නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බෝයිෆ්‍රෙන්ඩ්,හස්බන්ඩ් වෙනස් කරන්න යන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බෝයිෆ්‍රෙන්ඩ්,හස්බන්ඩ් වෙනස් කරන්න යන්න එපා

Published February 19, 2024

කසාද බැන්දට පස්සේ හෝ ප්‍රේම සම්බන්ධය පටන් අරන් කාලයක් ගියාට පස්සේ තමන්ගෙ සහකරුව, සහකාරියව තමන්ට ඕන විදිහට හදාගන්න ඕනේ කියන මතය ගොඩක් අය ගාව තියෙනවා. ඒත් මේ ලෝකේ එහෙම තමන්ට ඕන විදිහට සහකරුව සහකාරියව වෙනස් කරපු අය ඉන්නවද? නෑ. තමන්ගෙ උවමනාවෙන් තමන්ව හදාගත්ත කෙනෙක් මිසක් කාටවත් ඕන විදිහට හැදුණ මිනිස්සු මේ ලෝකේ නෑ. ඒක තමයි තිත්ත ඇත්ත.

අපි කාටහරි ආදරේ කරන්නෙ එයා අඳින පළඳින විදිහට, කන බොන විදිහට, එයා හැසිරෙන විදිහට මේ හැමදේටම කැමැත්තෙන්නේ. නමුත් ඒ ආදරය ලබාගන්නකල් විතරයි. ආදරේ තමන්ගේ කරගත්තට පස්සේ පුද්ගලයවත් තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න ගොඩක් අය උත්සාහ කරනවා. සමහරු තමන්ගේ සහකරු සහකාරියගෙන් බලාපොරොත්තු වෙනවා එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවම තමන්ගේ හිතේ තියෙන උත්තරේම ඒ කෙනා දෙන්න ඕනේ කියලා.

හිතන් හිටියට වඩා වෙනස් උත්තරයක් දුන්නොත් හිතෙනවා එයාට තිබුණනේ මෙහෙම උත්තරයක් දෙන්න කියලා. නමුත් තමන්ගේ හිත නෙවෙයි අනිත් කෙනාටත් තියෙන්නේ කියන එක අවබෝධ කරගන්නම ඕනේ. ඔය අතරේ තවත් සමහරු කටට උත්තරේ දීලම කියනවා ඔයා මට මේ වගේ උත්තරයක් දෙන්න, එතකොට මගේ හිත රිදෙන්නේ නෑ කියලා. කටපාඩම් කරවලා උත්තර ලබාගන්න අය වගේම උත්තර කට පාඩම් කරගෙන ජීවත් වෙන අයත් අපි අතර ඕන තරම් ඉන්නවා.

අපේ ගොඩක් මිනිස්සුන්ට තමන්ව නැති වෙලා තියෙන්නේ. එක එක්කෙනාට උත්තර දෙන්න ජීවත් වෙනවා. අනිත් කෙනා බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. තමන්ට තමන්ව නැති වෙන තැන වෙන්නේ ලොකු අසාධාරණයක්. අකටයුත්තක්. දෙමව්පියෝ වගේවත් ළමයි හැදෙන්නෙ නැතිකොට විවිධ පවුල් පසුබිම්වලින්, විවිධ සමාජ පසුබිම්වලින් ආපු දෙන්නෙක් එක ගෙදරකට ආව කියල හෝ සබඳතාවයක් ඇතිවුණා කියලා එක වගේ හිතන්න, එක වගේ වැඩ කටයුතු කරන්න විදිහක් නෑ.

මේ ලෝකෙ ගැළපීම් වලට වඩා නොගැළපීම් තමයි දෙන්නෙක් අතරෙ වැඩිපුරම තියෙන්නේ. සමහර අයට විවාහ වුණාට පස්සේ පෞද්ගලික ජීවිතය තියා, රැකියාවේ තීරණ ගන්නත් බැරි වෙනවා. ඒ වගේම කාලයක් ළඟින් හිටපු යාළුවො ටිකෙන් ටික නැති වෙලා යනවා. මොකද මේ සියල්ලටම බිරිඳගේ හෝ සැමියගේ අවසරය කැමැත්ත ඕනේ වෙන නිසා. මේ නිසා ගොඩක් සහකරුවන්ට, සහකාරියන්ට සිද්ධ වෙන්නේ වරදක් නොකළත් වරදකාරී හැඟීමකින් ජීවත් වෙන්න. මේ එක පැත්තක්.

අනිත් පැත්ත තමයි දෙමව්පියෝ ගත්තම සමහරු කියනවා තමන්ගේ ළමයින්ට ‘ආපෝ… අපි නම් පොඩි කාලේ ඔහොම නෑ’ කියලා. නමුත් දෙමව්පියන්ගේ කාලේ එයාලා අවට තිබුණ සම්පත් අනුව තමයි එයාල ජීවත් වුණේ. බහුතරයක් දෙමව්පියන්ගේ හිතේ තියෙනවා තමන් කරපු දේම තමන්ගේ ළමයිනුත් කරන්න ඕන කියලා. ඊට පිටින් දෙයක් කළොත් ඒවා ළමයට සුදුසු නෑ කියලා හිතනවා. තමන්ගේ නෑදෑ පරපුරේ දරුවෙක් දොස්තර කෙනෙක්නම් තමන්ගෙ දරුවත් දොස්තර කෙනෙක් වෙන්න ඕන කියලා හිතනවා.

