නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔප්පුවේ “උරුමය ” කරුමය කරනොගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔප්පුවේ “උරුමය ” කරුමය කරනොගන්න

Published May 6, 2024

රජයෙන් අඩු ආදායම්ලාභී ජනතාවට ඉඩම් ඔප්පු ලබාදෙන බවට වූ පුවත් පසුගිය කාලයේදී නිරතුරුව අසන්නට ලැබුණි. එසේ ඉඩම් ලබා දීම සිදුකරනු ලබන්නේ පදිංචියට, වගා කටයුතු කිරීමට හෝ වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඉඩමක් නොමැති ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභී ලාංකික පුරවැසියන් වෙතයි. එසේ රජයට අයත් ඉඩම් කොටසක් නෛතිකව ලබා දීමට හැකිවන්නේ 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි විධිවිධානයන්ට අනුවයි.

මොනවද මේ රජයේ ඉඩම් කියන්නේ?

1897 අංක 01 දරණ මුඩුබිම් ආඥා පනත හා 1931 අංක 20 දරණ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත මගින් රටේ පවත්නා ඉඩම් පිළිබඳව මිනින්දෝරුව දෙපාර්තමේන්තුව මගින් මැනුම් කටයුතු සිදුකර සංගණනයක් සිදුකර ජනතාවට ඉඩම් සඳහා හිමිකම් ඔප්පු කළ හැකි වූ ඉඩම් සින්නක්කර ඉඩම් ලෙස වර්ගීකරණය කල අතර, ඉතිරි ඉඩම් රජයේ ඉඩම් ලෙස වර්ගීකරණය කර ඇත.

රජය වෙනුවෙන් මේ ඉඩම්වල භාරකාරත්වය දරන්නේ කවුද?

රජය වෙනුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක්ම රජයේ ඉඩම්වල භාරකාරත්වය දරා සිටින නමුත් ජනතාවට ඉඩම් බෙදා දීමට නීත්‍යාකූල බලය ඇත්තේ ආයතන කිහිපයකට පමණි. එම ආයතන නම්,

  • ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
  • පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
  • නාගරික සංවර්ධන අධිකාරිය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉඩම් කොටසක් ලබා ගන්නේ කොහොමද?

පදිංචියට හෝ වගා කටයුතු සඳහා ඉඩම් කොටසක් නොමැති අයකුට රජයේ ඉඩමක් ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉල්ලුම්පත්‍රයක් භාරදීම මගින් ඉල්ලීමක් කළ හැක. එහිදී 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි 20 වගන්තිය මගින් දක්වා ඇති විධිවිධාන අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් අදාල ඉඩම ලබාදීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව ඉඩම් කච්චේරියක් පවත්වා බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලබයි.

මෙහිදී සාමාන්‍යයෙන් පදිංචිය සඳහා නම් පර්චස් 20 ක්ද, වගාවට හා පදිංචියට ගොඩ ඉඩමක් සඳහා නම් අක්කර ½ ක්ද, වර්ෂා පෝෂිත කුඹුරු ඉඩමක් සඳහා නම් අක්කර 1 ක්ද, වාරි පහසුකම් ඇති කුඹුරු ඉඩමක් සඳහා නම් අක්කර 1 ½ ක්ද වශයෙන් ඉඩමේ භුක්තිය දැරීම සඳහා ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි 19(2) වගන්තිය ප්‍රකාරව වූ බලපත්‍රයක් ලබා දීම සිදු කරනු ලබයි.

බලපත්‍රය වෙනුවට ඔප්පුවක් ලබා ගත හැකිද?

මෙම බලපත්‍රය ලබා දීම සිදු කරන්නේ පදිංචියට හෝ වගා කටයුතු වැනි යම් නිශ්චිත කාර්යයක් සඳහා වන අතර මේ සඳහා රජය විසින් නියම කරනු ලබන තක්සේරු මුදලක් වාර්ෂිකව ගෙවා අවසර ලබාදුන් සංවර්ධන ක්‍රියාවලිය ඉඩම තුළ සිදු කර තිබිය යුතුය. ඒ අනුව නියමිත කොන්දේසි අනුව ඉඩම තුළ සංවර්ධන කටයුතු සිදුකර ඇති බවට ප්‍රාදේශීය ලේකම් විසින් සෑහීමට පත්වීමෙන් පසුව අදාල බලපත්‍රය වෙනුවට රජය විසින් විවිධ කොන්දේසි සහිත ප්‍රදාන පත්‍රයක් ලබා දීම සිදු කරනු ලබයි.

ස්වර්ණභූමි ලජයභූමි ඉඩම් ඔප්පු ලෙසින් හැඳින්වෙන්නේ කුමන ඔප්පුද?

ඉහත රජය විසින් ලබාදෙන ප්‍රදාන පත්‍ර හැඳින්වෙන්නේ ස්වර්ණභූමි ජයභූමි, රත්නභූමි, ඉසුරුභූමි, රන්බිම ආදී නම්වලිනි. මෙම ප්‍රධාන පත්‍ර රජය විසින් වරින් වර ජනාධිපතිවරයාගේ ප්‍රතිරූප අත්සන යොදාදෙන සහතික ලෙසින් ලබා දෙනු ලබයි.

