නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලොකු ලොකු ක්‍රිකට් තරුවල කැඩෙන,ලක්ෂ ගණන් වටින බැට් හදන ලංකාවේ “සමා”
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලොකු ලොකු ක්‍රිකට් තරුවල කැඩෙන,ලක්ෂ ගණන් වටින බැට් හදන ලංකාවේ “සමා”

Published June 9, 2025

ක්‍රිකට් ක්‍රීඩාව ගැන සඳහන් කරනවා නම් ක්‍රිකට් පිත්ත ගැනත් අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුම වෙනවා. සරලව කිවහොත් ක්‍රිකට් පිත්ත ගැන නොකියා ක්‍රිකට් ගැන කතා කිරීමටත් නොහැකි තරම් කිවහොත් නිවරැදියි. ඒ වගේම ප්‍රමිතියෙන් යුක්ත ක්‍රිකට් පිත්තක් නැත්නම් පන්දුවට හොඳාකාර පහර දීමත් අපහසුයි. ප්‍රමිතියෙන් යුතු ක්‍රිකට් පිත්තක මිල ද ඉහළයි. ඒ වගේම සමහර විට මිල ඉහළ වුණත් ක්‍රිකට් පිත්තේ ප්‍රමිතිය බාල වෙන්නත් පුළුවන්. මේ වගේ ප්‍රායෝගික ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදෙන කෙනෙක් අපිට මුණගැහුණා. ඔහු බොරැලැස්ගමුව රත්තනපිටිය පදිංචි කේ. ඒ සමන්ත ජයමාන්න…

එහෙම නම් ඔබේ හැකියාව ගැන ඔබම කතාව පටන් ගත්තොත්…

මම මුලින්ම මලල්පොල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව 6 වසරේදි යටියන්තොට සිරිවර්ධන විද්‍යාලයට ඇතුළත් වුණා.

පාසල් අධ්‍යාපනයෙන් පසු…

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ 1998 වසරේදී මගේ තාත්තා මාව කොළඹ “ Bloomfield” ක්‍රිකට් ක්‍රිඩා සමාජයේ සේවය සඳහා යොමු කළා. මේ වනවිට මම ක්‍රිකට් ක්‍රිඩකයෙක් සැබැවින් දැකලා තිබුණෙත් නැහැ. නමුත් මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. පාසල් කාලයේදී මම සැහැල්ලු පන්දු (ටෙනිස් බෝල) සෙල්ලම් කළා. ක්‍රිඩා සමාජයට සම්බන්ධව සේවය කරද්දී මට සනත් ජයසූරිය, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, කුසල් මෙන්ඩිස්, වගේ ප්‍රබල ක්‍රිඩකයන් සියැසින් දැකගන්න අවස්ථාව ලැබුණා. ඒක මට ලැබුණ සුවිශේෂී වාසනාවක් කිව්වොත් නිවරැදියි. ඒ විතරක් නොවෙයි මට ක්‍රිකට් පිටියේ කාලය ගත කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ නිසා මම ක්‍රිකට් පිත්තක හැඩරුව, එන බෝලයට ක්‍රිකට් පිත්තක හසුරුවන අන්දම ගැනත් හොඳ දැනුමක් ලැබුණා.

ක්‍රිකට් පිති හදන්න යොමුවුණේ…

මට මේ ක්‍රීිඩා සමාජයේ සේවය කරද්දි ක්‍රිකට් පිති අලුත්වැඩියා කරන ඔමර් ඩීන් මහතා හමුවුණා. ඒ මහතා ලෙදර් බැට් අලුත්වැඩියා කළ කෙනෙක්. ලංකාවටම ඒ වනවිට හිටියේ එයා විතරයි. මම ඔහුගෙන් මේ ශිල්පය ඉගෙන ගත්තා. ඔහු මට ඉතාම හොඳින් කොටින්ම ලෝබ නැතුව මේ ශාස්ත්‍රය ලබාදුන්නා. එතැනින් පසුව මම තනියෙන් ක්‍රිකට් පිති හදන්න පටන්ගත්තා.



ක්‍රිකට් පිත්තක් පදම් කරන්නේ කොහොමද?

අපේ රට, ඉන්දියාව, පකිස්ථානය ඔස්ටේ්‍රලියාව සහ එංගලන්තය වගේ රටවල්වලින් ක්‍රිකට් පිති ආනයනය කරනවා. මේ ක්‍රිකට් පිත්තක් මිලට ගත් පමණින් ක්‍රීඩා කරන්න බැහැ. ඒවා හොඳට තළලා පදම් කරන්න ඕන. දවස් ගණනාවක් ක්‍රිකට් පිති තළලා තළලා පදම් කරන්න ඕන. එතකොට තමයි පන්දුවට පහර දෙන්න පන්නරය ලැබෙන්නේ.තරගයට පෙරාතුව ක්‍රිකට් පිති තළලා පදම් (Season) කරනවා. පන්දුවට පහර දෙන්න ක්‍රිකට් පිත්තේ පාලනය ඉතාම වැදගත්.