ඒ වගේම සමහර වෙලාවට තමන් ප්‍රපෝසල් එකකින් විවාහ වෙලා තමන්ගේ දරුවා ප්‍රේම සම්බන්ධයකින් විවාහ වුණොත් ඒකත් මහා ලොකු වැරැද්දක් විදිහට දකින දෙමව්පියො ඉන්නවා. තමන් මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරනවා නම් තමන්ගේ ළමයත් ඒ භාණ්ඩයම වාදනය කරන්න ඕන කියලා හිතනවා. තමන්ව තව කෙනෙක්ගෙන් නිර්මාණය කරගන්න බලාපොරොත්තු වෙනවා. හොඳට මතක තියාගන්න තමන්ව තමන් ආදරේ කරන පුද්ගලයන්ගෙන් ආරෝපණය කරගන්න ගියොත් තමන්ට තමන්වත් තමන් ආදරය කරන පුද්ගලයන්වත් අහිමි වෙනවා.

දෙගොල්ලන්ටම ජීවිතේ සතුටු වෙන්න තියෙන අවස්ථා නැති වෙනවා.අම්මලා තාත්තලා තමන්ව මොන පැත්තකට තල්ලු කරන්න හැදුවත් හිත ශක්තිමත් කරගෙන තමන් කැමති මාර්ගයක යන දරුවොත් නැතුවම නෙවෙයි. එහෙම ගිහින් ජීවිතේ ජය ගත් අයත් ඉන්නවා. නමුත් ළමයා තනි මතයට දෙයක් කරන්න ගියොත් දිනන්න තියෙන අවස්ථා වගේම වරදින්න තියෙන අවස්ථාත් ඕන තරම් තියෙනවා. එහෙම වරදින වෙලාවට දෙමව්පියො මොකද කියන්නේ? ‘ආ මං කිව්ව නේද ඔහොම වෙයි කියලා. මං කියපු දේ කළා නම් හරිනෙ. ඔය දැන් තනි මතේට වැඩ කරලා කරගත්තෙ’ කියලා.

නමුත් එතනදි ‘කමක් නෑ පුතේ මේක ඔයා ආස දේනේ. අපි අකමැත්තෙන් වුණත් ඔයා මේක කළේ ආසාවෙන්නේ. තව පාරක් කරමු’ කියලා දරුවට ශක්තියක් වෙන දෙමව්පියොත් ඉන්නවා. දරුවෝ කැමති නෑ දෙමාපියන්ගේ හිත් රිද්දන්න. ඒ නිසා අම්මා තාත්තා කියන දෙයක් අකමැත්තෙන් හරි එයාලා කරනවා.

මට පුංචි කාලෙ ඉඳන් යම්තාක් කතා කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. දහම් පාසලේ, තරුණ සමිතියේ, පාසලේ ඩිබෙට් ටීම් එකෙත් හිටියා. ඒ නිසා මගේ දෙමව්පියෝ මට කිව්වේ ඔයා නීතිඥවරියක් වෙන්න කියලා. ඉතින් මමත් ඉගෙනගත්තේ ඒකට අවශ්‍ය දේවල්. කොටින්ම ඒ විෂයන් ඉගෙනගන්න ඕන නිසාම මම ඉස්කෝලෙත් මාරු කළා. පොඩි කාලෙ මම සිග්මන් ෆ්‍රොයිඩ්ගේ පොත් කියවද්දි මට ඒකට ගෙදරින් ඉඩ ලැබුණේ නෑ.

මම දෙපාරක් ලෝ එන්ට්‍රන්ස් ගියා. නමුත් ඒ දෙපාරම මම ෆේල් වුණා. ඒ මොකද ඒක නෙවේ මගේ විෂය වුණේ. මට පුංචි කාලෙ ඉඳන් කතා කරන්න හැකියාව ලැබිල තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන්න මිසක් නීතිඥවරියක් වෙන්න නෙවෙයි.

තමන්ට සුදුසු නැති පාරක යමින් ඉඳලා මඟදි හරි නිවැරදි පාර හොයාගත්ත අයත් ඉන්නවා. තමන්ට පුළුවන් දේ කරගන්න බැරුව වෙනත් දෙයක් කරමින් පසුතැවිලි වෙන අයත් ඉන්නවා. ඒ නිසා තම තමන්ගේ වුවමනාවට තවත් කෙනෙක්ව වෙනස් කරන්න යන්න එපා. තමන්ව තව කෙනෙක්ගෙන් දකින්න උත්සාහ කරන්නත් එපා. ඒකෙන් වෙන්නේ තමන්ගේ වගේම අනිත් කෙනාගෙත් මානසික නිදහස සම්පූර්ණයෙන්ම නැතිවෙන එක.

මනෝ චිකිත්සක මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ


එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: marry, parents, බෝයිෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?