනුවෙන් පිංකම් කොට පින් අනුමෝදන් කිරීම බෞද්ධයන්ගේ තවත් එක් කෘතගුණ දැක්වීමේ අවස්ථාවක් ලෙස සැලකෙනවා. මේ අන්දමින් ඥාතීන්ට පිං පෙත් අනුමෝදන් කිරීම බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ පටන්ම සිදු වුණා.අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වය ලබා බිම්බිසාර රජතුමාගේ ආරාධනයෙන් රජගහනුවරට වැඩි සේක. බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ ආර්ය මහ සංඝරත්නයට දවල් දානය පූජා කළ රජතුමා සතුටින් නින්දට ගියත් රජතුමාට සුවසේ නිදා ගැනීමට ලැබුනේ නැහැ. රජතුමා නපුරු සිහින දකින්න වුණා. විලාප නගන විරූපී අමනුෂ්‍යන්, නිරුවතින් ඇවිදින පිරිස් දැක රජතුමා බියෙන් අවදි වුණා. පසුදින බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ රජතුමා ඒ බැව් කිව්වා. මෙසේ ප්‍රේතයන් ලෙස උපත ලබා සිටින්නේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ දවස රජතුමාගේ අතීිත ඥාතීන් බවත්, දන් පැන් පිරි නමා මේ මළගිය ඥාතීන්ට පින් පෙත් ලබා දෙන ලෙස බුදුරජාණන්වහන්සේ රජතුමාට පවසා සිටි සේක. රජතුමාද බුදුරජාණන්වහන්සේගේ උපදෙස් අනුව කටයුතු කළ අතර, එදින රාත්‍රියේදී මේ පිරිස දිව සළු හැඳ පැළඳ රජතුමා ඉදිරියේ පෙනී සිටියහ.

ජීවත්ව සිටියදී පින් කළොත් පරලාව යහපත්….

බුද්ධ දේශනාවට අනුව පුද්ගලයෙකුගේ ජීවිතය මෙලොව සහ පරලොව සුගතිගාමී වන අයුරින් ජීවත්විය යුතුය. එහෙත්… බොහෝ පිං කම් කළත් පරලොව දුගතිගාමී වන පුද්ගලයන් සිටිති. බුදුරජාණන්වහන්සේ දේශනා කළ අන්දමට “ උපාදාන පච්චයා භවෝ” ඒ ඔවුන්ගේ මරණාසන්න අවස්ථාවේදී ඇති වන උපාදාන නිමිත්ත නිසාය. ඒ නිසා අපේ ජීවිතයේ අවසාන මොහොත අකුසල සිතක් ඇති වුණොත් එය දුගතිගාමී උපතකට හේතු විය හැකියි. ඒ නිසා මරණින් පසුව ඒ දුගතිගාමී ආත්මයෙන් මිදෙන්නට නම් පිංපෙත් ලබා ගැනීමට සිදු වෙන අවස්ථාවන් ඇති වීමටත් ඉඩ තිබෙනවා.

දුගතිගාමී ආත්මයක උපත ලබා නොසිටියහොත්…

යම් ලෙසකින් ඔබ විසින් පිං පෙත් ලබා දෙන ඥාතී හිත මිතුරන් දුගතිගාමී ආත්මයක නොඉපිද, සුගතිගාමී ආත්මයක උපත ලබා ඇත්තේ නම් ඔවුන් වෙනුවෙන් සිදු කරන ලද කුසලය ඔබේ දෙලොව දියුණුවට හේතු වන කුසල කර්මයකි. යම් පුද්ගලයෙක් මරණින් පසුව රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම ලෝකයක, නිරයක, තිරිසන් ආත්මයක, අසුර ලෝකයක උපත ලබා සිටියොත් පින් ගැනීමට හැකියාවක් නැහැ.

ඒ වගේම සශ්‍රීක දිව්‍ය ලෝකයක උපත ලබා සිටින දිව්‍ය ආත්මයකදී මළගිය අය වෙනුවෙන් අනුමෝදන් කරන පිං ලබා ගැනීමට බැහැ. නමුත් අප කරන පින් දැක දිව්‍ය ආත්මයන්හි උපත ලබා සිටින ඥාතීහු සතුටට පත් වෙති. ඊට අමතරව මනුසත්ලොව සිටින තලාටු, බූමාටු, සම්‍ය දෘෂ්ටි යක්ෂයන් අප විසින් කරන පිං දැක සතුටට පත් වෙති.

ගාථාවක් කිව්ව පමණින් පින් ලැබෙන්නේ නැහැ…

මියගිය ඥාතීන්ට පින් ලබා දීමට නම් ඔබ විසින් පිනක් කළ යුතුය. ඒ වගේම අපි හැම දිනකම බුද්ධ වන්දනාවෙන් පසුව පින් අනුමෝදන් කිරීම සිදු කරනවා. ඒ අන්දමින් කරන කුසල කර්මයකින් අනුමෝදන් කරන පින් ලබා ගත හැකි මළගිය ඇත්තන් සිටින අතර තවත් පිරිසකට ඒ පින් අනුමෝදන් කර ගැනීම අපහසුයි.

