නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදර හදන්න කලින්ම Interior එක ගැන හිතන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදර හදන්න කලින්ම Interior එක ගැන හිතන්න

Published February 12, 2024

ඉදිකිරීමට බලාපොරොත්තුව සිහින නිවසක් යනු අපි සියලු දෙනාගේම හිතේ තම තමන්ටම ආවේණික අයුරින් ඇඳි සිතුවමක් වැනිය. අප ලද අත්දැකීම්, අප දුටු සොඳුරු දසුන්, අපගේ රුචි අරුචිකම් සහ අප ජීවත්වන රටාවට සුව පහසු වන අයුරින් කෙනෙකුගෙන් කෙනෙකුට තමන් සිහින මවන නිවසේ ස්වරූපයේ වෙනස් වනු ඇත. අප නිවසක් නිර්මාණය කිරීමේදී ඉඩම හා නිවසේ සැලසුමේ ආකෘතිය ගැන සැලකිලිමත් වන නමුත් අප අතින් ගිලිහී යන වඩාත් වැදගත් කාරණයක් වේ. එනම් ගෘහ අභ්‍යන්තර අලංකරණය.නිවස හෝ වෙනත් ගොඩනැගිල්ලක සැලසුම නිර්මාණය කිරීමේදී ගෘහ අභ්‍යන්තර අලංකරණය එම සැලසුම සඳහා මොනතරම් බලපෑමක් ඇති කරනවාද එනම් සරලවම Interior Design  ගැන අදහසක් හා සංකල්පයක් ඇතිව Architecture Design එක කිරීමේ වැදගත්කම අපි මේ ලිපිය තුළ සාකච්ඡාව කරන්නෙමු…

සමාජය තුළ පොදුවේ පවතින අදහස අනුව නිවසක ආකෘතිය නිර්මාණය කිරීමෙන් පසුව ඉදිකරන ලද අවකාශය අනුව ගෘහ අභ්‍යන්තර අලංකරණය කිරීම සාමාන්‍යයෙන් සිදුවන ආකාරය වුවත් එවැනි අවස්ථාවලදී ගොඩනැගිලි ආකෘතියෙ තිබෙන බාධා නිසා ගෘහ අභ්‍යන්තර අලංකරණයෙන් ලබාගත හැකි නිර්මාණ උපරිම තලයට ගෙනයාමට නොහැකි වේ. ඔබ නිවසක් සෑදීමට බලාපොරොත්තු වන්නෙ නම් නිවසේ ආකෘතිය නිර්මාණය කිරීමට පෙර ගෘහ අභ්‍යන්තර අලංකරණය ගැන අවධානය යොමු කළ යුතු වේ.

ගෘහ අභ්‍යන්තර අලංකාරණය යනු

අවකාශයක ගුණාත්මක බව වැඩි කිරීමයි මෙහි මුලික අදහස. මෙහිදී අවකාශය ලෙස සලකන්නේ කාමරයෙහි බිත්ති හතරට සීමා වන හා සිවිලිම, පොළොව යන කොටස් හයටම වටා වන සම්පූර්ණ ප්‍රමාණය වේ. ඔබ යොදාගන්න ගෘහභාණ්ඩ පමණක් නොවන පොළව සඳහා යොදාගන්නා සිමෙන්ති, ටයිල්, ටයිටේනියම්, ලී සහ බුමතුරුණු වගේම සිවිලිමේ නිමාවන්, විදුලි බුබුළු, විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර, බිත්ති වර්ණ හා නිමාවන් මේ සඳහා ඇතුළත් වේ.

එමෙන්ම දොර ජනෙල්, තිර රෙදි, බිත්ති සැරසිලි වැනි අංගද ගෘහ අභ්‍යන්තර අලංකාරණයට අයත් වේ. මේ සියල්ල එකින් එකට සම්බන්ධ වන වඩාත් ගැළපෙන ලෙස සහ භාවිත කිරීමට පහසු ආකාරයට පිළිවෙලට අලංකාරව නිර්මාණය කිරීම මඟින් එහි ගුණාත්මක බව වැඩි සජීවි අවකාශයක් බවට පත්කිරීම සරලව ගෘහ අභ්‍යන්තර අලංකරණය ලෙස දැක්විය හැක.

