නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වයස පැත්තකින් තියලා දුවලා,පැනලා ජාත්‍යන්තරයේ කප් ගහපු නර්ස් නෝනා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වයස පැත්තකින් තියලා දුවලා,පැනලා ජාත්‍යන්තරයේ කප් ගහපු නර්ස් නෝනා

Published January 8, 2024

පසුගිය කාලය පුරාම ලංකාවෙ මාධ්‍යන්වල වැඩිපුරම කතා වුණ මාතෘකා තමයි දේශපාලනය, ආර්ථිකය සහ ක්‍රිකට්. ඔය දේවල් නිසා ලංකාවට අභිමානයක් ගෙනාපු චරිත බොහෝමයකට නිසි අවධානයක් ලැබුණේ නෑ. එයින් එක කොටසක් තමයි 22 වැනි ආසියානු මාස්ටර්ස් මළල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්. නමුත් නවලිය නිරන්තරයෙන්ම ඔවුන්ගේ කතා අකුරු කළා. මේත් එහෙම අකුරු කෙරෙන තවත් මාස්ටර් කෙනෙකුගේ අපූරු කතාවක්. පිලිපීනයේ පැවති ආසියානු මාස්ටර්ස් මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙලා පදක්කම් පහක් දිනපු නර්ස් නෝනෙක් අපට හමුවුණා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරන ඇය නමින් අරුණි ශිවන්ති ජයසූරිය…

“මේ මගේ හතරවෙනි මාස්ටර්ස් තරගාවලිය. ඒ හැමපාරම මම මෙඩ්ල්ස් දිනුවා. මෙදාපාර තරගාවලියේ මම ඉවෙන්ට්ස් හතරකට සහභාගි වුණා. දුර පැනීම, උස පැනීම, මීටර් 100 තරග ඉසව් තුනෙන්ම මම රන් පදක්කම් දිනාගත්තා. රිලේ ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවෙනි ස්ථානය ලැබුණා. ඒ වගේම ලංකාවෙන් සීයකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වුණා මෙම තරගාවලියට. ඒ හැමෝම දිනාගත්ත සම්පූර්ණ මෙඩ්ල්ස් සංඛ්‍යාව 88ක්. ලංකාවේ ක්‍රීඩිකාවන්ගෙන් දක්ෂතම ක්‍රීඩිකාව වුණෙත් මම. දක්ෂතම ක්‍රීඩකයා වුණෙ යුධ හමුදාවේ ක්‍රීඩකයෙක්.”

පාසල් කාලෙන් පස්සෙ දුවන්න පටන්ගත්තෙ අවුරුදු 36 දි

පාසල් කාලේ ක්‍රීඩා කරලා සෑහෙන කල් ක්‍රීඩාව නවත්තලා තිබුණා. ආයෙ දුවන්න පටන්ගත්තෙ අවුරුදු 36 දි. මම හෙදියක් විදිහට වැඩ පටන්ගත්තෙ 1999. ඊටපස්සෙ 2001 විතර වෙනකල් ක්‍රීඩා තරගවලට සහභාගී වුණා. පස්සෙ විවාහය සහ දරුවො ලැබීමත් එක්ක තමයි ක්‍රීඩාව නැවැත්තුවෙ. බබාලා දෙන්නෙක් හිටියට මම ගොඩක් මහත කෙනෙක් නෙවෙයි. වෝඩ් එකෙත් මම හරිම ඇක්ටිව්. ඉතින් එහෙම ෆිට්නස් ගැන ලොකුවට හිතන්න ඕන වුණේ නෑ.

මම තාමත් ෆිට්

අපේ රෝහලේ කිහිපදෙනෙක් මේ තරගාවලියට සහභාගී වෙලා තිබුණත් මම ඒ ගැන දැනන් හිටියෙ නෑ. මම එයාලගෙන් ඇහුවා කොහොමද යන්නෙ කියලා. පස්සෙ 2014 දි රාජ්‍ය තරගවලට සහභාගී වුණා. එතනදි එක එක ටෙස්ට් කළාම මම දැනගත්තා මගේ ෆිට්නස් තාම හොඳයි කියලා. මම මේ අතර කාලෙ අවුරුදු උත්සවවල මීටර් 100 තරගවලට එහෙම සහභාගී වුණා. ඒ නිසාත් වෙන්න ඇති මගේ ෆිට්නස් හොඳට තියෙන්න ඇත්තේ. ඒ තරගයෙන් තමයි මම දැනගත්තෙ ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා උළෙල ගැන. පස්සෙ සමස්ත ලංකා මට්ටමේ තරගවලටත් සහභාගි වෙලා දිනලා තමයි පියවරෙන් පියවර මාස්ටර්ස් දක්වා ආවේ.

මේ දිනුම බලාපොරොත්තු වුණ එකක්

හොස්පිට්ල් එකෙන් කලින් මාස්ටර්ස්වලට සහභාගී වුණ එක්කෙනෙක් හිටියා මගේ මට්ටමේම වගේ. ඇය රන් පදක්කමක් දිනාගෙන තිබුණා. ඒ නිසා මට හිතුණා මටත් රන් පදක්කමක් දිනාගන්න පුළුවන් වෙයි කියලා.

