නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මාකට් එකට ආපු ඉෂා‍ර පුතාගේ කොහිල බිස්කට්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මාකට් එකට ආපු ඉෂා‍ර පුතාගේ කොහිල බිස්කට්

Published February 12, 2024

ලංකාව කියන්නෙ අලුත් අදහස් තියෙන පොඩ්ඩන්ගෙන් පිරුණ රටක්. එහෙම පොඩ්ඩන්ට කවදත් නිසි තැන ලබාදෙන නවලියට එවැනි පුංචි පොඩ්ඩෙක්ව හමුවුණේ රියැලටි තරගයකින්. කවුරුත්ම කලින් කරල නැති අපූරු නිෂ්පාදනයක් මේ පොඩ්ඩා හදලා තියෙන්නෙ. ඒ තමයි කොහිලවලින් බිස්කට් එකක්. ඉතින් මේ වගේ ලංකාවේ හැදෙන කොහිල වගේ දෙයකින් මෙවැනි අපූරු නිෂ්පාදනයක් කරපු පොඩ්ඩව අපි සම්බන්ධ කරගත්තා…

මල්ලි ගැන කියලම මේ කතාව පටන් ගමූ…

මගේ නම ඉෂාර දේවින්ද. මට අවුරුදු 14 යි. ඉගෙන ගන්නෙ රඳාවන මහගමසේකර මහා විද්‍යාලයෙ නවය වසරේ. මගේ පවුලෙ ඉන්නෙ මමයි අම්මයි තාත්තයි. අම්ම නම් මේ වෙනකොට පිටරට තමයි ඉන්නෙ.

රටම දැකපු ඉෂාරගේ අලුත් නිෂ්පාදනය ගැන කිව්වොත්…

මම හදපු අලුත් නිෂ්පාදනය තමයි කොහිලවලින් බිස්කට්. ඒ බිස්කට් එක මම වර්ග තුනක් යටතේ හැදුවා. ඒවා තමයි සීනි සහිත කොහිල බිස්කට්, සීනි රහිත කොහිල බිස්කට් සහ චොක්ලට් ක්‍රීම් බිස්කට්. මම වයස් කාණ්ඩ තුනකට ගැළපෙන විදිහට තමයි මේ නිෂ්පාදනය කළේ.

ඒ කියන්නේ සීනි සහිත කොහිල බිස්කට් සාමාන්‍ය වයස්වල අයටත් සීනි රහිත කොහිල බිස්කට් වයසක අයට සහ චොක්ලට් ක්‍රීම් බිස්කට් එක පොඩි ළමයින්ටත් ගැළපෙන විදිහට. මගේ මේ බිස්කට් නිෂ්පාදනවලට අමතරව මේ වෙනකොට කොහිල පානයක් මම හදලා තියෙනවා. ඒ වගේම මම කොහිල පිටිත් අලෙවි කරනවා.

ඔබේ නිෂ්පාදන සඳහා කොහිලම තෝරාගත්තේ ඇයි ?

යූ ටියුබ් එකේ මම දකිනවා මිනිස්සු අලුත් දේවල් හොයාගෙන අන්තර්ජාතික වෙළෙඳපොළට ගිහින් එයාලගේ ජීවිතය ජය ගත්ත විදිහ ගැන තියෙන වීඩියෝස්. ඒක වීඩියෝස් තමයි හේතුව වුණේ මෙහෙම නිෂ්පාදනකට යොමු වෙන්න. ඒ දේත් මට කරන්න ඕන වුණේ කලින් කවුරුත්ම කරපු නැති දෙයක් කරල. ඉතින් මම හොයල බැලුවා අපේ වටපිටාවේ තියෙන ගුණදායක කෑම හදන්න පුළුවන් අමුද්‍රව්‍ය මොනවද කියන එක.

එතකොට මට තොරතුරු හම්බවුණා කුරක්කන්, ඉරිඟු වගේ දේවල්වලින් පිටි හදලා ඒ පිටිවලින් බිස්කට් හදපුවා ගැන. මම ඒවා ලිස්ට් එකක් හදලා ඒ ගැන හොයල බැලුවම මට තොරතුරු ලැබුණා ඒ වෙනකොටත් ඒ පිටිවලින් බිස්කට් වර්ග හදලා වෙළඳපොලේ තිබෙන බව. ඉන්පස්සෙ මම හදපු ලිස්ට් එකේ අන්තිමට ඉතිරි වුණේ කොහිල කියන ගුණදායක එළවළුව. කොහිල පිටි වෙළෙඳපොළේ තිබුණත් එකෙන් බිස්කට් එක්ක ඒ වෙනකොට කවුරුත් හදල තිබුණේ නැහැ. ඉතින් මම බිස්කට් හදන්න කොහිල තෝරගත්තෙ එහෙමයි.