ගෘහ අභ්‍යන්තර අලංකරණය ගැන අවබෝධයකින් තොරව නිවස සැලසුම් කිරීමේදී ඇතිවන බලපෑම

සමාජයේ අපට බහුලව දකින්නට ලැබෙන පොදු කරුණු කිහිපයක් තුළින් ඔබට ඒ බලපෑම කොතරම්ද වටහා ගමු…

උදාහරණයක් ලෙස අප ප්‍රධාන නිදන කාමරය සැලසුම් කිරීමේදී ඒ සඳහා ඔබ බලාපොරොත්තුවන වන ඇඳෙහි ප්‍රමාණය සහ ඔබ ඒ කාමරය තුළ තැබීමට බලාපොරොත්තු වන අනෙකුත් ගෘහභාණ්ඩ මොනවාද එහි ප්‍රමාණ ගැන දළ අදහසක් තිබිය යුතුම වෙනවා. මන්ද තම තමාගේ අවශ්‍යතා, ජීවන රටාව හා රුචි අරුචිකම් මත මෙම සියලු සාධක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වේ.

එමෙන්ම ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන දිශාව විදුලි පංකා හා AC මෙන්ම විදුලි බුබුළු ස්ථානගත කිරීම ද ඒ අනුව වෙනස් වනු ඇත. එම සියලු කරුණු ඔබගේ අවශ්‍යතාවය සපුරන පරිදි ඉඩකඩ ඇතිව කාමරයේ දිග පළල තීරණය කිරීම ඉතා වැදගත්. ඒ සඳහා ගෘහ අභ්‍යන්තර අලංකරණය ගැන අවධානය යොමු කර සැලසුම නිර්මාණය කිරීම ඉතාම වැදගත්. ගෘහ භාණ්ඩ පිරවූ පසු නිදන කාමරයේ ගමන් කිරීමටද අපහසු අවස්ථාවලට මුහුණ දීමට සිදුවනුයේ එවැනි නොසැලකිලීමත්කම් නිසාය.

නාන කාමරයක් තුළට අපි යොදන්න උපාංග හා උපකරණ ගැන දළ අදහසක් තිබීම වැදගත්. ඔබ Bath Tub එකක් භාවිතයට බලාපොරොත්තු වන්නෙ නම් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ සහිතව සැලසුම නිර්මාණය කර ගත යුතුවේ. ඒ වගේම රෙදි සෝදන යන්ත්‍රය ඔබේ එහි තැබීමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා සුදුසු ස්ථානයක්, විදුලි සැපයීම හා ඉවතලන ජලය නිසි පරිදි බැහැර කිරීමට සැලසුම නිර්මාණයට පෙර අවබෝධයක් තිබිය යුතුය.

තවත් බහුල ගැටලුවක් ලෙස වාතය සහ ආලෝකය ගැනීමේ අදහසින් බිත්තිවල බහුලව දොර ජනෙල් පිහිටීම. ගෘහ භාණ්ඩවල පිහිටීම ගැන අදහසක් නොමැතිව මෙවැනි දේ සිදුකිරීමේදී අවකාශය තුළ ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමට අපහසුවක් ඇතිවේ.

එමෙන්ම අවකාශය හරහා ගමන් කිරීමේදී විධිමත් ක්‍රමයට නිර්මාණය නොවීම නිසා ගෘහ භාණ්ඩ අතරින් ගමන් කිරීමද, රූපවාහිනී නරඹන අවස්ථාවේ තිරය හරහා නිවැසියන් ගමන් කිරීම සිදුවන ආකාරයේ නිර්මාණ ඕනෑ තරම් එදිනෙදා අපට හඳුනාගත හැකිව ඇත.

සරල උදාහරණ කිහිපයක් තුළින් ඔබට ගෘහ අභ්‍යන්තර අලංකරණය ගැන ඔබ මුල් සැලසුමේ සිටම අවධානය යොමු කළ යුත්තේ කුමක් නිසාද යන්න වටහාගන්න ඇත. ඒ සරල උදාහරණ කිහිපයක් පමණයි. ගෘහ භාණ්ඩ සැලසුම ටයිල් ගේ පොළොව නිමාවන්න සැලසුම විදුලි ආලෝකය හා විදුලි පෙනු යන අවස්ථා තුනම ඉතා තදින් බැඳී පවතින කොටස් කිහිපයකි.

ගෘහ අභ්‍යන්තර අලංකරණයේදී මෙන්ම භාණ්ඩ හා උපකරණ සඳහා මිනිසාගේ ක්‍රියාකාරම්වලට අනුව පැවතිය යුතු සමාන දුරවල් ප්‍රමාණ ඔබගේ අවසාන මේ සියල්ල පිළිබඳව හොඳ අවධානයක් සහිත ගෘහ අභ්‍යන්තර අලංකරණ සැලසුමක් සහිතව නිර්මාණය වන ගොඩනැගිලි සැලසුමක් ඔබේ සිහිය නිවස සඳහා ඔබව ගෙනයනු ලබයි.

ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign

අර්චිත ඉඳුවර ✍️

TAGGED: Architecture Design, Home interior decoration, Interior, ගෘහ අභ්‍යන්තර අලංකාරණය, ගෙදර හදන්න
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?