නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පිළිකාවට එරෙහිව සබන් කැටයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පිළිකාවට එරෙහිව සබන් කැටයක්

Published February 19, 2024

හේමන් බෙක්ලේ වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙක්. වර්ජිනියා හි පදිංචි ඔහු 2023 – 3M Young Scientists Challenge තරගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ විද්‍යාඥයා (America’s Top Young Scientist) ලෙසින් තේරී පත්ව සිටිනවා. මේ වෙනුවෙන් විශාල තරගකරුවන් පිරිසක් සහභාගී වුණා. ඒ අතරින් හේමන් විසින් ඉදිරිපත් කරන ලද පිළිකාවට එරෙහි සබන් කැටය වෙනුවෙන් එම සම්මානය ඔහුට ප්‍රදානය කරනු ලැබුවා.

ඔහුට මේ අදහස ඇති වුණේ ඇයි?

ඒ වන විට හේමන්ගේ වයස අවුරුදු 4 යි. දවසක් ඔහු එක්තරා ප්‍රවෘත්තියක් දැක්කා. ඒ පුවත නිසාම කවදා හෝ දිනක මේ වෙනුවෙන් තමාට කළ හැකි දෙයක් ගැන ඔහු හිතන්න පටන් ගත්තා.ඉතියෝපියාවේ ජීවත් වන මිනිසුන් බොහෝ දෙනෙක් චර්ම පිළිකාවන්ගෙන් ( Melanoma) පීඩා විඳිනවා. මෙම මිනිසුන් හිරු එළියට නිරන්තරව නිරාවරණය වන පිරිසක්. ඔවුන් නිරත රැකියාවන් නිසාම අනිවාර්යෙන්ම හිරු එළියෙන් මුවා වී ජීවත් වෙන්නත් බැහැ. ඇමරිකානු පිළිකා සංගමය සඳහන් කරන අන්දමට චර්ම පිළිකා රෝග තත්ත්වය ඉතා සුලබයි. ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට චර්ම පිළිකා රෝගීන් ලක්ෂයක් පමණ අලුතෙන් හඳුනා ගන්නා අතර රෝගී පුද්ගලයන් 8000 ක් පමණ මිය යනවා.

පිළිකා නිසා සිදුවන මරණ අතරින් 1% ක් පමණ සිදු වෙන්නේත් චර්ම පිළිකා තත්ත්වය නිසා බැව් වාර්තා වෙනවා. සුදු හමක් ඇති පුද්ගලයන්ට වඩා කළු සමක් ඇති පුද්ගලයන් Melanoma පිළිකාවට ගොදුරු වීමේ හැකියාව විසි ගුණයකින් ඉහල බැව් වාර්තා වෙනවා.මේ වෙන විට Frost Middle පාසලේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හේමන්ට මීට වසර ගණනාවකට පෙරාතුව හිතේ ඇති වුණ මේ අදහස ක්‍රියාත්මක කරන්න හොඳම අවස්ථාව බැව් තේරුම් ගියා. ඒ නිසා මෙම රෝගීන්ට සහනයක් ලෙසින් වූ සබන් කැටයක් නිෂ්පාදනය කිරීමට ඔහුට අදහසක් ඇති වුණා.

මෙම සබන් මගින් සමේ ඇති Dendritic පිළිකා සෛල විනාශ වෙනවා. ඒ නිසාම පිළිකා තත්ත්වයෙන් සුවය ලැබීමේ හැකියාව ලැබෙනවා.මෙම නිෂ්පාදනය ගැන අදහස් ඉදිරිපත් කරමින් හේමන් මෙසේ සඳහන් කරනවා. ‘මම පුංචි කාලයේ පටන්ම ජීව විද්‍යාවටයි. තාක්ෂණයටයි කැමැතියි’. විද්‍යාව කියන්නේ වචනයක් පමණක් නොවෙයි එය මිනිස් යහපත සඳහා ප්‍රායෝගිකව සම්බන්ධ කර ගැනීමේ තිබෙන විකල්ප මාර්ග හඳුනා ගැනීම බැව් සඳහන් කරනවා. මේ නිෂ්පාදනය වෙනුවෙන් හේමන්ට ඩොලර් 25,000 ක ත්‍යාගයක් ප්‍රදානය කර තිබෙනවා.

( mail online ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Dendritic, Melanoma, Young Scientists Challenge, පිළිකාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?