නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නොකිව්වට හැමෝටම තියෙන මානසික රෝග
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නොකිව්වට හැමෝටම තියෙන මානසික රෝග

Published January 22, 2024

අද ලෝකයේ පුද්ගලයින් අට දෙනෙකුගෙන් එක් අයකු මානසික ආබාධ ඇතිව ජීවත් වේ. මේ නිසා සිතීමේ, හැඟීම් පාලනයේ සහ හැසිරීමේ සැළකිය යුතු ගැටලු පැනනගී. මේ රෝග විවිධාකාරය. ඵලදායී රෝග වැළැක්වීමේ සහ ප්‍රතිකාර කිරීමේ විකල්ප ක්‍රම විවෘතව ඇත. එහෙත් බොහෝ දෙනාට මේවාට ප්‍රවේශ වීමේ අවස්ථා අහිමිය…

කාංසා අක්‍රමිතාව (Anxiety Disorders)

මෙහිදී කාංසාව, අධික බිය, කනස්සල්ල හා ඒ ආශ්‍රිත ආබාධ ඇතිවේ. රෝග ලක්ෂණ පීඩාකාරී තත්ත්වයක් තරම් දරුණු විය හැකිය. මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර මෙන්ම රෝගයේ තත්ත්වය අනුව ඖෂධීය ප්‍රතිකාරද ඇත.

මානසික අවපාතය (Depression)

එදිනෙදා ජීවිතයේ අභියෝගවලට කෙටිකාලීන චිත්තවේගීය ප්‍රතිචාර දැක්වීමේ සාමාන්‍ය මානසික උච්චාවචනයන්ට වඩා මානසික අවපාතය වෙනස්ය. මෙහිදී දුක, කෝපය, හිස්බව දැනීම, විනෝදය හෝ වැඩකටයුතු කෙරෙහි උනන්දුව නැතිවීම වැනි මානසික තත්ත්වවලට දවසේ වැඩි කාලයක් තුළ ගොදුරු වෙයි. අධික වරදකාරී හැඟීම, අනාගත බලාපොරොත්තු සුන්වීම, අවධානය යොමුකිරීමේ ශක්තිය ගිලිහී යාම, සියදිවි හානිකරගැනීම වැනි සිතිවිලි ඇතිවීම, අක්‍රමවත් නින්ද, ආහාර රුචිය හා බරෙහි වෙනස්කම් ආදිය ඇති වේ. මේ සඳහා ඵලදායී මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ඇති අතර අවශ්‍ය අය ඖෂධ ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය.

උන්මාද විෂාදය (Bipolar Disorder)

මෙම රෝගයේදී සාමාන්‍ය ජීවිතයේදී මෙන් කෙටිකාලීන මානසික උච්චාවචනයන් ඇතිවීම වෙනුවට දිගුකාලීන මානසික වෙනස්වීම් ඇතිවේ. වරින්වර ඔවුහු සාමාන්‍ය තත්ත්වයටද පත්වෙති. දවසේ වැඩි කාලයක් තුළ අත්විඳින රෝග තත්ත්වයේදී ප්‍රීති ඝෝෂාව, කෝපය, ක්‍රියාකාරකම් හෝ ශක්තිය වැඩිවීම, වැඩි කතාබහ, ආත්මාභිමානය වැඩිවීම, නින්ද අඩුවීම, අවධානය වෙනතකට යොමුකිරීම, ආවේගශීලී හා නොසැලකිලිමත් හැසිරීම ආදිය ඇතිවන අතර සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක්ද වෙයි. රෝගය සුවකර ගැනීම සඳහා මනෝ අධ්‍යාපනය, ආතතිය අඩුකිරීමේ මානසික ව්‍යායාම, සමාජ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම සහ ඖෂධ ප්‍රතිකාර සුදුසුයි.

පක්ෂාත්ක්ෂතික ආතති අක්‍රමය (Post-Traumatic Stress Disorder (PTSD)

බිහිසුණු අත්දැකීම්වලට මුහුණදීමෙන් පසුව බිහිසුණු මතක සහ සිහින මගින් එම තත්ත්වය වර්තමානයේ නැවත අත්විඳීම රෝග ලක්ෂණ වන අතර සමහර විට මෙම අයහපත් මානසික තත්ත්වය සති ගණන් දිගට ඇදේ. මනෝවිද්‍යාත්ම ප්‍රතිකාර ඇත.

