නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පර්චස් හත අටක පුංචි ගෙවත්ත හරියට සැලසුම් කළොත් නිවසට සිරියාවයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පර්චස් හත අටක පුංචි ගෙවත්ත හරියට සැලසුම් කළොත් නිවසට සිරියාවයි

Published January 29, 2024

ගමක ජීවත්වන පුද්ගලයකුට තම නිවෙස වටා විශාල ගෙවත්තක් පිහිටා තිබුණද නගරාසන්න නිවාස බොහොමයකට ඇත්තේ කුඩා ඉඩකඩකි. තව තවත් නගරය තුළට වන්නට තට්ටු නිවාස, නිවාස සංකීර්ණ ආදියේ ජීවත්වන්නවුන් හට ගෙමිදුලක් දක්නට නොලැබෙන අතර ඔවුන්ගේ ගෙමිදුල බවට පත් වන්නෙ කුඩා සඳැල්ලක් එහෙමත් නැතිනම් පටු කොරිඩෝ තීරුය. කුඩා ගෙවත්තක් ආරම්භ කිරීමට පෙර පිළිපැදිය යුතු උපදෙස් කිහිපයක් තිබෙනවා.

මුලින්ම සැලැස්මක් සකස් කර ගනිමු…

කරන කියන සෑම දේකටම සැලැස්මක් තිබිය යුතු වන අතර ගෙවත්තක් සඳහා ද මනා සැලැස්මක් තිබීම අත්‍යවශ්‍යයි. සැලැස්මක මූලික අභිප්‍රාය වන්නේ එක්තරා ඉලක්කයක් හඳුනාගෙන එම ඉලක්කය කරා ගමන් කිරීමට අවශ්‍ය වන ක්‍රියාපිළිවෙළ නිවැරදිව තෝරාගෙන ක්‍රියාත්මක වීමය.ඔබ ගෙවත්තෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳ නියමාකාර අවබෝධයක් තිබීම මුලින්ම අවශ්‍යයි. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔබට අවශ්‍ය සම්පත් තක්සේරුවක් කර ගැනීම ඊළඟට කරගත යුතු කාර්යයයි.

වගාබිමෙහි පස, ජලය, සෙවණ සහ හිරු එළිය සහ සුළං හමන දිශාව ගැන සාමාන්‍ය අදහසක් තිබීම සැලසුමක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය මුලික කරුණුය. එමෙන්ම එය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් මානව සම්පත් ගැන ද සිතා බැලිය යුතුය. බාහිර ශ්‍රමය ලබා ගැනීමට බලාපොරොත්තුවක් නැත්නම් ඒ සඳහා ඔබට කැප කළ හැකි කාලය ගැනද තක්සේරුවක් කරගත යුතුය.

සම්පත් තක්සේරුවක් කර ගනිමු…

මෙය ඔබේ සැලැස්මේ පළමු පියවරයි. තමා ළඟ දැනටමත් ඇති සම්පත් ගැන ඔබට යම් අදහසක් තිබෙනවා වෙන්නට පුළුවන්. ඒත් ඒවා මොනවාද යන්න ලේඛනගත කරගැනීමක් සිදු කළහොත් එය ඔබගේ ඉදිරි සැලසුම්වලට ප්‍රයෝජනවත් විය හැකිය. මෙම ලේඛනගත කර ගැනීම සඳහා පහත සඳහන් කරුණුවලට අවධානය යොමු කරන්න.

ඉඩම

ඉඩමේ ප්‍රමාණය ඔබ දනී. එහෙත් නිවසේ සහ අනෙකුත් අවශ්‍යතා ගැන සලකා බලා ගෙවත්තක් සඳහා කෙතරම් ඉඩ ප්‍රමාණයක් ඔබට වෙන් කර ගත හැකි ද ? අවට ඇති අනෙකුත් ඉඩම්, භෞතික කරුණු, සෞන්දර්යාත්මක කරුණු වැනි දෑ සලකා බලා කොපමණ ඉඩක් උද්‍යානය සඳහා වෙන් කරගත හැකිද යන්න සලකා බැලිය යුතුය.

ඉඩමේ ස්වභාවය තේරුම් ගැනීම

වැදගත්ය. එය තැනිතලාද බෑවුම් සහිතද අගල් සහිත කොටස් තිබේද ගල් බොරලු සහිතද ජලය බැස යාම සම්බන්ධ ගැටලු තිබේද හිරු එළිය පතිත වන අන්දම වැනි කරුණු ඔබගේ සටහන්වලට ඇතුළත් කළ යුතුය. ඉඩමේ සංරක්ෂණය කළ යුතු ප්‍රදේශය, පසෙහි දියුණු කිරීම් අවශ්‍ය ප්‍රදේශ, පස සෝදා යාම වළක්වා ගැනීමට ප්‍රතිකර්ම, ජලය බැස යාම සඳහා කළ යුතු ක්‍රියාමාර්ග, ගැළපෙන බෝග තෝරා ගැනීම වැනි ක්‍රියාමාර්ග ගැනීම සඳහා හැකිතාක් තොරතුරු එක්රැස් කර ගැනීම ඔබට පහසුවක් ඇති කරනු ඇත.

