නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රජකම් තිබුණත් නිරෝගී නැත්නම් පලක් නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රජකම් තිබුණත් නිරෝගී නැත්නම් පලක් නෑ

Published April 8, 2024
       කේට් කුමරියට පිළිකාවක්ලු

එංගලන්තයේ ආදිපාදවරිය ලෙස සැලකෙන කේට් මිඩ්ල්ටන් ගැන විවිධ කටකතා පැතිරෙන්න පටන් ගත්තා. ඇය ප්‍රසිද්ධ අවස්ථාවන්ට සහභාගි නොවීම හැම දෙනාගේම මවිතයට හේතු වුණා. කේට් සිය සැමියා සහ දරු තිදෙනා සමග නත්තල් දින දේව මෙහෙයට පිටත්ව යන ඡායාරූපය මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වී තිබුණා. නත්තල් දින දේව මෙහෙයට රාජකීය පවුල සහභාගී වීම සම්ප්‍රදායක්.එතැනින් පසුව ඇති වුණේ දැඩි නිහඬතාවක්. කේට් කුමරිය පොදු අවස්ථාවන්ට සහභාගී වීමක් දකින්න ලැබුණේ නැහැ.

ඇය අසනීපයෙන්. සිහි මුර්ඡාවට පත් වෙලා.නැහැ ඇය දික්කසාද වෙලා. විලියම් කුමරුට අනියම් සම්බන්ධතාවක් තිබෙන බව කේට් දැන ගෙන දික්කසාදයට සූදානමින්. මේ වගේ විවිධ කට කතා පැතිරෙන්න පටන් ගත්තා. මේ අතර මාර්තු මාසයේදී කේට් කුමරිය සහ දරුවන් තිදෙනා සමග එක්ව සිටින ඡායාරූපයක් මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබුණා. එය විලියම් කුමරු විසින් ගත් ඡායාරූපයක් බැව් ඇය සඳහන් කළා.

නමුත් රාජකීයන්ගේ ඡායාරූප ගැනීමට නිල ඡායාරූප ශිල්පීන් සිටියදී විලියම් කුමරු විසින් මෙම ඡායාරූපය ගැනීම ගැනත් බොහෝ දෙනාට සැකයක් තිබුණා. ඒ වගේම මෙම ඡායාරූපයේ ස්ථාන 15 ක්ම සංස්කරණය කර තිබුණා. ඒ පුවත පැතිරීමත් සමග කේට් ඒ ගැන සමාව ඉල්ලා සිටියා. පුවත් මවන්නන් ඒ ඡායාරූපය ඔවුන්ගේ වෙබ් අඩවිවලින් ඉවත් කර ගෙන තිබුණා.කේට් ගැන තිබුණ මේ ආරංචි වේගයෙන් පැතිරෙද්දී ඇය ඒ නිහඬතාවය බිඳ දමමින් ප්‍රශ්නයට සෘජුවම මැදිහත් වුණා.

ඇත්ත ඇති සැටියෙන්

මේ අතර පසුගිය සතියේ කේට් කුමරිය විසින් ඇගේ කටහඬෙන්ම විනාඩි දෙකක පමණ වීඩියෝ පටයක් මාධ්‍යට නිදහස් කළා. තමන් පිළිකා තත්ත්වයෙන් පසු වන බැව ඇය විසින්ම ප්‍රකාශ කළා.‘මම ජනවාරි මාසයේ උදරයේ සැත්කමකට යොමු වුණා. මගේ සැත්කම සාර්ථක වුණා. නමුත් පටක පරීක්ෂාවෙන් මම පිළිකා තත්ත්වයට පත්ව සිටින බැව් තහවුරු වුණා. දැන් මම කිමෝ ප්‍රතිකාර (Chemotherapy) ලබනවා. තවම මුල් අදියරේ ප්‍රතිකාර ආරම්භ වුණා පමණයි.

