නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දෑස් නොපෙනුනත් ඇය තවත් සුවහසකට පාර කියා දෙන්නීය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දෑස් නොපෙනුනත් ඇය තවත් සුවහසකට පාර කියා දෙන්නීය

Published June 9, 2025

අපි හැමෝම තමන්ගෙම කියල ස්වයං රැකියාවක් එහෙම නැත්නම් මොනවහරි වෙනත් රැකියාවක් කරන්න කැමතියි. මොන බාධක ආවත් හීන පස්සෙ දුවන්න හීන සැබෑ කරගන්න අපි ආසයි. ශරීරයේ විවිධ ආබාධ තිබුණත් දෘශ්‍යාබාධිත වුණත් හීන දකින්න ඒක බාධාවක් නෙවෙයි. ඒත් සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් හිතන්නේ දෘෂ්‍යාබාධිත හෝ යම්කිසි ආබාධයක් තිබුණොත් ජීවිතේ එතනින් ඉවරයි කියල ගොඩක් දෙනා අනුකම්පාවෙන් ඒ අය දිහා බලන්න පුරුදු වෙලා ඉන්නෙත් ඒ නිසා. ඒත් මේ හැමදෙයක්ම බොරු කියල ඔප්පු කරපු තරුණියක් අපට හමු වුණා. ඇය දෘශ්‍යාබාධිත වුණත් තමන්ගේ හීන පස්සෙ යන එක නතර කළේ නෑ. තමන් වගේම අනික් අය වෙනුවෙනුත් දෙයක් කරන්න ඕන කියල හිතපු කෙනෙක් තමයි ඇය. ඇය නමින් ඩිලානි සදමාලි. ඇය ඉන්නේ හල්කදවිල. මේ වෙද්දී ඇයගේ වයස විසි නවයක්.

ඇයි උපාධියකුත් තියාගෙන රැකියාවක් කරන්න හිතුවේ නැත්තේ?

මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් 2020 දී උපාධිය හදාරල අවසන් කළා. ඇත්තටම මට ජොබ් එකක් කරන්න තිබුණා. ඒත් හැමෝටටම සරසවියට යන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ. මම වගේ දෘෂ්‍යාබාධිත සහ වෙනත් අබාධයන් තියෙන බොහෝ අය ලංකාවේ ඉන්නවා. ඒ බොහෝ දෙනෙක්ට ස්ථිර රැකියා නැහැ. සමහර අයට රැකියාවක් කරන්න ඕන වුණත් අවස්ථාවක් නැහැ. ඒ නිසා මට ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න ඕන වුණා. ඒක නිසා තමයි විෂන් ලංකා ආයතනය පටන් ගත්තේ. 2022 තමයි මම ආයතනය පටන් ගත්තේ. ආයතනය තියෙන්නේ වලාන පානදුර.

කොහොමද මේ වැඩේ පටන් ගත්තේ?

පටන් ගත්තේ ලොකු සම්පත් තිබිලා නෙවෙයි. මුලින් වැඩ කරද්දී අපිත් එක්ක එකතු වුණේ එක දෘශ්‍යාබාධිත කාන්තාවක් විතරයි. හදුන්කූරු පෙට්ටි තමයි අපි මුලින්ම හැදුවේ. හදුන්කූරු හදල පෙට්ටි වලට ඇසුරුම් කිරීමත් හදුන්කූරු පෙට්ටි අලෙවි කිරීමත් කරන්නෙ විවිධ ආබාධ තියෙන අය. මේ වෙද්දී හදුන්කූරු වර්ග තුනක් අපි හදනවා.

ඊට අමතරව පහන්තිර, ඉටිපන්දම් හදනවා. ආයතනයේ නඩත්තු කටයුතු සිදු වෙන්නේ මේ ලැබෙන ආදායමෙන්. ඒ වගේම දැන් අපිත් එක්ක විවිධ ආබාධ තියෙන අය තිහක් විතර වැඩ කරනවා. ඒ අයට මාසිකව පඩියක් ගෙවනවා. ආබාධයන්ට ලක් වූ අයගේ සුභසාධන කටයුතු වෙනුවෙන්ම පිහිටවපු අයාතනයක් තමයි විෂන් ලංකා කියන්නෙ.

මොන වගේ අභියෝද ආවේ?

ඇත්තටම හොඳ දෙයක් ආරම්භ කරද්දි අභියෝග එනවා වැඩියිනේ. මටත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිදු වුණා. මාත් එක්ක වැඩ කරන්නේ විවිධ ආබාධවලට ලක් වුණ අය. අපි හැමෝම එකතු වෙලා මේ නිෂ්පාදන කරන්නේ. මහන්සියෙන් නිෂ්පාදන කළත් වෙළදපොළට දාද්දී ගැටළු ගොඩක් එනවා.

