නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අපි සුරැකිව තබා යුද” ගුවන්” නාවික ලඳුන් සමරයි අවුරුදූ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අපි සුරැකිව තබා යුද” ගුවන්” නාවික ලඳුන් සමරයි අවුරුදූ

Published April 15, 2024

ශ්‍රී ලංකාවාසි අපට සතුටින් සාමයෙන් අවුරුදු සමරන්නට අපේ රටේම තවත් කොටසක් මහා පවුරක් මෙන් අපිව ආරක්ෂා කරමින් රාජකාරියේ නියැළෙන බව අපි හොඳාකාරවම දනිමු.සිංහල හා දමිළ අලුත් අවුරුද්ද තමන්ට රිසි සේ පවුලේ ආදරණීයයන් සමඟ සමරන්නට ඔවුන් කැමැත්තෙන් සිටියත් දේවකාරියටත් වඩා රාජකාරියට මුල්තැන ඔවුන් ලබාදෙන බැවින් සිටිනා තැනක සිට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන ආකාරයද අප ඕනෑ තරම් මීට පෙර දැක තිබේ.

ගොඩබිමෙන් එන බොහෝ උවදුරු, ගුවනින් එන බොහෝ උවදුරු, සාගරයෙන් එන බොහෝ උවදුරුවලින් අපව බේරාගන්නේ යුද, ගුවන්, නාවික ඔවුන් එකම පවුරක් ලෙස අප වටා රැඳී සිටින නිසාමය. යුද, ගුවන්, නාවික ළඳුන් එකතු කර ගනිමින් නවලිය අවුරුදු කවරය සරසන්නට අප පෙරමුණ ගත් අතර මේ ඉඩකඩ වෙන්වන්නේ ඔවුන්ගේ අවුරුදු කතාබහටය.

                       ලුතිනන් ප්‍රසාදී නදීෂානී
ශ්‍රී ලංකා නාවික හමුදාව

මේ සැරේ අවුරුද්දට ගෙදර යන්නබලාගෙන ඉන්නවා

සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ නාවික හමුදාවේ ඉන්න අපටත් ලංකාවේ හැමෝටමත් සතුට රැඳෙන කාලයක්. නාවික හමුදාවේ අත්‍යවශ්‍ය සේවාවල ඉන්න අයට හැර අපේ ගොඩක් අයට අවුරුදු නිවාඩුව ලැබෙනවා. මේ සැරේ අවුරුදු නිවාඩුවට ගෙදර යන්න බලාගෙනයි මමත් ඉන්නේ.

මම දැනට සේවය කරන්නෙ නාවික හමුදා මූලස්ථානයේ විනය ආරක්ෂාධිපතිගේ ලේකම් විදිහට. රාජකාරි කටයුතු නිසා මට වුණත් මාසෙකට සැරයක් තමයි නිවාඩුවක් ලැබෙන්නේ.මම නාවික හමුදාවට ආවේ A/L වලින් පස්සේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා සමාජ විද්‍යා උපාධිය හැදෑරීමෙන් පසුවයි. අවසන් සම්මුඛ පරීක්ෂණයේදී මට නාවික හමුදාව තෝරගන්න පුළුවන් වුණා. ඒකට මගේ කැමැත්තකුත් තිබුණා.

ඊටපස්සෙ අපට ශිෂ්‍ය භට පුහුණුව සහ නාවික පුහුණුව නාවික හමුදාවේ ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් ලැබුණා. පළවැනි පත්වීම ලැබෙන්නේ මැදවච්චිය පණ්ඩුකාභය කඳවුරට. ඊටපස්සෙ මට ගාල්ල දක්ෂිණ නාවික කඳවුරටත් අවසානයේ නාවික හමුදා මූලස්ථානයටත් එන්න ලැබෙනවා. මම මේ රාජකාරියට කොහොමත් ආසයි. මම මේ වනවිට නාවික හමුදා ප්‍රථම පැරෂුට් කණ්ඩායමේ සාමාජිකාවක්.

