නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වාස්තුවලට ගැළපෙන විදිහට දිය ඇල්ලක් නිර්මාණය කරමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වාස්තුවලට ගැළපෙන විදිහට දිය ඇල්ලක් නිර්මාණය කරමු

Published May 6, 2024

ගෙවත්තට අලුත් සුන්දරත්වයක් එකතු කරන්න උදව් වන ක්‍රමයක් තමයි දිය ඇලි නිර්මාණය කියලා කියන්නේ. තරමක් විශාල ගෙවත්තකට මේ අංගය හොඳින් ගැළපෙනවා. නිවැසියන්ගේ මානසික තත්ත්වය යහපත් කිරීමට, පරිසරය සිසිල් වීමට මේ කඩාහැලෙන දිය දහරාවන් උපකාරී වෙනවා. ඔබේ නිවසේ මැද මිදුලක් තියෙනවා නම් එහි කුඩා දිය ඇල්ලක් නිර්මාණය කරන්න ඔබට පුළුවන්. එහෙම නැත්තම් තාප්පයකට මායිම්ව දිය ඇල්ලක් නිර්මාණය කළ හැකියි. ගෙවත්තේ අවට පරිසරයට ගැළපෙන විදිහට සහ ස්වභාවික පෙනුම ආරක්ෂා වන විදිහට දිය ඇල්ල ඉඳිකර ගැනීම වැදගත්. එම නිසා උද්‍යානයට අපූරු චමත්කාරයක් එකතු කරන පොකුණක් නිර්මාණය කරගන්නා ආකාරය අද අපි සොයා බලමු.

සාමාන්‍යයෙන් බොහොමයක් උද්‍යානවලට මේ පොකුණු, දිය තටාක ආදිය එකතුකර තිබුණද ඒවායේ යම් යම් නොගැළපීම් ඇතිබව දක්නට ලැබේ. එමෙන්ම සැඟවිය යුතු තැන් හොඳින් ආවරණය නොවීම වැනි අඩුපාඩුද දැකගත හැකිවේ. මේ නිසා අපි පොකුණක් නිවැරදිව සහ ක්‍රමානුකූලව තනාගන්නා ආකාරය පියවරෙන් පියවරට හඳුනාගනිමු.

පළමු පියවර

මෙහිදී ඔබේ ගෙඋයනට ගැළපෙන්නේ ස්වාභාවික හැඩයක් සහිත පොකුණක්ද එහෙමත් නැතිනම් විධිමත් හැඩතල සහිත පොකුණක් දැයි යන්න පළමුව තීරණය කළයුතු වේ. එම තීරණය ගැනීමේදී නිවෙසේ මෙන්ම උද්‍යානය තුළ ඇති අනෙක් වස්තූන් සහ අංග ආදියේ දිස්වන හැඩතල පිළිබඳ සොයාබලා ඊට අනුරූප වූ හැඩතලයන් පොකුණ සඳහා යොදා ගැනීමට වගබලාගන්න.

දෙවැනි පියවර

ඔබේ ගෙඋයනට දියඇල්ලක් එකතු කරගෙන තිබේ නම් එහි පාමුල පොකුණක් සෑදීම අනිවාර්යය වේ. ඊට අමතරව උද්‍යානය තුළ පොකුණක් නිර්මාණය කිරීමේ දී පහත සඳහන් අවශ්‍යතා කෙරෙහිද අවධානය යොමු කළයුතු වේ. එනම්,

  • ගොඩනැගිලි අත්තිවාරම් ආසන්න ස්ථානයක් නොවීම.
  • ජලය ගලායන ස්ථානයක් නොවීම.
  • පොකුණ සඳහා පහසුවෙන් ජලය ලබාගත හැකිවීම.
  • පොකුණෙහි ජලය පහසුවෙන් ඉවත් කිරීමට හැකිවීම.
  • සතුන්ගෙන් සහ ශාකවලින් හානි සිදුවිය හැකි ස්ථානයක් නොවීම.

