නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නෙලුම් කුලුනෙන් බැස, එවරස්ට් නගින්න යන අපේ සුමදුනී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නෙලුම් කුලුනෙන් බැස, එවරස්ට් නගින්න යන අපේ සුමදුනී

Published April 15, 2024
ගැහැනු දරුවෙක් බාල කාලයේ පටන්ම බෝනික්කන් නලවන සෙල්ලම්වලට උනන්දුයි. නමුත් ඉඳහිට පිරිමි ළමයකුගේ ගති පැවැතුම් ඇති ගැහැනු දරුවන්ද අප අතර සිටිනවා.වෘත්තිමය වශයෙන් ශ්‍රීි ලංකා ගුවන් සේවයේ මැදිරි කාර්ය මණ්ඩලයේ අධීක්ෂකවරියක් ලෙසින් සේවය කරන ඇය සුමදුනී වීණා නිර්මලිනි ජයමාන්න. මේ වනවිට ත්‍රාසජනක ක්‍රිඩාවන්හි නිරත වන සුවිශේෂී කාන්තා චරිතයක් බවට ඇය පත්ව සිටිනවා. ඉතින් ඇගේ මේ අපූරු කතාවට මේ විදිහට ආරම්භයක් ගනිමු.

“මගේ ගම මහනුවර. මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් මම පසුව පදිංචියට දන්කොටුව ප්‍රදේශයට පැමිණියා. ඒ නිසා වෙන්ප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සහ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලවලින්ද මම අධ්‍යාපනය ලබාගත්තා.”

උසස් පෙළ අවසානයේ…

මට ගුරුවරියක් විදිහට සේවය කරන්න අවස්ථාව ලැබුණත් ඊට වඩා ගුවන් සේවයට සම්බන්ධ වීමට කැමැත්තක් තිබුණා. නමුත් මගේ මව්පියන් ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ. මම ගෙදරට හොරෙන් මිතුරියකගේ නිවසට ගොස් ඇගෙන් සාරියක් ඉල්ලා ගෙන සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා එයින් සමත් වුණා.ගුවන් සමාගමේ සේවයට සම්බන්ධ වුණාට පසුව මට මුලින්ම ත්‍රාසජනක ක්‍රීඩාවන්ට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා.

2008 වසරේ තායිලන්තයේ බැංකොක්වල ඉද්දී “පැරා සේලින්” සහ “ජෙට් ස්කයි” ක්‍රීිඩාවන්ට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා.මේ කාලය වන විට ලංකාවේ ත්‍රාසජනක ක්‍රීඩාවන් එතරම් ජනප්‍රිය වුනේ නැහැ. ඔය අතර 2010 වසරේදී බ්‍රසීලයේ සංචාරයකට සම්බන්ධ වුණා. එහිදී මට “හැන්ග් ග්ලයිඩිං” ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

පරිසරය වින්දනය කරන චරිතයක් බවට ඔබ පත්වුණේ…

මගේ බාල කාලය ගෙවුනේ මහනුවර සුන්දර ප්‍රදේශයක. මට වැඩිමහල් සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ අතරින් බාලම අයියා සමග මම ඉතා සමීපයි. අපේ නිවසේ ඉඳන් කඩයකට යන්න පාර තිබුණට චූටි අයියා කවදාවත් හරි පාරෙන් කඩේට යන්නේ නැහැ. කන්දක් බැහැලා තව කන්දක් තියෙනවා ඒකත් නගිනවා.

ඒ හරහා තිබෙන කුඹුරුවල මාළු දිහා එහෙම බලාගෙන ඉඳලා කෝච්චි පාර දිගේ යනවා. මේ ගමනට පැය දෙකක් විතර ගතවනවා. මාත් චූටි අයියා පස්සෙන් යනවා. ඒ වගේම පොඩි කාලේ දඟ වැඩ කළාම අයියලා මට ගහන්න එද්දී ගහක් උඩට නැගලා බේරෙනවා. මගේ හැසිරීම නිසා හැම දෙනෙක්ම මට කිව්වේ ගැහැනු ළමයෙක් වගේ හැදෙන්න කියලා. ඔය මුරණ්ඩු වැඩ නවත්තලා අම්මව ආදර්ශයට ගන්න කියලත් කිව්වා.