නමුත් මම ශක්තිමත්. විලියම් කුමරු මට ඉතා ආදරයෙන් සලකනවා. පිළිකාව බැව් දැන ගත් පසුව මට තිබුණේ එකම ගැටලුවක් විතරයි. ඒ මගේ දරුවන් මානසිකව බිඳ නොවැටී මේ තත්ත්වයට මුහුණ දෙන අන්දම ගැන තිබෙන ගනුදෙනුව පමණයි. මට පිළිකාවක් බැව් දැන් ඔවුන් දන්නවා. ඔවුන් මට ශක්තියක්ව සිටිනවා. ඒ ගැන මම සතුටු වෙනවා’

චාල්ස් රජුටත් පිළිකාවක්

පසුගිය මාසයේදී චාල්ස් රජතුමා පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා තත්ත්වයකින් පසු වන බැව් වාර්තා වුණා. නමුත් එය සාමාන්‍ය තොරතුරක් ලෙස බ්‍රිතාන්‍යන් සැලකුවා මිස ඒ ගැන වැඩි දුරටත් තොරතුරු සොයන්න උනන්දු වුණේ නැහැ. නමුත් කේට් කුමරියගේ රෝගී තත්ත්වය ගැන ලෝකයෙම අවධානය දැන් යොමු වී තිබෙනවා.

ඇය ශක්තිමත්

මේ අතර චාල්ස් රජතුමා කේට් කුමරියගේ ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය ගැන ආඩම්බරය ප්‍රකාශ කරනවා.‘ මගේ ලේලිය සැබැවින්ම ධෛර්යවත් කාන්තාවක්. ඇය ප්‍රතිකාර වෙනුවෙන් ඉතා සාර්ථකව මුහුණ දෙනවා. ඇය ඉතාම ඉක්මනින් සුවපත් වෙනවා මට ඒ ගැන විශ්වාසයි’. චාල්ස් රජතුමා සඳහන් කරනවා.

මේ අතර ප්‍රංශයේ අගමැති, කැනඩා අගමැති ඇතුළු ලෝක නායකයින් බොහෝ දෙනෙක් කේට් වෙනුවෙන් ආශීර්වාද ලබා දෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඩයනාට ආදරය කළාද එවැනි ආදරයක් කේට් වෙනුවෙනුත් දක්වනවා. මේ නිසා වින්ඩ්සර් මාලිගය අසල මල් තබමින් කේට් ඉක්මනින් සුවය ලැබේවා යැයි ආශිර්වාද පණිවිඩ එකතු කර තිබෙනවා.

මේ කන්දත් අපි නඟිමු

කේට්ගේ සහෝදරයා විසින් ඉතා සංවේදී සටහනක් තබා තිබෙනවා. ‘අපේ පුංචි කාලය ඔබට මතකද? අපි ඒ දවස්වල කඳු නැග්ගා. ඉතින් මේ කන්දත් අපි නගිමු. ඔබට ඉක්මන් සුවය’. ඔහු එසේ සටහන් තබා තිබෙනවා.කේට් කුමරියගේ වයස අවුරුදු 42 ක්. යුරෝපය තුළ ඇය තවම තරුණියක්.

නමුත් මේ තරම් අඩු වයසේදී පිළිකාවකට ගොදුරු විමට බලපාන හේතු ගැන දැන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයකු පිළිකා රෝග තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් දැන් තිබෙනවා. ඒ අතරින් ඉහළ වාර්තා වීම් පෙනහලු, උදර, අන්ත්‍ර සහ පියයුරු පිළිකා බැව් වාර්තා වෙනවා.කේට් කුමරියගේ පිළිකාවේ පැතිරීම හෝ එය පවතින ස්ථානය ගැන නිල වාර්තා තවම නිකුත් වී නැහැ.

(සංදේශය ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Chemotherapy, kate, කේට් කුමරිය, පිළිකා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?