භින්නෝන්මාදය (Schizophrenia)

මොවුන්ගේ ආයු අපේක්ෂාව සෙසු පුද්ගලයින්ට වඩා අවුරුදු 10 – 20 කින් අඩුය. මොවුහු සංජානනයේ සැලකිය යුතු දුර්වලතා දක්වති. නොනවතින මායාවන්, අවිධිමත් චින්තනය, කලබල වීම, අක්‍රමවත් හැසිරීම් රටා ආදිය රෝග ලක්ෂණ ලෙස මතුවන අතර ඖෂධ, මනෝ අධ්‍යාපනය, පවුල් මැදිහත්වීම් සහ සමාජ-මානසික පුනරුත්තාපනය තුළින් ඵලදායී ප්‍රතිඵල ලැබේ.

ආහාර ගැනීමේ අක්‍රමිකතා

අසාමාන්‍ය ලෙස ආහාර ගැනීම නිසා ශරීර බර සහ හැඩය පිළිබඳ ගැටලු පැනනගී. බොහෝ විට නවයොවුන් හෝ වැඩිහිටි අවදියේදී ඇතිවන මෙම රෝගය නිසා මත්ද්‍රව්‍ය භාවිතය, සියදිවි නසාගැනීම සහ සෞඛ්‍ය සංකූලතා ඇතිවිය හැකිය. පවුල් සහ සංජානන පාදක ප්‍රතිකාර (cognitive-based therapy) වලින් යහපත් ප්‍රතිඵල ලැබේ.

කඩාකප්පල්කාරී සහ සමාජ විරෝධී හැසිරීම්

මෙම රෝගීහු සමාජ සම්මතයන්, නීති රීති ආදිය නොකඩවා උල්ලංඝනය කරති. සමාජ කුසලතා පුහුණුව ඇතුළු ගුරු දෙගුරු මැදිහත්වීමෙන් සංජානන ගැටලු විසඳීම මීට පිළියම්ය.

ස්නායු සංවර්ධන ආබාධ (Neurodevelopmental disorders)

බුද්ධිමය වර්ධනයේ ආබාධ, ඔටිසම් වර්ණාවලි ආබාධ, අවධානයෙන් තොර අධි ක්‍රියාකාරීත්වය, අධ්‍යාපන, වෘත්තීය හෝ සමාජයීය ක්‍රියාකාරීත්වය කෙරෙහි සෘජු සෘණාත්මක බලපෑමක් එල්ලකිරීම, රෝග ලක්ෂණයි. සමාජයීය මානසික හා චර්යාත්මක මැදිහත්වීම්, කථන චිකිත්සාව මෙන්ම ඖෂධ ප්‍රතිකාරද රෝග සුවයට උපකාරී වේ.

අවදානම කාටද?

ඕනෑම අයකුගේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කිරීමට මෙන්ම අඩපණ කිරීමට විවිධ පුද්ගල, පවුල, ප්‍රජාව සහ දරිද්‍රතාව, ප්‍රචණ්ඩත්වය, ආබාධිතභාවය සහ අසමානතාව, චිත්තවේගීය කුසලතා සහ ජානවිද්‍යාව වැනි පුද්ගල මනෝ සහ ජීව විද්‍යාත්මක සාධක බලපායි.

සෞඛ්‍ය පද්ධති සහ සමාජ සහාය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2013-2030 මානසික සෞඛ්‍ය සැලැස්මෙහි ප්‍රධාන අරමුණු හතරකි. ප්‍රජා පාදක සැලසුම් තුළ මානසික සෞඛ්‍ය සඳහා ඵලදායී නායකත්වය සැපයීම, ප්‍රජා පාදක සැලසුම් සහ සමාජ සත්කාර සේවා සැපයීම, මානසික රෝග වැළැක්වීමේ සහ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් තොරතුරු පද්ධති සහ සාක්ෂි එකතුකරමින් පර්යේෂණ ශක්තිමත් කිරීම යනු ඒවාය.

https://www.who.int  ඇසුරෙන්

සුනිල් අල්ගම ✍️

TAGGED: Anxiety Disorders, depression, Schizophrenia, Stress, මානසික රෝග
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?