තෙවැනි පියවර

මෙහිදී පොකුණෙහි ස්වභාවය ඊට වෙන් කළහැකි ඉඩ ප්‍රමාණය අනුව තෝරාගත යුතු වේ.එනම් පොකුණෙහි වර්ගඵලය දළ වශයෙන් කොපමණ වේදැයි තීරණය කළයුතු අතර පොකුණ නිර්මාණය කළ පසුව එය පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ ද ඊට වඩා මඳක් පහළින් ද එසේත් නොමැති නම් පොළොව මට්ටමට වඩා උසින් ද යනවග පළමුව තීරණය කරන්න. මෙම පොකුණෙහි වර්ගඵලය අනුව පහත සඳහන් ප්‍රමාණ ඔබට එහි ගැඹුර වශයෙන් යොදාගත හැකියි.

  • වර්ග අඩි 40 ට අඩු ගැඹුර අඟල් 15.
  • වර්ග අඩි 40-100 අතර ගැඹුර අඟල් 16-18 දක්වා.
  • වර්ග අඩි 100ට වැඩි ගැඹුර අඟල් 18-24 දක්වා.

කෙසේ වෙතත් ඔබේ ගෙඋයනෙහි පිහිටි පොකුණෙහි ගැඹුර උපරිම අඩි 02 ට වඩා වැඩි නොවීමට වගබලාගත යුතුය.

හතරවැනි පියවර

පොකුණෙහි වට ප්‍රමාණය ඔබට රබර් ජල නළයක් බිම එළා ඒ අනුව සලකුණු කරගත හැකි වේ. අනතුරුව එහි මැද කොටසේ පස් ඉවත්කර පොකුණ සෑදීම ආරම්භ කළ හැකියි.දිය ඇල්ලක් ඉඳි කිරීමේදී ස්වභාවික ගල්, කුඩු ගල්, කළු ගල්, කබොක් ගල්, ෆයිබර් ග්ලාස් හෝ සිමෙන්ති යොදා ගත හැකියි. සාපේක්ෂව ෆයිබර් ග්ලාස් හෝ සිමෙන්ති සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වෙනවා. මිල වැඩි වුවද ෆයිබර් ග්ලාස් දිය ඇලි වල සුන්දරත්වය තරමක් අධිකය.

මීට අමතරව දිය ඇල්ල හරහා ගලා එන ජලය රැස් වීම සඳහා පොකුණක්ද සැකසීමට සිදු වීම විශේෂත්වයක්. ජල නාස්තිය සිදු වීමට ඉඩ නොදී, පොකුණට රැස් වන ජලය නැවත භාවිත කිරීම මෙහි අරමුණයි. ඔබ දිය ඇල්ලක් සැකසීමට අදහස් කරනවා නම් පළමුව එහි ප්‍රමාණය දළ වශයෙන් තීරණය කල යුතු වෙනවා.

ප්‍රථමයෙන් දළ සටහනක් ඇඳ ගැනීම වැදගත්. ඉන් පසුව අපේක්ෂිත දිය ඇල්ලේ උසට සහ පළලට ගැළපෙන විදිහට ආධාරකයක් සකසා ගත යුතු වෙනවා. මේ ආධාරකය කොන්ක්‍රීට් කිරීම හෝ ගල් ඇල්ලීම මඟින් ශක්තිමත් ආධාරකයක් බවට පත් කරවා ගත යුතුය.

ජලය ගලා ඒම සඳහා ආධාරකයේ මුදුනට බටයක් සවි කල යුතු වෙනවා. දිය ඇල්ලට ගල් ඇල්ලීමේදී ඉහළ කොටසට ප්‍රමාණයෙන් විශාල ගල්ද, යට කොටසට ප්‍රමාණයෙන් කුඩා ගල්ද ඇල්ලීමට කල්පනාකාරී වන්න.

ගල් අතරින් ජලය කාන්දු වීම වළක්වාලීම සඳහා සිමෙන්ති යොදා ගල් බැඳීම ඉතා වැදගත්. පොකුණට වැටෙන ජලය නැවත ඉහළට පොම්ප කිරීම සඳහා පොම්පයක් සවි කළ යුතු වෙනවා. නමුත් මෙම පොම්පය සවි කළ යුත්තේ පිටතට නොපෙනෙන ලෙසයි.

උද්‍යාන අලංකරණ ශිල්පී
මාබෝලේ රංජිත් කළුආරච්චි

අර්චිත ඉඳුවර ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?