නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රුධිර කාන්දුකරණ රෝගීන්ගේ කුසගින්නට පිහිට වන Volunteer SL Foundation
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රුධිර කාන්දුකරණ රෝගීන්ගේ කුසගින්නට පිහිට වන Volunteer SL Foundation

Published April 22, 2024
ඉදිරියට අවශ්‍ය කරන ලිපි ගැන සොයමින් ඉන්න අවස්ථාවක හදිසියෙම නෙත ගැටුණා ලස්සන වචන පෙලක් ඇතුළත් පෝස්ටුවක්. එහි තිබුණේ දුෂ්කර පළාත්වල සිට පැමිණෙන රෝගීන්ට ලබාදෙන අපූරු දානයක් ගැනයි. ඉතින් මේ ගැන තවත් සොයා බලමින් ඉන්න අතරතුර හමුවුණා මේ ක්‍රියාව පසුපස ඉන්න Volunteer SL Foundation කියන අපූරු සංවිධානය. මේ ගැන හොඳින්ම දන්න පුද්ගලයෙක්ව අපි එකතුකරගත්තා මේ ගැන විමසා බලන්න. ඔහු නමින් ප්‍රමිල පුලෝචන සිල්වා...

Volunteer SL Foundation තමයි අපේ නම. ලංකාවේ ඉන්න කාටහරි හොඳ වැඩක් කරන්න හිතේ අදහස් තියෙන නමුත් ඒක ක්‍රියාත්මක කරගන්න විදිහක් නැතුව නම් ඉන්නෙ ඒ වෙනුවෙන් තමයි අපි ඉන්නෙ. ඔයාල ළඟ තියෙන අදහස අපට කිව්වම ඒකට ඕන කරන පිරිස එක්ක අපි ලබාදෙනවා. ඊට අමතරව අපි කරගෙන යන වැඩවලට ඕනෙම කෙනෙකුට ඇවිල්ලා ජොයින් වෙලා අපට උදව් කරන්න පුළුවන්.

අපි දැනට රෝහල් ආශ්‍රිතව කරගෙන යන ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල් ළමා වකුගඩු ඒකකයෙත් අපි කරන වැඩසටහන. මේ ප්‍රොජෙක්ට් එක කරන්න අපි තෝරගත්තෙ ඒ රෝහල් දෙකේ ඉන්න ඩයලිසිස් ප්‍රතිකාරය ලබන රෝගීන්ව.

මොකද ඒ රෝගීන්ගේ ලේ පිරිසිදු කරන අවස්ථාවේදි එයලගෙ ශරීරයෙ තියෙන සීනි සහ ප්‍රෝටීන්වලින් යම් ප්‍රමාණයක් ඉවත් වෙන නිසා. සීනි වගේ දෙයක් ශරීරයෙන් එකවර අඩු වුණාම ක්ෂණිකව ක්ලාන්ත ගතියක්, හෘදයාබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ප්‍රෝටීන් අඩු වීමත් පසුවට බලපෑම් ඇති කරනවා. ඉතින් ඔය වගේ දේවල් ඇති නොවෙන්න නම් ලේ පිරිසිදු කළාට පස්සෙ පෝෂදායි ආහර වේලක් එයාලට දෙන්න ඕන.

දවසකට එහෙම ලේ පිරිසිදු කරන රෝගීන් මහනුවර රෝහලේ එකසියදහයකුත් පේරාදෙණිය රෝහලේ කුඩා දරුවන් හැටකුත් වගේ ප්‍රමාණයකට උදෑසන සහ සවස වේල් දෙකටම කිරි තේ සහ කේක් කැබැල්ලක් අපි ලබා දෙනවා. තමන්ගෙ උපන්දිනේට, සංවත්සරයට වගේ විශේෂ අවස්ථා වෙනස් ආකාරයට සමරන්න කැමති සමහරක් අය මේ වගේ දාන බාරගෙන කරනවා.

කැමති ඕනම කෙනෙකුට මේ සඳහා දායක වෙන්න පුළුවන්. ඒත් සමහර දවස් තියෙනවා දානය බාර නොගෙන තියෙන. ඒ දවස්වලට  රෝගීන්ව බඩගින්නෙ තියන්න බැරි නිසා අපේ කණ්ඩායම එකතුවෙලා ඒ දවසේ දානය දෙනවා.

ඊට අමතරව සෑම බදාදාවකම සහ සිකුරාදාවකම මහරගම අපේක්ෂා රෝහලෙත් මේ වගේම වැඩසටහනක් අපි කරගෙන යනවා. ඒ රෝහලට ගොඩක් වෙලාවට එන්නෙ කුරුණෑගල, ත්‍රිකුණාමලය, කඳුරුවෙල, අම්පාර වගේ ගොඩක් දුර පළාත්වල මිනිස්සු. ඒ නිසා එයාල රෝහලට එන්න් රෑට නැත්නම් පාන්දරින්ම. ඉතින් ඒ එන රෝගීන් සහ එයාලව බලාගන්න අය ආපු වෙලාවෙ ඉඳන් කෑමක් බීමක් නැතුව ක්ලීන්ක් පෝලිමට වෙලා ඉන්නවා.

