නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පියුමි අඟහරු යයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පියුමි අඟහරු යයි

Published April 29, 2024

නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අඟහරු හෙවත් රතු ග්‍රහයා වෙත සිදු කරන ගවේශන කටයුතු වෙනුවෙන් ශ්‍රි ලාංකික කාන්තාවක්ද ඇතුළත් වී සිටිනවා. ඇය නමින් පියුමි විජේසේකරයි.

මැයි මස 10 වැනි දින අඟහරු ගවේශනය වෙනුවෙන් නාසා ආයතනය විසින් සිව් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් තෝරා ගෙන ඇති අතර ශ්‍රි ලංකාවේ කාන්තාවක් වන ආචාර්ය පියුමි ඒ අතරට එක්වීම අපේ රටට අභිමානයකි. ඇය සමග ජේසන් ලී, ස්ටෙෆනි නවාරෝ, ෂරීෆ් අල් රොමේති මෙම ගවේශන චාරිකාවට සහභාගී වීමට නියමිතව ඇත.



මේ සියලුදෙනාම ස්වේඡාවෙන් මෙම චාරිකාවට සම්බන්ධ වන අතර ඉල්ලුම් කළ අය අතරින් මෙම සිව්දෙනා සුදුසුකම් ලබා ඇත. මෙම කණ්ඩායම දින 45 ක් ගගනගාමීන් ලෙසින් ජීවත් වන අතර ජූනි මස 24 වැනි දින නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබේ. මෙම මෙහෙයුම අනාගතයේදී චන්ද්‍රයා සහ අගහරු වෙත සිදු කරන ගවේශනයන් වෙනුවෙන් වූ පූර්ව අධ්‍යයනයක් ලෙස සලකනු ලබනවා.

පියුමි විජේසේකර මහත්මිය කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ නාසා එම්ස් (NASA Ames Research Centre) පර්යේෂණ මධ්‍යස්ථානයේ ජෛව භෞතික විද්‍යාගාරයේ උපාධි පර්යේෂණ විද්‍යාඥවරියක ලෙසින් කටයුතු කරනවා.

2015 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත් අතර 2017 වසරේදී පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.

ඇගේ ආචාර්ය උපාධි පර්යේෂණය වෙනුවෙන් ශ්වසන රෝග අධ්‍යයනය කිරීම වෙනුවෙන් ඉංජිනේරු පෙනහළු ආකෘති වෙනුවෙන් අවධානය යොමු කර තිබේ. කඳු නැගීම, පොත් පත් කියැවීම, සංගීත සංදර්ශන නැරඹීම ඇගේ විනෝදාංශ වේ.

NASA ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙනුවෙන් පළමු කණ්ඩායම 2024 වසරේ මාර්තු මස 18 වැනි දින යවන ලදී. මේ දෙවන කණ්ඩායම වන අතර 2024 වසරේ දෙසැම්බර් 20 වැනි දින වන විට තවත් කණ්ඩායම් දෙකක් අඟහරු ග්‍රහයා වෙත යැවීමට සූදානම් කර තිබේ.

( FT Daily  ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: Expedition, NASA, NASA Ames Research Centre, Piyumi Wijesekera, පියුමි විජේසේකර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?