හොඳම දක්ෂතාව දැක්වුවේ අවුරුදු 45 දි

දැන් මට අවුරුදු 45 යි. අවුරුදු නවයක් මම ආයෙත් ක්‍රීඩාව පටන් අරන්. ඒ අවුරුදු නවයෙදි මම මගේ හොඳම දක්ෂතාව වාර්තා කළේ ගිය අවුරුද්දෙදි. ඒ තුන් පිම්ම ඉසව්වෙන්.

ෂිෆ්ට් නැති වෙලාවට පුහුණුවීම් කරනවා

හොස්පිට්ල් එකේ ෂිෆ්ට් එකටනෙ වැඩ කරන්න තියෙන්නේ. ෂිෆ්ට් නැති වෙලාවට පුහුණුවීම් කටයුතු කරනවා. මේ සේරටම ශක්තියක් වෙන්නෙ මගේ අම්මා. මගේ සැමියා මීට මාස අටකට කලින් හෘදයාබාධයක් හේතුවෙන් මියගියා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් තවම අධ්‍යාපනය හදාරනවා. මම ක්‍රීඩා වැඩකටයුතු කරද්දි ඔවුන්ව රැකබලාගන්නෙ අම්මා.

පුංචි කාලෙ දුවන්න සපත්තු දෙකක්වත් තිබුණෙ නෑ

පොඩි කාලෙ ඉඳන් මට ශක්තියක් වුණේ මගේ අම්මා.  මම 6 ශ්‍රේණියේ ඉඳලා ඉගෙනගත්තෙ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ. මට පුංචි කාලෙ දුවන්න ස්පයික්ස් දෙකක්වත් තිබුණෙ නෑ. මම උසස් පෙළ කරන කාලෙ අම්මා තමයි තාත්තා ගොවිතැනෙන් උපයපු සල්ලි එකතු කරලා මට මුලින්ම ස්පයික්ස් දෙකක් අරන් දුන්නේ.

ඉස්සරනම් වියදම් බාගයක් රෝහලෙන් ගෙව්වා…

මම දැනට අවුරුදු 21ක් රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස සේවය කරනවා. ඉස්සර ආසියානු තරගවලට සහභාගී වෙද්දි වියදම් වෙන ගාණෙන් බාගයක් රෝහලෙන් ගෙව්වා. කොරෝනා ආවට පස්සෙ ඒක නැවතුණා. හොස්පිට්ල් එකේ මැනේජ්මන්ට් එකත් වෙනස් වුණා. ප්‍රවීණයින්ගේ තරගාවලියටත් සහභාගී වුණේ ණය වෙලා. නමුත් ඉදිරි තරගවලදි සහයෝගයක් දෙනවා කියලා රෝහලෙන් කිව්වා.

පුහුණුවීම් කටයුතු

මගේ පුහුණුකරු යුධ හමුදා නිලධාරියෙක්. ඔහු සමන් රණසිංහ. යුධ හමුදා මලල ක්‍රීඩකයෝ පුහුණු කරන්න ඔහු එනවා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට. මාත් එක්ක තියෙන මිත්‍රත්වය නිසා ඔහු මාවත් නොමිලේම පුහුණු කරවනවා.

රෝහලේ තියෙන පීඩනය නැති කළේ මලල ක්‍රීඩාව

ක්‍රීඩා කරලා ලැබෙන සතුට වෙන මොනවා කළත් ගන්න බෑ. හොස්පිට්ල් එකෙත් සමහර රෝගියො දැක්කම මිනිස්සු මැරෙනවා දැක්කම අපි මුළු දවසම ගෙවන්නෙ පීඩනයෙන්. ඒ පීඩනයෙන් මම නිදහස් වුණේ මලල ක්‍රීඩාව නිසා. එතනදි මුණගැහෙන්නෙ වෙනස්ම කට්ටියක්නේ. දිනනවා, පරදිනවා, සතුටු වෙනවා, දුක් වෙනවා. ඒක වෙනමම අත්දැකීමක්.

අවුරුදු 90 වෙනකල් හිටියොත් ඒත් මං දුවයි

මම දැනටමත් දන්නවා මම තව තවත් ක්‍රීඩාවෙන් ඉස්සරහට යන බව. මම කවදාවත් හිතුවෙ නෑ මට ලංකාවෙන් පිට රටකට යන්න පුළුවන් වෙයි කියලා. ඒ අවස්ථාවත් ලැබුණේ මලල ක්‍රීඩාව නිසා. ඒ සතුට මට තියෙනවා. අනික මම නිරෝගීව ඉන්නෙත් මේ නිසා. ඉතින් ක්‍රීඩාව අත්හරින්න මගේ කිසිම අදහසක් නෑ. අවුරුදු 90 වෙනකල් මම ජීවත් වුණොත් ඒත් මම දුවයි.

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: Service at Sri Jayawardenepura Hospital, නර්ස් නෝනා, මාස්ටර්ස් තරගාවලිය, මෙඩ්ල්ස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?