නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පොසොන් පෝයට වෙසක් කූඩු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පොසොන් පෝයට වෙසක් කූඩු

Published June 9, 2025

අපිට වෙසක්, පොසොන් කිව්වම බොහෝ වෙලාවට මතක් වෙන්නෙ අටපට්ටම් කූඩුනේ. ඒත් මේ සාම්ප්‍රදායික අටපට්ටම් කූඩුවෙනුත් අපිට වෙනස්ම විදිහක ලස්සන කූඩුවක් හදාගන්න පුළුවන්. ඒත් ටිකක් වැඩිපුර සව් කඩදාසි නම් වැය වෙනවා. ඒ වගේම සව් කඩදාසිවලටත් වඩා මේ කූඩුව ගොඩක්ම ලස්සන විවිධ පාටින් යුතු තෙල් කඩදාසිවලට. මේ කූඩුව අවසානයේ පෙනෙන්නේ ලස්සනම ලස්සන නෙලුම් මලක් විදිහට.

මුලින්ම කරන්න ඕන සාමාන්‍ය විදිහට අටපට්ටම් කූඩුවේ කොටු සහ ත්‍රිකෝණ අලවගන්න එක. මේකට සාමාන්‍ය සුදු සව් කොළ භාවිත කරන්න පුළුවන්.

උඩ සහ යට කොටු ටික හැරෙන්න ඉතිරි සියලුම කොටු සහ ත්‍රිකෝණ සුදු සව්කොළවලින් අලවගත්තට පස්සේ තමයි අපිට ඊළඟට කරන්න තියෙන ලොකුම වැඩේ තියෙන්නේ.

ඊළඟට අපි කරන්න ඕන පෙති කපාගන්න එක. සුදු සහ ඔබ කැමති පැහැයක තෙල් කඩදාසියක් අරගෙන එය අඟල් තුනක පමණ ප්‍රමාණයකින් තීරු නවාගන්න.

පෙත්තේ ප්‍රමාණයට යළිත් අනෙක් පසට තෙල් කඩදාසිය නවාගෙන පෙති කපාගන්න.

මේ කපාගත්ත පෙතිවල යට කොටසේ හරි මැදින් අඟලක පමණ කැපුමක් යොදාගන්න.

පසුව ඒ කැපුමේ කොන් දෙක මල් පෙත්තක හැඩයට තරමක් වක්‍ර වන සේ ගම් ස්වල්පයක් ගා අලවාගන්න. මෙලෙස සියලුම පෙති සකසාගන්න.

පසුව පෙර අලවාගත් අටපට්ටම් කූඩුව ගෙන තීරුවෙන් තීරුව වර්ණ මාරු කරමින් අටපට්ටම සම්පූර්ණයෙන්ම වැහෙන ලෙස මල් පෙති අලවාගන්න.

සියලුම පෙති අලවා අවසානයේ කොළ පැහැති තෙල් කඩදාසියක් ගෙන ඉන් පෙතිවලට වඩා ප්‍රමාණයෙන් විශාල නෙලුම් පත්‍ර කපා කූඩුව අවසන් වන තැන වටේට අලවාගන්න. කූඩුව යටින් රැලි කපා අලවාගෙන කූඩුව නිම කරගන්න.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?