නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයත් Overthinker කෙනෙක්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔයත් Overthinker කෙනෙක්ද

Published March 18, 2024

ඕවර්තින්කින් එහෙමත් නැත්නම් එකම දේ ගැන ඕනවට වඩා හිතිල්ල කියන්නේ සමාජයේ ගොඩක් අයට තියෙන මානසික තත්ත්වයක්. මේක රෝග තත්ත්වයක් නෙවෙයි රෝග ලක්ෂණයක්. ඒ වගේම විවිධ ස්වරූපවලින් මේ තත්ත්වය ඇතිවන්න පුළුවන්. සමහර අයට එකම දේ ගැන නිතර නිතර හිතෙන්න ගන්නවා වගේම තවත් සමහරක්ට තොරතෝංචියක් නැතුව එකිනෙකට සම්බන්ධ වුණ සිතුවිලි දාමයන් එක්ක ඕවර්තින්කින් ගැටලුව එනවා. ඒ අයට සිතුවිලි දාම එක්ක ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරයත් සිතුවිලිවලින්ම කියල දෙනවා. මුලදි මේ සිතුවිලි දාම එක්ක යම්කිසි සහනයක් ලැබුණත් පස්සේ මේක කරදරයක් වෙන්න පටන් ගන්නවා. අවධානය නැති වෙනවා. තමන් කරන වැඩවලට බාධා එල්ල වෙනවා. ඒ වගේම තනියම කාමරේට වෙලා කල්පනා කර කර ඉන්න එකත් මෙහි එක් ලක්ෂණයක්.

ඕවර්තින්කින් තියෙන සමහරු තමන්ගේ සිතුවිලි නතර කරගන්න උත්සාහ කරනවා. ඒත් එයාලට ඒක කරන්න අමාරුයි. මොකද ඒක කරන්න ඕන හරිම විදිහ එයාලා දන්නේ නෑ. තව කෙනෙක්ගෙ උදව්වක් බලාපොරොත්තු වෙනවා. සමහරු හිතනවා මේක කට්ටියක් එක්ක කතා කළාම හිතේ තියෙන ආතතිය නැතිවෙනවා කියලා.

හැබැයි ගොඩක් වෙලාවට ඒක එහෙම වෙන්නේ නෑ. සමහර විට ඒකෙන් ඕවර්තින්ක් කරන එක තව තවත් වැඩි වෙන්න පුළුවන්. මේ අතරින් සමහරුන්ට හිතෙන්නේ කිසිම තේරුමක් නැති දේවල් ‘ඇයි අහස නිල් පාට?, මේ පොළොවේ අපි දන්නැති දේවල් තියෙනවද?‘ වගේ කෙළවරක් නැති එක එක සිතුවිලි දාමයන් හිතට එනවා.

මේ රෝග තත්ත්වයන් දකින්න ලැබෙන්නෙ මොන අවස්ථාවලදිද?

විශාදය, රෝග භීතිකාව, කාන්සාව වගේ රෝග තත්ත්වයන්වලදී අපිට ඕවර්තින්කර්ස්ලා දකින්න පුළුවන්. විශාදයේදි ඇතිවෙන ඕවතින්ක් ගතිය සෘණාත්මක ස්වභාවයක් ගන්නවා. තමුන්ට දෙයක් කරගන්න බෑ, කරන කිසිම දෙයක් හරියන්නේ නෑ වගේ සෘණාත්මක සිතුවිලි තමයි එයාලට ඇතිවෙන්නේ. මේ සිතුවිලි නින්දට, කෑමට වගේම මානසික නිදහසටත් බලපාන්න පුළුවන්.

රෝග භීතිකාව කියන්නේ අසනීප සම්බන්ධයෙන් තියෙන බයට. තමන්ට මොකක් හරි රෝගයක් හැදිලා ඇති කියලා එයාලා හිතනවා. ඒවත් ඒඩ්ස්, පිළිකා වගේ දරුණු රෝග. ඉතින් ඒ බියත් එක්කම නිතර නිතර පරීක්ෂණවලට භාජනය වෙනවා.

නිතර පරීක්ෂා කරන්නේ තමන්ගේ සිතුවිලි දාමය මගහරවා ගන්න නමුත් ඒකෙ කෙළවරක් දකින්නෙ නෑ. දිගින් දිගටම සිතුවිලි දාමය එනවා. කාන්සාව තත්ත්වයෙදි වෙන්නෙත් මෙවැනිම දෙයක්. සිතුවිල්ලට උත්තරයක් නැත්නම් උත්තරයක් ලැබෙනකල්ම සිතුවිල්ලෙ එල්බගෙනම ඉන්නවා.