                   පියාසර නිලධාරිනි නිලුක්ෂි ජයසේකර
ශ්‍රී ලංකා ගුවන් හමුදාව


පවුලේ අය එක්ක පුළුවන් හොඳම විදිහට අවුරුද්ද සමරන්න

මමත් අවුරුද්දට නිවාඩුව ගෙදර යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. බලමු ඒක කොහොම ලැබෙයිද කියලා. අවුරුදු කාලයට වුණත් අපට නිවාඩු ලැබෙන්නෙ ඩියුටි පීරියඩ් එක අනුව තමයි. කොහොමටත් මාසෙකට දවස් කිහිපයක නිවාඩුවක් අපට තියෙනවා.

මගේ ගෙදර කිරිබත්ගොඩ. මම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද බාලිකාවෙන්. මම එයාර්ෆෝස් එකට ජොයින් වුණේ 2018. ඒ දියතලාවෙ සටන් පුහුණු පාසලට. ඊටපස්සේ චීන වරාය ගුවන් හමුදා කඳවුරට වැඩිදුර පුහුණුවට යොමු වුණා. එතනදි තමයි ගුවන් නියමුවරියක්වීමේ මගේ සිහිනය සැබෑ වුණේ. එතනදී තමයි මම පුහුණුවීම් අරම්භ කළේ. මුලින් කෙඩෙට් පියාසර නිලධාරිනියක් විදිහට තමයි පුහුණු වුණේ. සම්පූර්ණ කළ යුතු ගුවන් පියසර කාලයෙන් පස්සේ 2022 ගුවන් හමුදාවේ පියාසර නිලධාරිනියන් අතරට මමත් එකතු වුණා.

ලොකු අත්දැකීම් එක්ක සහ අභියෝග එක්ක විශේෂයෙන් ගැනු ළමයෙක් විදිහට මේ ගමන මම ඉදිරියට යනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියන් අට දෙනෙක් ඉන්නවා. මොන බාධක ආවත් පවුලේ අය එක්ක පුළුවන් විදියට අවුරුද්ද සමරන්න කියල තමයි මම අපේ අයට කියන්නේ.

                  මේජර් හිරුණි දිසාලා වීරසේකර
ශ්‍රී ලංකා යුද හමුදාව

යුද හමුදා සාමාජිකාවක් විදිහට මේ අලුත් අවුරුද්ද යුද හමුදා පවුල තුළ සතුටින් සමරන්න සූදානම්

ගිය අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් සිංහල හින්දු අලුත් අවුරුද්ද යුද හමුදා සාමාජිකාවක් විදිහට අපේ යුද හමුදා පවුල තුළ සතුටින් සමරන්න සූදානම් වෙලා ඉන්නවා. රජකාරියට අවශ්‍ය හමුදා පිරිස් තියාගෙන අනෙක් සියලු දෙනාටම ගම්බිම් බලායන්න, අවුරුදු සමරන්න අවස්ථාව දෙන්න යුද හමුදාපතිතුමා ඇතුළු අපේ නිලධාරීන් කටයුතු කරනවා. ගම්බිම් බලා නොයන අපේම පිරිස්වලටත් යුද හමුදාව ඇතුළේ එකම පවුලක් විදිහට අවුරුදු සමරන්න අවස්ථාවත් සලසා දී තිබෙනවා.

මගේ උපන් ගම රත්නපුරේ. අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් නොතිබුණොත් අවුරුද්දට ගමේ යන්න තමයි මමත් හිතාගෙන ඉන්නේ. ගමේ තමයි ලස්සනට අවුරුදු තියෙන්නේ. මම හමුදාවට එකතුවෙන්නෙ 2013 අවුරුද්දේ. ඒ මගේ ක්‍රීඩාව නිසා. මගේ ක්‍රීඩා පුහුණුකරු තමයි ඇප්ලිකේෂන් එක පවා ගෙනත් දුන්නේ හමුදාවට යන්න. ඊටපස්සෙ අම්මලා තාත්තලාගේ කැමැත්ත ඇතිව හමුදාවට බැඳුණා. මට තියෙන්න ගිණුම් කටයුතු පිළිබඳ රාජකාරියක්. මම බොරැල්ල කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරනවා. කාර්යාල වැඩ කොටසට අමතරව හදිස්සි රාජකාරි කටයුතුවලත් අපි නිරත වෙනවා.

විශේෂ ස්තූතිය –
ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ඒකකවලට

හරින්දී ලියනගේ ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?