එයාල බඩගින්නක් තිබුණත් සමහරුන්ට කෑම එකක් ගන්න සල්ලි නැහැ. තවත් කට්ටියකට සල්ලි තිබුණත් කොළඹ ඇවිදලා කෑම එකක් ගන්න තැනක් දන්නෙ නැහැ. ඉතින් ඒ නිසා අපේක්ෂා රෝහලට දුෂ්කර පළාත්වලින් එන රෝගීන්ට සහ එයාලව බලාගන්න එන එයට අපි උදේට කිරි තේ සහ බිස්කට් දෙනවා.

මේ වෙනකොට අපිත් එක්ක ලොකු පිරිසක් එකතුවෙලා ඉන්නවා. අපිත් එක්ක ඉන්නවා ඉස්කොලෙන් අවුට් වුණ ළමයාගෙ ඉඳන් හොඳ උසස් රැකියා කරන පිරිස් වෙනකල් කට්ටිය. හැමෝම වගේ සතියෙ දවස්වල රැකියාවල නිරත වෙලා සති අන්තයෙ හිත නිදහස් වෙන්න සමාජ සේවය කරන අය. අපේ සංවිධානය ඇතුළේ තනතුර බෙදල දීලා නැහැ. හැමෝම එක සමානයි මෙතනදී. මොකද රැකියා ස්ථානවෙදීත් තනතුරු එක්ක ඉඳල මෙතන ඇවිල්ලත් තනතුරු හිතේ තියගෙන මේ වැඩ කරන්න බැහැ.

අපිත් එක්ක එකතුවෙන්න ඕනම කෙනෙකුට පුළුවන්. කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට ෆෙස්බුක්වලින් අපි එක්ක එකතුවෙන්න පුළුවන්. ඒ වගේම අපේ වට්සැප් ගෘප්වලට ජොයින් වෙන්නත් පුළුවන්.

අපි ඒ ගෘප්වලට දානවා ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද කියල. එතකොට ඔයා දැනට සාමජිකයෙක් නොවුණත් ඔයාට පුළුවන් අපි එක්ක එකතු වෙන්න. අපි කිසිදු සාමාජික ගාස්තුවක් අය කරන්නෙ නැහැ. ඒ නිසා කැමති කෙනෙකුට ඇවිල්ලා කැමති කාලයක් වැඩකරල යන්න පුළුවන්. කැමති නම් දිගටම අපේ වැඩවලට ජොයින් වෙන්න පුළුවන්.

ඒ වගේම අපෙන් යම් කිසි උදව්ක් ඕන කරන කෙනෙක්ටත් කරන්න තියෙන්නෙ අපේ ෆෙස්බුක් එකට පණිවුඩයක් යොමු කරන එක. නැත්නම් අපේ ෆේස්බුක් පේජ් එකේ තියෙන නොම්බර් එකකට කතා කරල ඕන කරන උදව්ව ගැන කියන එක. අපි හිතමු කාටහරි හදිස්සියේ ලේ ලාබාදෙන්න අවශ්‍ය වෙලා අපේ උදව් ඉල්ලුව කියල

එතකොට අපි ඒ උපකාරය ඕන කරන පුද්ගලයා ඉන්න ප්‍රදේශය අවට ඉන්න අපේ සමාජිකයන්ට පණිවුඩේ දීලා අවශ්‍ය තැනට යොමු කරනවා. නැත්නම් ෆෙස්බුක් එකේ පෝස්ට් එකක් දාලා එතනට කාවහරි යොමු කරනවා. ඒ වගේ හදිස්සියේ අපි දාන පෝස්ට්වලට ප්‍රතිචාර දක්වලා ගොඩක් අය උදව්වට එනවා.

මේ රෝහල් අශ්‍රිතව කරන වැඩවලට අමතරව මොණරාගල සියඹලාණ්ඩුවේ පෙරපාසලක් අපි අවුරුදු 4ක් තිස්සෙ බලාගන්නවා. ඒ ළමයින්ට ඕන කරන පාසල් උපකරණ සියල්ලම අපි සපයනවා. මාසයකට සැරයක් අපි ගිහින් එයාලව බලන්න ගිහින් ඔන කරන දේවල් කරනවා.

මීට අමතරව අපි අපේක්ෂා රෝහල පිරිසිදු කරන වැඩසටහනක් කරගෙන යනවා. ඊට අමතරව පාරේ ඉන්න බල්ලන්ට පූසන්ට කෑම දෙන වැඩසටහනක්, ලේ දන්දීමේ පිංකමක්, වෛද්‍ය සායන වගේ දේවල් අපි කරනවා.

ඒ වගේම උදව් ඕන කරන පවුල්වලට සහ පුද්ගලයන්ටත් අපි උදව් කරනවා. අපි කරන උපකාරය එක් පුද්ගලයෙකුට විතරක් වැදගත් වෙන වැඩක් වුණත් අපි ඒක කරනවා. අඩු ආදායම් ඇති අයට අපි එයාලගේ උත්සහයෙන් නැඟිටින්න අපි උදව් කරනවා.

මොකද අපි එයාලට මුදල්වලින් උපකාර කරනවාට වඩා තමන්ගේම දෙයක් පටන් අරගෙන නැඟිටින්න උදව් කරන එක වටිනවා. අපි ඒ වගේ අච්චි කෙනෙකුට මේ ළඟදී උදව් කළා පලතුරු ව්‍යාපාරයක් පටන් ගන්න. දැන් ඒ ආච්චි තමන්ගේ වැඩ ටික කරගෙන යන්න තරම් ආදායමක් ඒකෙන් ලබනවා.

අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: Volunteer SL Foundation
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?