නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආන්ත්‍රික පිළිකා වළක්වන්න එන්නතක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ආන්ත්‍රික පිළිකා වළක්වන්න එන්නතක්

Published March 25, 2024

ලොව පුරා සිදු වන මරණ අතරින් පිළිකා රෝගය නිසා සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ බැව් රහසක් නොවේ. ඒ අතරින් බඩවැල් ආශ්‍රිත පිළිකාවන් නිසා මිය යන රෝගීන් සංඛ්‍යාව ගැන නිරන්තර වාර්තා වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට බඩවැල් ආශ්‍රිත පිළිකා ලෝකයේ තෙවැනි තැනට පත් වන සුලබ පිළිකා වර්ගයක් ලෙස වාර්තා වෙනවා. වාර්ෂිකව ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 1.2 ක් පමණ වාර්තා වන අතර පිළිකා ආශ්‍රිත මරණවලින් වැඩි දෙනෙක් මිය යන්නේ අන්ත්‍ර හෙවත් බඩවැල් ආශ්‍රිත පිළිකාවන්ගෙන්.

ආන්ත්‍රික පිළිකා වළකන එන්නතක්

මේ අතර ආන්ත්‍රික පිළිකා වැළැක්වීම වෙනුවෙන් එන්නතක් නිෂ්පාදනය කිරීමට ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන ටෝනි ඩිලන් සහ ඕස්ට්‍රේලියාවේ මහාචාර්යවරයෙකු වන ටිම් ප්‍රයිස් සමත්ව සිටිනවා. ඔවුන් දෙදෙනා වසර හතරක් පුරා මෙම අධ්‍යයනයේ යෙදුන අතර මේ වනවිට එම එන්නත සාර්ථක බැව් හඳුනා ගෙන තිබෙනවා.

මෙම එන්නත උදර සහ ආන්ත්‍රික පිළිකා වෙනුවෙන් හඳුනා ගත් ප්‍රථම එන්නත වේ. විශේෂඥ වෛද්‍ය ඩිලන් සඳහන් කරන පරිදි මෙම එන්නත ලබා ගත් පසුව රෝගියා සියයයට සියයක්ම පිළිකාවන් නිදහස් වන බැව් සඳහන් කරනවා. මෙම එන්නත මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිකාවට එරෙහිව ගොඩනැගෙන නිසා රෝගියාට සැත්කමක් අවශ්‍ය නොවන බවත් මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.ලොව පුරා රෝගීන් 44 දෙනෙකුට මේ වෙන විට එන්නත ලබා දී තිබෙනවා.

(Clinical trials ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️







 

TAGGED: Cancer, Patients, පිළිකා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?