ඔබේ බිස්කට් එකේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන කිව්වොත්…

පළවෙනියටම මම කළේ කඩේ තියෙන කොහිල පිටිවලින් බිස්කට් හදල බලපු එක. ඒ වැඩේ සාර්ථක වුණාට පස්සෙ තමයි මමම කොහිල පිටි හදන්න පටන්ගත්තෙ. මම මුලින්ම කළේ ධාන්‍යවලින් හදලා තියෙන අනෙක් පිටි වර්ග හදලා තියෙන්නෙ කොහොමද කියන එක හොයල බලපු එක. ආච්චි අම්මාගෙනුත් මම ඒකට අවශ්‍ය කරන තොරතුරු ලබාගත්තා.

ඒ ධාන්‍ය වර්ග ඔක්කෝම වගේ පිටි කරන්නෙ හොඳට වේලලා අරගෙන.ඉතින් ඒ නිසාම මම කළේ කොහිල අලය ඩී හයිඩ්ඩ්‍රේඩ් මැෂින් එකකින් වේලලා ගෙදර තියෙන සාමාන්‍ය බ්ලෙන්ඩර් එකෙන් බ්ලෙන්ඩ් කරල කොහිල පිටි හැදුවා. ඊට පස්සේ ගෙදර තියෙන අවන් එකෙන් බිස්කට් ටික හැදුවා.

මේ නිෂ්පාදන කරන්න අවශ්‍ය දැනුම කොහොමද හොයාගත්තෙ ?

ඒකට නම් මට උදව් කළේ මගේ පාසලේ ප්‍රින්සිපල්. සර් මේ ගැන දැනුම තියෙන මාමලව මට කන්ටැක්ට් කරලා දුන්නා. එයාලගෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙනගත්තෙ.ඒවගේම යූටියුබ් සහ අන්තර්ජාලයෙනුත් මට අවශ්‍ය කරන දැනුම මම ලබා ගත්තා.

මේ වැඩේ කරගෙන යන අතරතුරේ මොනවගේ අභියෝගවලටද මුහුණ දුන්නෙ?

මම මුලින්ම මුහුණ දුන්න අභියෝගය තමයි බිස්කට් රෙසපි එක හරියටම හදාගන්න බැරි වුණ එක. මොකද කොහිල පිටි කියන්නෙ අනෙක් පිටි වර්ගවලට වඩා වෙනස් පිටි වර්ගයක්. එක තනිකරම ඩස්ට් එකක් වගේ. හරිම අපහසු වුණා ඒවාවලින් බිස්කට් ඩෝ එක හදන එක.දෙවැනි අභියෝගය තමයි හදපු කොහිල බිස්කට් එක සීයට සීයක්ම කොහිල පිටිවලින් හදපු බිස්කට් එකක් නිසා ටිකක් හයිය වුණ එක.

මේ අභියෝගය ඔබ ජයගත්තෙ කොහොමද ?

බිස්කට් හයිය වුණ එකට මම කළේ මෙලෙක් වෙන්න සහල් පිටි පොඩි ප්‍රමාණයක් එකතු කරපු එක. නමුත් ගොඩක් අය කරන්නෙ මේ වගේ නිෂ්පාදන කරනකොට පාන් පිටි එකතුකරන එක. නමුත් ඒවාවල පෝෂණ ගුණය අඩුයි. ඒ නිසයි මම මෙලෙක් වෙන්නත් පෝෂණ ගුණය අඩු නොවෙන්නත් හිතල සහල් පිටි පොඩි ප්‍රමාණයක් එකතු කළේ.

ඒ තිබෙන සහල් පිටි ප්‍රමාණය ගැන දැන ගන්න හෙඩොනික් කියන ටෙස්ට් එකත් මම කරල තියෙන්නෙ. ඒ ටෙස්ට් එකෙන් පස්සෙ 80% ක් සහල් පිටි සහ 20% කොහිල පිටි දාලා හදපු බිස්කට් එක තමයි නිර්දේශ වුණේ. ඊටපස්සෙ ඒ රෙසපි එකම තමයි මම දිගටම හදාගෙන ගියෙ.

ඒ වගේම මගේ නිෂ්පාදනවලට නියුට්‍රිෂන් රිපෝට් එකත් මම මේ වෙනකොට අරගෙන තියෙන්නේ. වෙළෙඳපොළේ තිබෙන සාමාන්‍ය බිස්කට්වලට වඩා මගේ බිස්කට් එකේ තන්තුමය ගුණය වැඩියි කියල ඒ රිපෝට් එකෙන් තහවුරු වුණා.

මේ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගන්නෙ කොහොමද …

කොහිල අපේ ගෙවල් ළඟ තියෙන කොහිල වළකින් දැනට මම සපයා ගන්නවා. ඒ ටික මගේ දැන් කරන නිෂ්පාදනවලට හොඳටම ප්‍රමාණවත්.