විශේෂයෙන් අපි විවිධ ආබාධවලට ලක් වූ අය නිසා කඩවල්වලින් අපේ නිෂ්පාදන ගන්න කැමති නැහැ. සමහර අය අනුකම්පා සහහතව බලනවා. ගොඩක් කඩවල අය අපට කම්පැනිවලින් මේ බඩු ගෙනත් දෙනවා කියල අපේ නිෂ්පාදන ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. ඒ අතර අපිව අගය කරල නිෂ්පාදන මිලදී ගන්න අයත් ඉන්නවා. ඒ අය නිසයි මේ තරම් දුරක් අපට එන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ ආයතනය ලියාපදිංචි කරද්දිත් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ද වුණා. මොන අභියෝග ආවත් ඒ දේවල්වලට මුහුණ දෙන්න ඕන. මේක කරන්න බැහැ කියල අතෑරියොත් පටන් ගත්ත තැනම අසාර්ථක වෙනවා.

ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

මට දිනිදු ගමගේ අයියා ගොඩක් උදව් කරනවා. එයත් දෘෂ්‍යාබාධිත කෙනෙක්. ඊට අමතරව විවිධ ආබාධවලට ලක් වුණ ගොඩක් අය අපිට උදව් කරනවා. නිෂ්පාදන අංශයේ සේවකයෝ දහයක් වගේ ඉන්නවා. අලෙවි අංශයේ විස්සක් වගේ වැඩ කරනවා. මේ හැමෝගෙම සහයෝගය එක්ක තමයි මේ වැඩ කරන්නේ. ඒ වගේම මගේ පවුලේ අයත් මට ගොඩක් උදව් කරනවා.

මේක මම තනියෙන් ආපු ගමනක් නෙවෙයි. හැමෝම එක්ක එකට ආපු ගමනක්. ඊට අමතරව පිටින් ඉන්න අයටත් මේ ආයතනය වෙනුවෙන් උදව් කරන්න පුළුවන්.

ගාමන්ට්වල ගොඩක් අපතේ යන රෙදි තියෙනවා. ඒ රෙදි අපට ලබා දෙනව නම් පහන්තිර නිපදවන්න අපට යොදාගන්න පුළුවන්.ඒ තුළින් තවත් විවිධ ආබාධිත බොහෝ දෙනෙක්ට උපකාර කරන්න ඉඩහසර සැලසෙනවා.

ආයතනය වෙනුවෙන් වැඩ කරන අයට විතරද සුභසාධන කටයුතු සිදු වෙන්නේ?

නැහැ. මේ වෙද්දී අපි ව්‍යාපෘතියක් ආරම්භ කළා දිරියට සවියක් නමින්. ආබාධ තිබුණත් තමන්ගේම ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. ගොඩක් අයට තියෙන මූලික ප්‍රශ්නය තමයි පටන් ගන්න ආසාවෙන් හිටියත් මුදල් ප්‍රශ්න නිසා හිර වෙනවා.

ඒ වගේ අයට ස්පොන්ස කෙනෙක් මාර්ගයෙන් අපි උදව් කරනවා. ස්පොන්ස අපේ නිෂ්පාදන ස්වයං රැකියාවක් කරන්න ඉන්න ආස කෙනා වෙනුවෙන් අරන් දෙනවා. ඒ විදියට නිෂ්පාදන ගන්න පුද්ගලයාට ගත්ත නිෂ්පාදන විකුණලා ලැබෙන මුදල්වලින් නිෂ්පාදන නැවත මිළදී ගන්න පුළුවන්. මේ තුළින් විවිධ ආබාධ තියෙන අයට වුණත් ස්වයං රැකියාවක් කරන්න අවස්ථාව සැලසෙනවා.

කොහොමද නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්?

සෑම පොහෝ දිනයකම අපි බෙල්ලන්විල පන්සලට එනවා. බෙල්ලන්විල පන්සල අසල අපි මේ නිෂ්පාදන විකුණනවා. ඒ වගේ පානදුර ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ළඟ අපේ නිෂ්පාදන විකුණනවා. මේ එක හදුන්කූරු පෙට්ටිටක් ගන්නවා කියන්නේ සුවහසක් ආබාධිත ප්‍රජාවගේ හීනවලට පාර කියන්න සහයෝගය පළ කිරීමක්.අපේ විශන් ලංකා ආයතනය ගැන වැඩි දුර විස්තර විශන් ලංකා යූ ටියුබ් චැනල් එකෙන් වගේම ෆෙස්බුක් පේජ් එකෙනුත් දැනගන්න පුළුවන්.

අනාගත බලාපොරොත්තු මොනවද?

මේ වෙද්දී විශන් ලංකා අපේ ආයතනයෙන් කරන්නේ හදුන්කූරු, ඉටිපන්දම්, පහන්තිර නිෂ්පාදනය කිරීම විතරයි හැමදාම මේ නිෂ්පාදන විතරක් කිරීමම නෙවෙයි අපේ අරමුණ. අපි සබන් නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නවා. තවම ඒ සඳහා අවශ්‍ය මූලික් ප්‍රාග්ධනය අපට නැහැ. නමුත් අනාගතයේදී කරන්න හිතාගෙන ඉන්නවාඒ වගේම මීට වඩා විවිධ ආබාධවලට ලක් වූවන් වැඩි ප්‍රමාණයකට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?