ඔවුන් වෙනුවෙන් දන්, පැන් පිරිනමා පින් අනුමෝදන් කිරීම සිදු කළ යුතුයි.අපි ආහාරපාන නොමැතිව හිස් භාජන තබා ආහාර අනුභව කරන්නැයි පෙරැත්ත කළත් ආහාර අනුභව කිරීමට හැකියාවක් නැහැ.

එසේනම් මේ භාජනවල ආහාර තිබීමට අවශ්‍යයි. මියගිය උදවිය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේදී අප විසින් යම් කුසල කර්මයක් රැස් කර ගෙන ඒ කුසලය ඔවුන්ටත් අත් වේවා යැයි පින් ලබා දීම වැදගත්.

හැම දෙනාටම පින් ලැබෙන්නේ නැහැ…

නාගසේන රජතුමා විසින් විමසූ ප්‍රශ්නයකට මිළිඳු රජතුමා දෙන පිළිතුරු අනුව දුගතියෙහි උපදින ප්‍රේතයන් ගැන සඳහන් වේ.රජතුමෙනි, මියගිය යම් කෙනෙක් නිරයේ ඉපිද සිටීද, ඔවුන් පින් නොලබයි. එමෙන්ම දෙවියන් අතර සිටීද පින් නොලැබෙයි. තිරිසන් අපායෙහි සිටින්නේ නම් ඔවුන්ද පින් නොලබයි.

මහරජාණෙනි, ප්‍රේත කොටස් හතරක් සිටී.වන්භාසිතා- අවුරුදු දහස් ගණනක් ඉතා දුක සේ වමනය, සෙම්, සොටු අනුභව කරමින් ජීවත්වන ප්‍රේත කොටස් බුප්පිපාසිඤ කල්ප ගණනාවක් පිපාසයෙන් පීඩා විඳින ප්‍රේතයෝ නිජ්ජාමන්හිත- කල්ප ගණනාවක් ගිනි ඇවිළුනු සිරුරෙන් හඬ නගමින් ඇවිදින ප්‍රේත කොටස් පරදත්තුපජීව-ඥාති මිත්‍රාදින් විසින් දන් පැන් දී අනුමෝදන් කරන පිනෙන් යැපෙන ප්‍රේතයෝ මෙම ප්‍රේත ආත්මයන්ට අප විසින් ලබා දෙන පිනෙන් සතුටට පත්ව ආත්මීය වෙනසක් නොවුනත් ආයුෂ, සැප, බල වර්ධනය වේ.

එම පරදත්තුපජීව ප්‍රේතයෝ පිපාසාව සන්සිඳෙන තරමට බත් සහ පැන් නොලබන්නෝය. විලි වසා ගැනීමට වස්ත්‍ර නැත්තෝය. වාසයට ගෙවල් නැත්තෝය. ඒවා ලබා ගැනීමට ඔවුන්ට කළ හැකි දෙයක්ද නොමැත.

ඔවුන්ට ඇති එකම විසඳුම වන්නේ ඥාති මිත්‍රාදීන් විසින් ලබා දෙන පින් අනුමෝදන් කර ගැනීම පමණි. මෙම මියගිය ඥාති හිත මිත්‍රාදීන් ඉහත කී දුක්වලින් මුදවා හැකිය යන අරමුණෙන් එම අයට පිං දීම සත්පුරුෂ ගතියකි.

පින් අනුමෝදන් කිරීමේදී පැන් වඩන්නේ ඇයි…?

මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් කිරීමේදී පැන් වැඩීම බෞද්ධ සම්ප්‍රදායකි.

ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති- උණ්නං මේ උදක වච්ච යථා තීරණ්ණ පවත්තති

තේරුම- යම් සේ ගංඟාවක් පිරී ගිය කල මහා සමුදුරට වදීද, එසේම මෙතැනින් වෑහෙන ජලය ගලා යන්නා සේ එහි සිටින මියගිය වුනට ඵලදායී වේවා.උස් තැනින් වැගිරූ සේ ජලය- පහළට වැගිරී යන සේ මේ දුන් පින එහි සිටින ජීවින්ට අත්වේවා…

අනුන්ගේ පිනෙන් යැපෙන්න අවශ්‍ය නැහැ…

අපි මියගිය පසුව තවත් අය විසින් සිදු කරන පිනෙන් යැපෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ජීවත්ව සිටින කාලය තුළ අකුසලින් දුරුව, පින් රැස් කර ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම මරණය සිදු වන මොහොතේ ඇති වන උපාදානය ඔබේ ආත්ම භාවය තීරණය කරනු ඇත.

පූජ්‍ය ගල්මඩුකුඹුරේ
පියරතන ස්වාමින්වහන්සේ,
ශ්‍රි සංඝබෝධි විහාරය,
මහනුවර


පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: load buddha, පින්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?