නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රටක් හඬවා “නිසල නිවහනේ ” නිදන පාලිතට ගෙදර අංක දෙක වුණා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රටක් හඬවා “නිසල නිවහනේ ” නිදන පාලිතට ගෙදර අංක දෙක වුණා

Published April 29, 2024
                     බිරිඳ ශෙරීන් තෙවරප්පෙරුම

මෙරට දේශපාලනය තුළ කුමානාකාර කළු චරිත නිරූපණය කළද මියගිය පසු කළු චරිත සුදු කරමින් ගුණ වැයීම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ (අ)මනා ගතියකි. නමුත් ජීවත්ව සිටියදීත් මියගිය පසුවත් මිනිසුන් ගුණ ගයන්නේ, සෝසුසුම් හෙලන්නේ එහෙමත් චරිතයක් වෙනුවෙනි. දේශපාලනයට පය තියන්නට පෙර සිටත් පය තැබූ පසුවත් මානව හිතවාදී දේශපාලනයක නිරත වූ පාලිත තෙවරප්පෙරුම නොහොත් ‘චණ්ඩි අයියා’ ද එවන් චරිතයකි. අයිසින් තවරාගත් දේශපාලන ගොම රිටිවලට වඩා තෙවරප්පෙරුමයන් සැබෑම දේශපාලනඥයෙකි. සැබෑම මිනිසෙකි. නමුත් ඔහු තවදුරටත් අප අතර නැත. මියයන විට ඔහු 64 වියේ පසුවිය. පාලිත තෙවරප්පෙරුම ගැන ඔබ අප කාටත් වඩා දන්නෙ ඔහුගේ බිරිඳ සහ පුතණුවන්ය. එහෙයින් ඔහු ගැන මතකාවර්ජනයක යෙදෙන්නට අප ඔවුන් දෙපල සමඟ කෙටි සාකච්ඡාවක යෙදුණෙමු…

මම ඔබෙන් මුලින්ම මෙහෙම අහන්නම්. ඇත්තටම පාලිත තෙවරප්පෙරුම කියන්නෙ මොනවගේ චරිතයක්ද?

පාලිතගෙ තාත්තත් දේශපාලනය කරලා තියෙන නිසා පුංචි කාලෙ ඉඳන්ම පාලිතගෙ ඇඟෙත් දේශපාලනය තිබුණා. පාලිත දේශපාලනයට ආපු කාලෙ ඉඳන් සාමාන්‍ය මිනිස්සුන්ගෙ පැත්තෙ හිටගත්ත මනුස්සයෙක්. ඇත්තම කිව්වොත් එයාට ගෙදර දෙක. මහජනතාව එක. කොරෝනා කාලෙ, පාස්කු බෝම්බ ප්‍රහාර එල්ල වුණ කාලෙ එයා මූලිකත්වය අරන් මිනිස්සු වෙනුවෙන් බැහැලා වැඩකරමින් ඔවුන් එක්කම ජීවත් වුණා. ඒ නිසයි මිනිස්සුන්ගෙන් එයාගෙ අවසන් මොහොත පිරිලා ඉතිරිලා ගියේ.

පාලිත කවදාවත් ලාබ, වාසි, ප්‍රයෝජන කිසිදෙයක් බලාපොරොත්තු වුණ කෙනෙක් නෙවේ. එයාට ලැබුණ එක පාර්ලිමේන්තු වරප්‍රසාදයක්වත් එයා පාවිච්චි කළේ නෑ. ඒක මට සත්‍ය වශයෙන්ම කියන්න පුළුවන්. එයා මැරෙනකල්ම පාවිච්චි කළේ එයාගෙ පෞද්ගලික පරණ වාහනයක්. ඔහු මානව හිතවාදියෙක්.

කොටින්ම තමන්ගෙ කෑම වේල් ගැනවත් හිතන්නැතුව මිනිස්සුන්ට කන්න බොන්න දුන්නෙ. සමහර වෙලාවට කේන්ති ගිහින් බැනලා එලවන වෙලාවල් තියෙනවා. ඒත් ආයෙමත් ඒ බැනපු මනුස්සයව හොයන් ගිහින් ඒ අවශ්‍යතාවය ඉටු කරලා දෙනවා.

පාලිත මහත්මයගෙ අවසන් කාලෙදි ඔහුගෙ හැසිරීමේ වෙනසක් ඔබ දැක්කද?

නෑ. කිසිම වෙනසක් තිබුණෙ නෑ. අපිට ඉන්නෙ පුතාලා දෙන්නෙක්. ලොකු පුතා 2015 දි අසනීපෙකින් නැති වුණා. ලොකු පුතාගෙ මරණයත් එක්ක පාලිත එයාගෙ අවසන් කාලෙ වෙනකල්ම පුදුමාකාර කලකිරීමකින් හිටියේ. නිතරම කතා කළේ ලොකු පුතා ගැන.

බිරිඳ එසේ දයාබර සැමියා ගැන හැඟීම් වචන කරද්දි ඊළඟට අපි කතා කළේ ඔහුගේ බාල පුතු වන රොෂාන් තිලක්ෂණ සමඟ…

පොඩි පුතා විදිහට තාත්තව දැනුනෙ කොහොමද?

අපේ තාත්තා ගාව චරිත දෙක තුනක් තිබුණෙ නෑ. එයා මොන විදිහට හැසිරුණත් ඒ පාලිත තෙවරප්පෙරුම කියන ජනතා හිතවාදියම තමයි. ගෙදරිත් එහෙමයි. පිටදිත් එහෙමයි.