බාහිර පරිසරය

බාහිර පරිසරය යනුවෙන් අදහස් කරන්නේ ඔබ විසින් කරන්නට සැලසුම් කරන වගා කටයුතුවලට යම්කිසි සුබවාදී හෝ අසුබවාදී බලපෑමක් කිරීමට ඉඩ ඇති කරුණුය. විශේෂයෙන් අල්ලපු ඉඩම, ජල මාර්ග, මාර්ග පද්ධතිය, අයාලේ යන සතුන්, වන ජීවීන් හෝ කෘමි හානි, අවට ඉඩම්වල වගා රටාව වැනි කරුණු ගැන මනා අවබෝධයක් ලබා ගැනීම ඔබගේ සැලසුම් සකස් කිරීමේදී පහසුවක් වන්නට පුළුවන්.

වෙනත් අත්‍යවශ්‍ය සම්පත්

වගාවක් ස්ථාපනය කර සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් ගැනද තක්සේරුවක් කරගත යුතුය. ගෙවත්ත සකස් කර ගැනීමට වුවමනා ගොවි උපකරණ මූලිකය. ජලය යෙදීම සඳහා අවශ්‍ය භාජන හෝ ජල නල, පොහොර සකස් කර ගැනීම සඳහා අවශ්‍ය භාජන සහ උපකරණ ගැනද අවබෝධයක් ලබාගන්න. ඔබේ පාලනය යටතේ පවතින මානව සම්පත් ගැනද හොඳ තක්සේරුවක් තිබිය යුතු වේ. වගාවක සාර්ථක අසාර්ථක බව රඳා පවතින්නේ ඒ කෙරෙහි දක්වන උනන්දුව සහ අවශ්‍ය අවස්ථාවන්හි දී ප්‍රතිකර්ම යෙදීම මතය. ජලය සහ පොහොර යෙදීම නියමිත වෙලාවට කළ යුතුය. කෘමි හානි, වෙනත් රෝග ආරම්භක අවස්ථාවලදීම හඳුනාගෙන ප්‍රතිකර්ම යෙදිය යුතුය. ඉහත කාර්යයන් සඳහා ඔබට සහ පවුලේ අයට ඇති කාල අවකාශය සම්බන්ධ තක්සේරුවක් තිබීම ඉතා වැදගත්ය.

සිතියමක් සැකසීම

ඉඩමේ ස්වභාවය දළ සිතියමකට නගාගන්නෙ නම් වඩාත් පහසු ලෙස සැලසුම ක්‍රියාත්මක කිරීමට එය පිටුවහලක් වනු ඇත. අපට මුලින්ම දැනට පවතින තත්ත්වය සටහන් කරගත හැකිය. නිවසේ සහ වෙනත් ගොඩනැගිලි ඇත්නම් ඒවායේ පිහිටීම, මාර්ග, පඩිපේළි සහ භූමියේ ඇති භෞතික ලක්ෂණ එනම් ජල සැපයුම, බෑවුම්, අගල්, ගල් බොරලු සහිත කොටස්, දැනටමත් ඇති වෘක්ෂලතා වැනි කරුණු එහි සටහන් කරගත හැක.

ඉඩමේ දිශානතිය

එමෙන්ම සුළං හමන දිශාවද සිතියමකට අවශ්‍ය වැදගත් කරුණුය. පළමු දේ එක් බැල්මකින් ඔබට මෙන්ම වෙනත් අයකුට වුවද ඉඩමේ වත්මන් ස්වභාවය ගැන දළ අදහසක් ඇති කරගත හැකිය. දෙවැන්න නම් ඔබේ අනාගත දළ සැලැස්ම බවට පරිවර්තනය කර ගැනීමට පුළුවන්. ඉඩමේ ස්වභාවය සහ ප්‍රමාණය අනුව ඒ ඒ තැන්වල ඔබ වගා කිරීමට සැලසුම් කරන බෝග සටහන් කරගත හැක.

ප්‍රවීණ කෘෂි උපදේශක,
ප්‍රායෝගික ගොවි
නිහාල් රණසිංහ

අර්චිත ඉඳුවර ✍️

TAGGED: land, Orientation of land, ගෙමිදුල, ගෙවත්ත, සැලැස්මක්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?