මෙම ස්වරණභූමි හා අනෙකුත් නාමයන්ගෙන් හැඳින්වෙන ප්‍රධාන පත්‍රයක් උකස් කර ණය මුදලක් ලබා ගත හැකිද?

ප්‍රධාන පත්‍රයක් උකස් කර ණය මුදලක් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය අවශ්‍ය බවට කලින් සඳහන් වුවත් 2022 අංක 11 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනතේ දක්වා ඇති විධිවිධාන අනුව රජය මගින් ලබා දී යම් ප්‍රධාන පත්‍රයක්, පනතේ 19(7) වගන්තිය මගින් දක්වා ඇති යම් බැංකුවක හෝ ආයතනයක උකස් කිරීමේදී ප්‍රදේශීය ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව සිදුකිරීම සඳහා අවසරය ලබා දී ඇත. එහෙත් නියමිත පරිදි අදාල උකස බේරීමට කටයුතු නොකළහොත් දේපල සින්න වීම මත, ණය ලබාගත් ආයතනයට එම දේපල විකුණා ණය පියවා ගැනීමට හැකියාව ඇත.

ප්‍රධාන පත්‍රයක හිමිකරුගේ මරණයෙන් පසු දේපලෙහි හිමිකම කාටද?

ප්‍රධාන පත්‍රයක් හිමි අයකුගේ මරණයෙන් පසුව එහි හිමිකරුගේ කලත්‍රයාට ජීවිත භුක්තිය හිමි වන අතර නම් කර ඇති අනුප්‍රාප්තිකයා හට දේපලෙහි හිමිකම ලැබේ. අනුප්‍රාප්තිකයකු නම් කිරීමේදී ළමයින්, මුණුබුරු මිණිබිරියන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, මාමාවරු හා නැන්දනියන් හෝ ලේලියන් හා බෑණාවරුන් යන අය අතුරින් එම නම් කිරීම සිදුකළ හැකි බවට සංශෝධිත පනත මගින් දක්වා ඇත. මෙම අන්‍රපාප්තිකයන් නම් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදුකර ගත හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක් වැය නොවේ.

ප්‍රධාන පත්‍රයක හිමිකරු අනුප්‍රාප්තිකයෙක් නම් කරලා නැතිනම් දේපල අයිති වන්නේ වෑඩිමහල් පුත්‍රයාටද?

රජය මගින් ලබාදුන් ප්‍රදාන පත්‍රයක හිමිකරු එම දේපල සඳහා අනුප්‍රාප්තිකයෙක් නම් කිරීමකින් තොරව මිය ගියොත් සංශෝධිත පනත අනුව ඉහත සඳහන් ඥාතීන්ගේ අනුපිළිවෙලින් එම දේපලෙහි සංවර්ධිත කටයුතු සිදුකර ඇති පාර්ශ්වයට දේපලෙහි හිමිකම ලැබේ. මෙහිදී කලින් පැවති නීතිය වූයේ එවැනි අවස්ථාවකදී එම දේපල හිමිවීම වැඩිමහල් පිරිමි දරුවාට ලෙසින් වුවද එම දේපලෙහි සංවර්ධන කටයුතු සිදුකරන ලද ඕනෑම පිරිමි හෝ ගැහැනු දරුවකුට දේපල හිමිකර ගත හැකි බවට 2022 සංශෝධනය මඟින් දක්වා ඇත. සංවර්ධන කටයුතු දරුවන් කිහිපදෙනෙකු විසින් සිදු කර ඇත්නම් එම අයට හිමිකම් පෑ හැකිය. දරුවන් නොමැති නම් අනුපිළිවෙලින් අනෙකුත් ඥාතීන්ට හිමිකම ලබා ගත හැකිය.

දැන් රජය මගින් ප්‍රධාන පත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු දෙනවද?

ප්‍රධාන පත්‍ර මගින් ඉඩම් ලබාදීමේදී විවිධ කොන්දේසි ඇතුළත් කරනු ලබයි. එහිදී අවම අනුබෙදුම් ප්‍රමාණයක් සඳහන් කිරීම, දේපල අනුප්‍රාප්තියේ සීමාවන් පැවතීම, දේපල සම්බන්ධව විවිධ අවස්ථාවන්වලදී ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය ලබාගත යුතු වීම ආදිය දැකිය හැකිය. 2024 අයවැය යෝජනා අනුවල මෙම සියලුම සීමාවන් ඉවත් කරමින් වර්තමානය වන විට “උරුමය” නමින් කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු ලබා දීමට රජය විසින් කටයුතු කරනු ලබයි. මෙවැනි ඔප්පුවක් ඇති අයකුට තමාගේ දේපල සම්බන්ධව තමාට අභිමත ආකාරයෙන් ඕනෑම කටයුත්තක් කිරීමේ හැකියාව පවතී.

නීතිඥ අංජුල බණ්ඩාර
anjulacab@gmail.com


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?