කොහිල පානය ගැන කිව්වොත්…

එකෙත් ක්‍රියාවලිය වෙන්නෙ කොහිල ඩී හයිඩ්‍රේට් කරල කොත්තමල්ලි වගේ වියළි තත්ත්වයකට මම හදාගන්න එක. ඊටපස්සෙ ඒක තම්බලා බොන්න පුළුවන්. මේ පානයෙන් කිසිම රසයක් අපට දැනෙන්නෙ නැහැ. නමුත් මේ පානය පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළයි.

නිෂ්පාදනවලට අවශ්‍ය කරන සහතික අරගෙනද තියෙන්නෙ…

ඔව්. නියුට්‍රිෂන් රිපෝට් එක දැනට මම අරගෙන තියෙන්නෙ. BR එක තවම මට ගන්න බැහැ අවුරුදු 18 ක් සම්පූර්ණ නැති නිසා. වයස සම්පූර්ණ වුණාම ඒකත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට අවශ්‍ය කරන අනෙක් තත්ත්ව සහතික ගන්න මම බලාගෙන ඉන්නේ.

ලැබුණ උදව් ගැන සඳහන් කළොත්…

මුලින්ම මතක් කරන්න ඕනෙ මගේ අම්ම ගැන. මට මේ අදහස ආපු දවසේ ඉඳන් මේ වැඩවලට අවශ්‍ය කරන මුදල් ඔක්කෝම දුන්නෙ මගේ අම්මා. තාත්තත් මට ගොඩක් උදව් කළා. ඒ දෙන්න නැත්නම් මට මෙච්චර දුරක් මේ වැඩේ කරගෙන එන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙලාවෙ දිනේෂ් නුවන් මාමවත් මතක් කරන්න ඕනෙ. ඒ මාමත් මට ගොඩක් උදව් කළා මේ නිෂ්පාදනය වැඩිදියුණු කරගන්න.

වෙළෙඳපොළෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

දැනට මම ගෙවල් ළඟ තියෙන කඩවලට තමයි මගේ නිෂ්පාදන දාන්නෙ. ඒවාවලින් ඉතාම ඉහළ ප්‍රතිචාර තමයි මගේ නිෂ්පාදනවලට ලැබෙන්නෙ. හැමෝම කියනවා කොහිලවලින් හදලා තියෙන්නේ කියල හිතන්න බැහැ කියල. ඒවගේම පාරිභෝගිකයන්ට ගන්න පුළුවන් සහනදායි මිල ගණන් යටතෙ තමයි මගේ නිෂ්පාදන වෙළෙඳපොළේ තියෙන්නෙ. ඒ නිසා ඕනෑම කෙනෙකුට මිලදී ගන්නත් පුළුවන්.දැන් සමහරු මට කතා කරල මගේ නිෂ්පාදන ඉල්ලනවා. නමුත් ඒ අය ඉල්ලන ප්‍රමාණවලින් දැනට මට දෙන්න බැහැ. ඒකට හේතුව ඉස්කෝලේ වැඩ කරන ගමන් මේ වැඩේ කරන නිසා සහ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මදිකම.

සහභාගී වුණ තරගය ගැන කිව්වොත්…

Elephant House Super Heroes තරගය ඇත්තටම හොඳ තරගයක්. මම තරගයේ සහභාගි වුණේ Innovation අංශයෙන්. තරගයේ අවසන් 12 දෙනා අතරට වෙනකල් එන්න මට පුළුවන් වුණා. තරගයෙ ඉන්න මෙන්ටස්ලත් මට ගොඩක් උදව් කළා. එයල මට මගේ අඩුපාඩු පෙන්නලා හදාගන්න ඕන තැන් කියල දුන්නා.

තරගයෙන් පස්සෙ ලැබුණ ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ. ගොඩක් අය මට කෝල් කරලා සුභ පැතුවා. මගේ නිෂ්පාදන මුළු ලංකාව දැනගත්තා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්…

වෙළෙඳපොළේ තියෙන තරගකාරිත්වය නිසා අලුත් දෙයක් කරල බිස්කට් එක සමාජගත කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මේ ක්‍රියාවලිය කරගෙන යන්න ඕන කරන උපකරණත් ඉදිරියේදී මමම හදන්න බලාපොරොත්තු වෙනවා. මේ නිෂ්පාදනය තව ඉදිරියට කරගෙන යනකොට අවශ්‍ය කරන කොහිල හොයාගන්නත් මම ක්‍රමයක් තීරණය කරල තියෙන්නේ.

ඒක තමයි කඩවල කොහිල විකුණන අයගෙන ඩිරෙක්ට් කොහිල අරගෙන එයාලට ඒකට සරිලන මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එයාලට ඒක ස්ථිර රැකියාවක් විදිහට දිගටම කරගෙන යන්නත් පුළුවන්නේ. ඒ වගේම අපේ රටේ මිනිස්සු වෙනුවෙන් රැකියා අවස්ථා බිහි කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මගේ පාසලේ ඉන්න ළමයින්වත් මේකට එකතුකරගෙන එයාලවත් ව්‍යවසායක මට්ටමට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: lashia, ඉෂාර දේවින්ද, කොහිල බිස්කට්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?