නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අභ්‍යවකාශ ගතවෙන්න හීන මැවූ පුතුගේ අළු හඳට යැවූ අම්මා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අභ්‍යවකාශ ගතවෙන්න හීන මැවූ පුතුගේ අළු හඳට යැවූ අම්මා

Published January 15, 2024

මීට වසර 22කට කලින් කැනඩාවේ අපූරු දරු උපතක් සිද්ධ වුණා. මේ උපත විශේෂ වෙන්නෙ අංක සමානකමක් නිසා. අද අපේ කතා නායකයා වුණ ලියාම් ආනන්ද් ඉපදෙන්නෙ 2002-02-02. ඉපදුණු වෙලාව සවස 2.22. මේ අංක සමානකම නිසාම ඔහු ගැන පුවත්පත්වල පවා ලිපි පළවුණේ ‘Lucky boy‘ යන සිරස්තලයෙන්. හැබැයි කලාතුරකින් සිද්ධ වුණ ඔය සිදුවීමක් නිසා ලියාම් හරිම වාසනාවන්ත දරුවෙක් විදිහට මාධ්‍යයන් විසින් හුවාදැක්වුවට ලියාම්ගේ ආයුෂ සීමා වෙන්නෙ අවුරුදු16කට විතරයි…

සංජීව් සහ නදීන්ට දාව උපන් ලියාම් සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයන් දෙදෙනකු සිටින පවුලේ තුන්වැනියා. පුංචි කාලෙ ඉඳන්ම ලියාම් ඉගෙනගන්න හරිම දක්ෂයි. ඉගෙනීමට වගේම ස්කේට් බෝඩ්, බැඩ්මින්ටන්, සයිකල් පදින්නත් හරි සූරයා. මේ මොන දේවල්වලට දක්ෂ වුණත් ලියාම්ගේ හිත තිබුණෙම එළිමහනේ. ඔහු වැඩියෙන්ම කැමති වුණේ එළිපහලියේ ගිනි මැලයක් ගහගෙන ඉඳගෙන ඉන්න, සීයා එක්ක මාළු බාන්න යන්න. එහෙමත් නැත්නම් යාළුවො එක්ක ස්කූටර් පදින්න.

හැම විෂයටම එක සේ දක්ෂකම් පෑවත් ලියාම්ගෙ කැමතිම විෂයන් වුණේ ගණිතය සහ විද්‍යාව. ඔහුට ඕනෙ වුණේ කවදා හරි ඔහුගේ හොඳම යාළුවා වුණ විල් එක්ක අභ්‍යවකාශයේ පාවෙන ග්‍රාහකවල කැණීම් කරන්න. තාරකා විද්‍යාව, හඳ සහ අවකාශය ගැන ලියාම්ට පුංචි කාලෙ ඉඳලා තිබුණේ පුදුමාකාර ආසාවක්.

විල් එක්ක කවදහරි කරන්න ලෑස්ති වෙන මේ අපූරු වැඩේ ගැන කතා කරන හැම මොහොතකම ලියාම්ගේ ඇස් සතුටින් දිලිසුණේ ඒ පිළිබඳව ඔහු තුළ තිබූ දැඩි කැමැත්ත නිසාවෙන්. සමහර වෙලාව අම්මා එක්ක අභ්‍යවකාශ මාතෘකා ගැන කතා කරද්දි ලියාම්ට වචන පවා පැටලුණා. අප නොදුටු ලෝකය ගැන ඒ තරම් උද්යෝගයක් ඔහු තුළ තිබුණා.

ලියාම් ආනන්ද් පියා සහ සහෝදරයා සමග

දිනක් කුස්සියේ උයමින් සිටි නදීන්ට ඇසුණේ ලියාම් නිවසට ඇතුළු වී කුස්සියට පැමිණෙන සද්දයක්. ලියාම් එක්වරම නදීන්ට පැවසුවේ අමුතුම කතාවක්. ”අම්මේ මට අම්මට කියන්න දෙයක් තියෙනවා කවදහරි අඟහරුවලට යන්න මෙහෙයුමක් ක්‍රියාත්මක වෙලා ඒ වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු අවශ්‍ය වුණොත් විල් සහ මම ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අපි දෙන්නා ආයෙත් පෘථිවියට නොඑන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මට සමාවෙන්න. ඒත්…”

නදීම් ලියාම් දෙස හැරී බලා ‘හරි’ කියා නැවතත් වෑංජනය කලවම් කරන්න පටන්ගත්තා. නමුත් ඇය හිටියෙ තමන්ගෙ පොඩි පුතා ගැන හිතාගන්න බැරිතරමේ පුදුමයකින්. ලියාම් තුළ තිබුණු ධෛර්ය, ශක්තිය, නොසිඳෙන කුතුහලය ගැන නදීම්ට තිබුණේ ආඩම්බරයක්.

අවාසනාවන්ත ජූලි 17 වැනිදා උදාවුණා. එදා පාන්දර වෙද්දිම නදීන්ටත් සංජීව්ටත් දැනගන්න ලැබුණේ මේ ලෝකෙ අම්මෙක් තාත්තෙක් අහන්න අකමැතිම දෙයක්. ”ලියාම් ඇක්සිඩන්ට් වෙලා” 17 වනදාට එළිවනතෙක්ම ලියාම් හිටියෙ එයාගෙ යාළුවො එක්ක සතුටු සාමීචියේ යෙදෙමිනුයි. අවසානයේ පාන්දර නැවතත් නිවස බලා එන ගමනෙදි ලියාම්ගේ ස්කූටරය අනතුරකට ලක්වී ඔහු බරපතළ තුවාල ලබා අවසානයේ මියගිහින් තිබුණා.

පුංචි කාලේ ඉඳන් අහසට ආදරේ කරපු ලියාම්ගේ අසාව ඔහුගේ ආත්මයට හෝ ළඟා කර දෙන්න නදීන් සහ සංජීව් ක්‍රමයක් හොය හොයා ඉද්දි ඒ දෙන්නට ආරංචි වෙනවා ජනවාරි 09 වැනිදා ආරම්භ වන නව අභ්‍යවකාශ අනුස්මරණ සේවාවක් ගැන. මේ සේවාවෙන් මියගිය අයගේ පවුල්වලට ඔවුන්ගේ ආදරණීයයන්ගේ භෂ්මාවශේෂවලින් කොටසක් සඳ මත තැන්පත් කිරීමට ඉඩ සලසා දෙනවා.

ඒ අනුව සෙලෙස්ටිස් වොයේජර් අනුස්මරණ අභ්‍යවකාශ යානාව මගින් තවත් 62 දෙනෙකුගේ භෂ්මාවශේෂ සමඟ ලියාම්ගේ භෂ්මාවශේෂත් සඳ වෙත ගමන් කිරීමට නියමිතයි.

“අපි මේ ලෝකයේ කොහේ හිටියත් ඔහුගේ සහෝදර සහෝදරියන්ට, පවුලේ අයට, මිතුරන්ට අවශ්‍ය වෙන්නේ හඳ දිහා බලා සිනාසීම පමණයි. කිසිදා නිමා නොවන ආදරයක් එක්ක ලියාම් හැමදාම අපේ හදවත් තුළ ඉන්නවා.” ඇයගේ මව නදීන් අවසන් වතාවට මාධ්‍යට එසේ කියා තිබුණා.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: nadeem, ලියාම් ආනන්ද්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?