නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඖෂධී‍ය ගුණ ඇති මී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඖෂධී‍ය ගුණ ඇති මී

Published January 22, 2024

ජීවිතය එක් වතාවක් හෝ හොරවිල මහගෙදරට ගොස් ශාන්ත වෙද මහතා හමුවී කතාබස් කොට භූමියේ ස්ථාපිතව ඇති අපූරු ඔසුව උයනේ අසිරිය විදගන්නා මෙන් ඔබට ඇරියුම් කරමි. බෙහෙතට ගත නොහැකි එකඳු ශාකයක් ජීවකතුමාට හමුවී නැත. අද උදවිය නොසලකා හැරියට අතීතයේ විසූ හෝ ඒවායෙන් උපරිම ප්‍රයෝජන ගෙන නීරෝගීව පරමායුෂ අත්වින්දහ. අද බොහෝ දෙනා පූරුවේ පිනට පරමායුෂ ලැබුවද වසර විස්සක් පමණ ලෙඩ ඇඳේය. වෙද අත්පොත මද වෙනසක් කරමින් ඔබට කියා දෙන්නට යන්නේ ඖෂධීය ගුණයෙන් සපිරි මී ගස පිළිබඳවය.

මී ගස පැය 24 පුරාවටම ඔක්සිජන් ඉපදීමේ කාර්යයෙහි නියැලී සිටී. පෙර රජ සමයෙහි මීගසක් කපා හෙලීම යනු මරණ දණ්ඩනයට යටත් වන වරදකි. ඒ ඖෂධ ගුණය මෙන්ම වී වගාවට ඇති ප්‍රයෝජනය සලකාය. වාත වේදනා සහ හන්දිපත් සමනය කිරීමට මීතෙල් දිව ඔසුවකි. මීතෙල් සිඳගන්නේ වියළි ඇට අඹරා මිරිකා ගැනීමෙනි. ඉතිරි වන මී මුරු ලෙස හැඳින්වෙන්නේ පුන්නක්කු වැනි ද්‍රව්‍යයයි.අත් බෙහෙතක්, කෘමි නාශකයක්, සත්ත්ව ආහාරයක් ලෙස ප්‍රයෝජනයට ගැනේ.

අතීතයේදී මීමල් වේලා කොටා මිරිකා ලබාගන්නා පැණි රැසකැවිලි සෑදීමට භාවිත කර ඇත. ඉදුනු මී ගෙඩියේ මදය මිරිකා රසවත් පානයක්ද මධ්‍ය තම්බා දිය හැර රසවත් වෑංජනයක් ද සාදා ගැනීමට හැකිය. අතිශය පෝෂ්‍යදායිකය. වෑංජනය තෙම්පරාදුවට මෙන්ම බැදුම් වර්ග සඳහා ද මීතෙල් සුදුසුය. පළමුව තෙල් රත්කර පිරිසිදු ජලය තේ හැන්දක් පමණ දමා දිය සිඳුනු පසු ආහාරය එකතු කිරීමෙන් යම් අසාත්මිකතාවක් වෙත්නම් මගහැරී යයි.වාත සහ සෙම් දෝෂ සමනයට මීතෙල් ඉතා ගුණදායකයග විශේෂිත අම්ල සහ පදාර්ථ අතරින් බෙලික අම්ලය, ලිනෝලියන්, සිට්‍රියන් ප්‍රධානය. කල්ගත වූ මී තෙල්වල පිළිකා මර්දන ගුණය ඇත. ඉතාලියේ ස්වීඩනය ආදී රටවල මාගරින් සහ චොක්ලට් ආදිය නිපදවීම සඳහාද මීතෙල් භාවිත කරයි.

අත් බෙහෙතක් ලෙස

සන්ධි සහ වාත අමාරු වලට

මීතෙල් මිලිලීටර් හැටක් පමණ ගැන එයට හොඳින් කුඩු කරගත් කපුරු කුඩු දමා මද ගින්නෙක් කකාරවා ගන්න. ඉන් මසු මද උණුසුම තිබියදීම ගල්වා මෘදුව සම්බාහනය කරන්න.

තැවිලි පොට්ටනිය

මී ඇට එඩරුවට තල ඇට සහ කොට්ට පොල් සම ප්‍රමාණයෙන් ගෙන එය හොඳින් කොටා පොට්ටනි බැඳ තෙල් ගැල්වීමට පෙර හොඳ හැටි තවන්න.

ආලේපනය

තිබ්බටු කොළ මීතලෙන් සියුම්ව අඹරාගෙන රත් කර මද උණුසුම තිබියදීම ආලේප කරන්න.

වෛද්‍යාචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු
රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර

අජන්ත ජයසේකර ✍️
 

TAGGED: ayurweda, Fractures, horiwila wedagedara, ඖෂධී‍ය ගුණ, මී ගස
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?