මම ඇවිදින්න හරිම කැමැතියි. ඒත් ඒකට ගෙදරින් අවසර ලැබුණේ නැහැ. අහන හැම වතාවකම කිව්වේ “ඔයා ගැහැනු ළමයෙක් අයියලා එක්ක යන්න, එහෙම නැත්නම් කසාද බැන්ද දවසක සැමියා එක්ක යන්න කියලා.2017 වසරේ මම අපේ රටේ “දූවිලි ඇල්ල” ඡායාරූපයක් දැක්කා. මට එතැනට යන්නම හිතුණා. යාළුවෝ එක්ක මම එතැනට ගියා. මට එතැන දිව්‍ය ලෝකයක් වගේ දැනුනත් කුඩැල්ලෝ නිසා යාළුවෝ ආයේ එන්නේ නෑ කිව්වා. ඊටපසුව මම තනියම මාර්ගෝපදේශකවරයෙක් සමග සංචාරය කරන්න පටන් ගත්තා. ඒත් ඒ ටික දවසයි. එතැනින් පසුව මගේ වාහනයේ මම තනියම ගියා.

තනියම සංචාරේ බයක් නැද්ද?

අපට මොළයක් තියෙනවානේ. තමන් යන එන ගමන් ගැන අවදානයෙන් ගියාම හරි. තනියම සංචාරයේ යනවා දකිද්දී බොහෝ දෙනෙක් හිතන්නේ මෙයා නම් විදේශික කාන්තාවක් වෙන්නැති කියලා. මම ලංකාව වටා පාපැදියකින් සංචාරය කළා. විදේශිකයන්ට විතරක් නොවේ අපේ රටේ තනියම සංචාරය කරන්න හැකියාව වගේම ආත්ම ශක්තියක් අපටත් තියෙන්න ඕන.

මේ අතර 2020 වසරේ මට “මාර්වල් ශ්‍රිී ලංකා” නිර්මාතෘ ඉෂාන් රොක්ස් මුණගැහුණා. මම ඒ කණ්ඩායමට සම්බන්ධ වුණා. එතැනින් මම කඹ ආධාරයෙන් දිය ඇලිවල මුදුනේ සිට පහළට බහින අවස්ථාවන්ට (ඇබ්සේල්) සම්බන්ධ වුණා. මම ඇබර්ඩීන්, ගාට්මෝර්, බඹරකන්ද, බෝමුරු ඇල්ල වගේ දියඇළි දහයකටත් වඩා වැඩි සංඛ්‍යාවක මේ විදිහට ගමන් කරලා තිබෙනවා.

කඹයක ආධාරයෙන් දිය ඇල්ලක දස්කම්…

මම 2023 වසරේ කඹයක ආධාරයෙන් බඹරකන්ද දිය ඇල්ලෙන් පහළට බැස්සා. බඹරකන්ද කියන්නේ ලංකාවේ උසම දිය ඇල්ල. මේ වෙනුවෙන් අවශ්‍ය කඹ සහ ආධාරක විදේශයන්ගෙන් ගෙන්වා ගත්තා. ඒ වගේම කොළඹ නෙලුම් කුලුන කඹයක ආධාරයෙන් පහළට බැසීමේ වාර්තාව ලත් පළමු කාන්තාව වුණේ මමයි. මේ වගේ දියඇලිවලින් බහින විට බිහිසුනු අත්දැකීම්වලටත් මුහුණ දෙන්න වුණා. නකල්ස්වල තිබෙන නා ඇල්ල බලන්න මම ගියා.

මාර්ගෝපදේශකයකුත් ආවා. ගයිඩ් පහළ ඉද්දී මම උඩටම ගියා. ඇල්ල පටන් ගන්න තැනට ගිය මම ෆොටෝ එකක් ගන්න හදන විටම ලිස්සලා ගිහින් ඇල්ලේ වතුර වැටෙන්න පටන් ගන්න තැනට වැටුණා. මම උත්සාහ කළත් උඩට එන්න විදිහක් නැහැ. උඩින් වැටෙන වතුර පාරේ සැරට වළ ඇතුළටම යනවා. ඒත් කොහොම හරි ජීවිතය බේරාගෙන ගොඩට ආවා.

ඔබේ ඉලක්ක…

මම දැනට ලංකාවේ සියලුම ප්‍රධාන ගංගාවන් “කයොක් ඔරු” හරහා තරණය කරලා තියෙනවා. ඒ වගේම “දොළුකන්ද” කඹ ආධාරයෙන් පැනීම සහ තරණය කිරීම කළා. අනාගතයේදී එවරස්ට් සහ කිලිමන්ජාරෝ කන්ද තරණයට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මං වගේ කඳු නගින්න, කඹ හරහා යන්න කැමැත්තක් තියෙනවා නම් ඒවා මැඩපවත්වාගෙන ජීවත් වෙන්න එපා. තහංචි වැටෙයි. නමුත් ආරක්ෂාව සහ ආත්ම ශක්තිය ගොඩනගාගන්න. එහෙම වුණොත් ඔබට වරදින්නේ නැහැ.

(බීබීසී පුවත් ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?