නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ෂාරුක්ගේ පූජා GIRL
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ෂාරුක්ගේ පූජා GIRL

Published February 5, 2024

මාසික ආදායම ඉන්දියානු රුපියල් කෝටි 9ක්

මේ මුළු ලෝකෙටම ඉන්නෙ එකම එක කිං කාන් කෙනෙයි. ඒ කවුද කියලා ඔයාලා හැමෝම දන්නවා. ඒත් අද මේ කතාව කිං කාන් ගැනනම් නෙවේ. දශකයක් පුරාවට ඔහුගේ අතිශය සාර්ථකත්වයට මහා රුකුලක් වෙමින් ඉන්න කිං කාන්ගේ කළමනාකාරවරිය ගැන. ඇය නමින් පූජා දද්ලානි. 40 හැවිරිදි පූජා ෂාරුක් කාන්ගේ මැනේජර් වෙන්නෙ 2012 අවුරුද්දේ. මුම්බායිහි උපන් ඇය එදා පටන් අද වෙනකල්ම ඔහු යන යන තැන පස්සෙම වැටිලා ඉන්නෙ යෝධ හෙවණැල්ලක් වගේ…

ඇයගේ රාජකාරිය ෂාරුක් කාන්ගේ අතිශය කාර්යබහුල කාලසටහන කළමනාකරණය කරන එක විතරක්ම නෙවෙයි. පූජා ඔහුගේ කළමනාකාරිය වූ දා ඉඳන් ෂාරුක් ඛාන්ගේ වැඩකටයුතු වගේම ඔහුගේ සන්නාම අනුමත කිරීම්, රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්හි වැඩකටයුතු සහ ෂාරුක් ඛාන්ගේ IPL ක්‍රිකට් කණ්ඩායම වෙන කොල්කටා නයිට් රයිඩර්ස් ඇතුළු ඔහුගේ ව්‍යාපාරික කටයුතුත් කළමනාකරණය කරනවා. ඒ වගේම ෂාරුක් ඛාන්ගේ පැමිණෙන්නට නියමිත හැම චිත්‍රපටියක් වෙනුවෙන්ම තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පුළුවන් හැම ප්‍රචාරයක්ම ඇය ලබාදෙනවා.

මෑතකදී පූජා දද්ලානි මුම්බායිහි ඇගේ ප්‍රතිසංස්කරණය කරන ලද නව නිවසේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත්තා. ඇගේ ඒ සුඛෝපභෝගී නිවස නිර්මාණය කරලා තියෙන්නෙත් ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන් විසිනුයි.

ලංකාවෙ කවුරුත් වැඩිය නොදන්නවා වුණාට ගෞරි ඛාන් කියන්නෙ ඉන්දියාවෙ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පිණියක්. ෂාරුක් සහ ගෞරිගේ මන්දිරය වෙන ‘මන්නත්’ හි නව ගෘහ නිර්මාණ ශිල්පිණිය වෙන්නෙත් ඇය. පූජාගේ මාසික ආදායම ඉන්දියානු රුපියල් කෝටි 9ක් පමණ වෙනවා. ඒත් බොලිවුඩයේ කිං කාන්ගෙ කළමනාකාරවරිය වුණත් පූජා දද්ලානි ඉන්නෙ වැඩිම ආදායමක් ලබන බොලිවුඩයේ කළමනාකාරවරුන්ගේ ලැයිස්තුවේ දෙවෙනි තැන.

වැඩිම ආදායමක් ලබන කළමනාකාරවරිය වෙන සුසෑන් රොද්‍රිගස් ඉන්නෙ රන්වීර් සිංට. හැබැයි ඉතින් ටොප් සෙලිබ්‍රිටි මැනේජර්ස්ලගෙන් හැමදාම උඩින්ම වැජඹෙන්නෙ පූජා දද්ලානි.ෂාරුක් ඛාන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහුගේ කළමණාකාරවරිය වෙන පූජා දද්ලානිට විශාල කාර්යභාරයක් ඇති බවට සැකයක් නෑ. කොටින්ම පූජා, කාන් පවුලේම සාමාජිකාවක් වගේ. ඒ සමීපතාවය කොච්චරක්ද කියනවනම් අවුරුදු දෙකකට කලින් ප්‍රසිද්ධියට පත්වුණ ආර්යන් කාන්ගේ මත්ද්‍රව්‍ය නඩුවෙදිත් පවුලේ සාමාජිකයෙක් වගේ ආර්යන් වෙනුවෙන් නඩු කටයුතු සඳඟා පෙනී හිටියේ පූජා.

ඒ වගේම ඇය ෂාරුක්ගේ දියණිය වන සුහානා කාන්ගෙ කළමනාකාරවරිය ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම විවිධ ඉසව්වලදී ඛාන් පවුලේ අය සමඟ ඇය නිතරම දක්නට ලැබෙනවා.බොලිවුඩයේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන කළමනාකාරවරිය වගේම බොලිවුඩයේ වැඩිම වැටුප් ලබන ආරක්ෂකයා ඉන්නෙත් කිං කාන්ටම තමයි. ඔහු නමින් රවි සිං. තමන්ගේ ආරක්ෂකයා වෙනුවෙන් ෂාරුක් මසකට ලක්ෂ 17 ක් ගෙවනවා.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: GIRL, IPL, King Khan, ෂාරුක් ඛාන්ගේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?