ස්වභාවයෙන්ම ඕවර්තින්කර්ස්ලා වෙන්නත් පුළුවන්

සමහරු ඉන්නවා ඔවුන් ස්වභාවයෙන්ම ඕවතින්කර්ස්ලා. හැමදෙයක් ගැනම අනවශ්‍ය විදිහට හිතනවා. ඒ අය තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕවර්තින්ක් කළා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැති වෙන්නත් පුළුවන්. නමුත් යම්කිසි මට්ටමකින් ඔබ්බට ගියොත් ඒක සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතුවලට බාධාවක් වෙන්නත් පුළුවන්.

මේ නිසා ගෘහ ජීවිතයේ ප්‍රශ්න විතරක් නෙවෙයි රැකියාවේ, අධ්‍යාපන කටයුතුවල පවා ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මේ දේවල් එක්ක ඕවතින්ක් කරන එක වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නෑ. මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නොත් ඒ ගැටලුව ලෙහාගන්න මානසික උපදේශකවරයෙක් හෝ මනෝ වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙන එක වැදගත්

ඕවර්තිනිකින් ගතිය ඇතිවෙන්නේ ඇයි?

ජානමය බලපෑමත් ඕවතින්කර්ස්ලා බිහිවෙන්න බලපානවා. ඒ වගේම තමන් හැදුණ වැඩුණ පරිසරය. ඒ කියන්නේ ගොඩක් නීති රීති එක්ක, දෙයක් හරි විදිහටම කරන්න අවශ්‍ය පරිසරයක හැදුණ කෙනෙක් අනෙක් බලපාන දේ තමයි පෞරුෂත්වය.

ඕවර්තින්කින් වලට ප්‍රතිකාර කරන විදි

ඕවර්තින්කින්වලට ප්‍රතිකාර කරන විදි තුනක් තියෙනවා. ඕවර්තින්කින් එක්ක විශාදය වගේ තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක්ගේ සායනයකට සහභාගි වෙන එක වැදගත්. ඒකෙදි මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිත කරන්න වෙනවා නම් ඒකට මනෝවිද්‍යාඥයෙක් ගාවට යොමු වෙන්න ඕනේ.

එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න එක්ක වැඩිපුර හිතන ස්වභාවයක් තියෙනවා නම් මනෝ උපදේශනයකට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන් කියන්න ඕනේ රෝගාබාධ තත්ත්වයක් තියෙනවා නම් සහ කලින් තිබුණ තත්ත්වය වැඩිවෙලා නම් ඒකට මනෝ වෛද්‍යවරයෙක් හමුවීම ගොඩක් වැදගත්.

මේකෙදි ඖෂධීය ප්‍රතිකාර වගේම මනෝ චිකිත්සක ප්‍රතිකාරත් සිදු කරනවා. ඒ වගේම පෞරුෂයත් එක්ක ඇතිවෙන ඕවර්තින්කින් ගතියක් නම් මනෝචිකිත්සාව තමයි අවශ්‍ය වෙන්නේ. මොකද මනෝචිකිත්සකවරුන්ට පුළුවන් ප්‍රශ්නකාරී ස්වභාවයක් තියෙනවා නම් ඒවට පිළියම් හොයලා දෙන්න.

නමුත් ඕවර්තින්කින් එක මොකක් නිසාද ඇතිවෙන්නෙ කියලා හරියටම දැනගෙන තමයි ප්‍රතිකාරවලට යොමු වෙන්න ඕනේ. එහි පළමු පියවර විදිහට ඔබේ පවුලේ වෛද්‍යවරයාව හමුවෙන්න. එතකොට පුළුවන් ඇතිවෙලා තියෙන තත්ත්වය මත මනෝ වෛද්‍ය සායනයකට යොමු වෙන්න අවශ්‍යද නැතිනම් මනෝ උපදේශනයකින් පමණක් සුව කරගන්න පුළුවන්ද කියලා හොයලා බලන්න.

විශේෂ මනෝ වෛද්‍ය
දිනූෂ සිරිසේන


එරංදි කෞශල්‍යා ✍️



 

TAGGED: Overthinker, Psychiatric treatment, සිතුවිලි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?