ඔහුගේ අවසන් දවසෙ ගෙදරට රැස්වුණ ජනකාය දැක්කම මොනවගෙ දෙයක්ද තාත්තා ගැන හිතුණේ?

ඒ තාත්තා හම්බකරපු දේවල ප්‍රතිඵලය. මනුස්සයෙක්ට එක්කො සල්ලි හම්බකරන්න පුළුවන්. නැත්නම් මිනිස්සු හම්බකරන්න පුළුවන්. තාත්තා හම්බකළේ ඔය දෙකෙන් මිනිස්සු විතරයි.

ඇත්තටම මොකද්ද තාත්තට එදා සිද්ධවෙලා තිබුණෙ?

අවුරුද්දට තාත්තා පොළොන්නරුවෙ ගිහින් 15 වෙනිදා ගෙදර ආවෙ. 16 වෙනිදා ඉඩමට පෝර දාන්න ලෑස්ති කරලා තිබුණා. එදා හොඳටම වැස්සත් එක්ක. එක පෝර මිටියක් දාලා දෙවෙනි පෝර මිටිය දාන්න යද්දි තමයි මේක වෙලා තියෙන්නේ.

වතුර මෝටරේට දාපු වයර් එකක් පොාළාවෙ තිබිලා තියෙනවා. 10 වෙනිදා තමයි වයර් එක ඇදලා තියෙන්නේ. තාත්තට මතකයක් තිබිලා නෑ වයර් එක බිම තියෙනවයි කියලා. පෝර දානකොටත් වහිනවා. වැස්සයි කියලා තාත්තා වැඩ නැවැත්තුවේ නෑ.

තාත්තා පෝර මිටිය උස්සන් යද්දි කපපු වළකට කකුල ගිහින් පෝර මිටියත් එක්කම අනිත් පැත්තට වැටිලා තියෙනවා. වැටිලා තියෙන්නේ වයර් එක උඩට. වයර් එකේ ෂෝට් එකක් තිබිලා. සිද්ධිය වෙලා විනාඩි විස්සක් වගේ යනකොට හොස්පිට්ල් එකට ගෙනිච්චත් ඒ වෙද්දිත් තාත්තා නැතිවෙලා ඉඳලා තියෙන්නේ.

අවසන් වශයෙන් මොකද්ද ඔබට කියන්න තියෙන්නේ?

තාත්තා නැති පාඩුව අපිට වඩා දැනෙන්නෙ ජනතාවට සහ මහ පාරෙ ඉන්න සත්තුන්ට. තාත්තා නැතුව සමහර දේවල් කොහොම කරන්නද කියලා තවමත් අපිට හිතාගන්න අමාරුයි.

මීට වසර කිහිපයකට පෙර පාලිතගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් බැනරයක් දමන්නට ගොස් මතුගම ප්‍රදේශයේ තරුණයෙකු වැටී මියගියේය. තමන්ගේ කටයුත්තක් අතුරතුර මියගිය එම තරුණයා පිළිබඳව තෙවරප්පෙරුම ඔහු මියයන තෙක්ම අමතක කළේ නැත. ඔහුගේ පවුල වෙනුවෙන් නොපිරිහෙලා යුතුකම් ඉටුකළේය. මසකට වරක් විශාල බඩු මල්ලක් ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග කළේය. මාස කිහිපයක් තමන් ඔවුන්ට යවනා බඩු මල්ලෙ බඩු අස්ථාන ගතවන බව තේරුම් ගිය පාලිත ඊළඟ මාසයේ පටන් මියයනතෙක්ම තමන්ගේ දෑතින්ම බඩු මල්ල එම නිවසට ගෙනගොස් දුන්නේය. ඔහු එහෙමය.

මියයන්නට පෙර පාලිත තෙවරප්පෙරුම එක්තරා ගීයක පදවැල් වෙනස් කොට සිය දෑතින්ම නිමවූ මිනී වළ අසල හිඳ මියගිය සිය ලොකු පුතු මතක් කරමින් මෙසේ මිමිණුවේය.

වත්තේ වැව ළඟ නිසල නිවහන මමම හැදුවා පොඩි පුතේ
මගේ තනියට ලොකු පුතා ඇති සොයා යන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං ඉතිං එන්නම් ගොම්මනේ
යන ගමන් අර බෙහෙත් තුන්ඩුව ගිහින් දීපන් අම්මගේ

ඔහු කෙතරම් උදාර මිනිසෙක්දැයි පසක් කරගන්ට මළ හිරු බැස යන ගොම්මනේ ඔහුට අවසන් ගෞරවය දක්වන්නට කළුතරට එක්ව සිටි මහා ජනකාය සාක්ෂිය.

මෙරට දේශපාලනයේ ජනතාවාදී වෙනසක් අපේක්ෂා කරන යුගයක එය වචනයෙන් නොව ක්‍රියාවෙන් සපථ කළ සරල සොඳුරු මිනිසෙකු වූ තෙවරක් පෙරුවත් නොමැකෙන ගුණ ඇති තෙවරප්පෙරුම, ඔබට නවලිය අපි ද නිවන් සුව පතන්නෙමු!!!

විශේෂ ස්තුතිය – දිවයින Online කාණ්ඩායමට

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: චණ්ඩි අයියා, දේශපාලන, රොෂාන් තිලක්ෂණ, ශෙරීන් තෙවරප්පෙරුම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad3
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?