ක්‍රිකට් පිත්තක් කැඩුණොත්…

ක්‍රිකට් පිත්ත දෙකට, තුනට කැඩුණත් ඒවා නැවත පාවිච්චියට සුදුසු විදිහට හදල දෙන්න පුළුවන්. සමහර විට පිත්තේ මිට කැඩෙනවා. ඒ වගේ වෙලාවකට අලුතින් ක්‍රිකට් පිත්තේ කැඩුණ මිට වෙනුවට මිටක් සවිකරල දෙන්න පුළුවන්. අලුත්වැඩියාවෙන් පසුව බෝලයට හොඳින් පහර දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ.

අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීම…

ඒ සියල්ලක්ම කැඩුණ ක්‍රිකට් පිතිවලින්ම ගන්නවා. ක්‍රිකට් පිත්තක කිසිම කොටසක් අපතේ යවන්නේ නැහැ. ඒ හැම කොටසකටම පාරිභෝගිකයෙක් මට හමුවෙනවා. පිත්ත දෙකට කැඩුණොත් වෙනත් පිත්තක කොටසක් අරගෙන සකස් කරනවා. ලී කුඩු වගේ දේවල් කලවම් කරගෙනත් අලුත්වැඩියා කිරීමේ කටයුතු කරනවා. අලුත්වැඩියා කළ ක්‍රිකට් පිත්තක් Brand New ක්‍රිකට් පිත්තක සමාන ලස්සනටම තියෙනවා. ස්ටිකර් වගේ දේවල් අලවලා හැඩ කළාම කොහෙත්ම හොයන්න බැහැ.

අපේ රටේ ජනප්‍රිය ක්‍රිඩකයන්ගේ ක්‍රිකට් පිති අලුත්වැඩියා කිරීමත්…?

ඔව්… සනත් ජයසූරිය, මාවන් අතපත්තු, ටී. එම්. ඩිල්ශාන්, ෆර්විස් මහරුෆ්, රොෂාන් මහානාම, ඉන්දික ඩි. සේරම්, කුසල් මෙන්ඩිස්, තිළිණ කණ්ඩම්බි සහ අශේන් බණ්ඩාර වැනි කීර්තිමත් ක්‍රිකට් ක්‍රිඩයන්ගේ

ක්‍රිකට් පිති මගේ අතින් අලුත්වැඩියා කරන්න තරම් වාසනාවක් මම උගත් ශිල්පය නිසා මට ලැබුණා. අද වනවිට කොළඹ ජනප්‍රිය පාසල්වල ආධුනික ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ කැඩෙන බිඳෙන ක්‍රිකට් පිති මම අලුත්වැඩියා කර දෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ක්‍රිකට් පිති අලුත්වැඩියා කර තිබෙනවාද…?

ඔව්… ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ගේ

ක්‍රිකට් පිත්ත වගේම සිම්බාබ්වේ ටටේන්ද්‍ර ටයිබු, හීත් ස්ටි්‍රක්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සිවනාරින් චන්ද්‍රපෝල්, කිරණ් පෝලාඩ් වැනි ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ක්‍රිකට් පිති මගේ අතින් නැවත සැකසුනා.

ඔබ දැන් පළාතේ ජනප්‍රියයි…

ඔව්. ‘සමා’ කිව්වොත් කවුරුත් මාව දන්නවා. දැන් මම අවුරුදු 25 ක් විතරම ක්‍රිකට් පිති අලුත්වැඩියා කටයුතු කරනවා. මේ වනවිට ක්‍රිකට් පිති 1000ක ට වැඩි සංඛ්‍යාවක් මම අලුත්වැඩියා කර තිබෙනවා. නමුත් තවම එකම ක්‍රිකට් පිත්තක්වත් නැවත හදන්න කියන ඉල්ලීම නම් ලැබී නැති බව නිහතමානී ආඩම්බරයකින් සඳහන් කරනවා. ඒ නිසා මට හොඳ අත්දැකීම් තිබෙනවා. අද තියෙන ජීවන වියදම අනුව ක්‍රිකට් පිත්තක් කැඩුණාම ඒක ඉවතට දාන්න බැහැ. ඒ වගේම ප්‍රමිතියක් නැතුව අලුත්වැඩියා කළොත් ඒ පිත්තෙන් සෙල්ලම් කරන්නත් බැහැ.

සමහර අය කැඩුණ ක්‍රිකට් පිත්තක් අලුත්වැඩියා කරගෙන සෙල්ලම් කරන්න එතරම් කැමැත්තක් නැහැ. නිසි ප්‍රමිතියට ක්‍රිකට් පිති අලුත්වැඩියා නොවුණොත් අලුත්වැඩියාවටත් මුදල් ගෙවලා නැවත අලුතින් ක්‍රිකට් පිත්තක් මිලට ගන්නත් වෙන අවස්ථාවන්ට මුහුණ දීලා ඇති. නමුත් හරි විදිහට අලුත්වැඩියා වුණොත් කිසිම බියක් සැකක් නැතුව ක්‍රිඩා කරන්න පුළුවන් බව මම වගකීමෙන් කියනවා.

අද ලොකු කුඩා කවුරුත් වැඩියෙන්ම යෙදෙන ක්‍රිඩාව ක්‍රිකට්. පාසල් දරුවන් අතරත් ක්‍රිකට් ඉතා ජනප්‍රියයි. නමුත් ක්‍රිඩා කරන විට ක්‍රිකට් පිත්තක් කැඩුණොත් අලුත් ක්‍රිකට් පිත්තක් වෙනුවෙන් වැය බරක් දැරීම අද කාලයේ විදිහට ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. නමුත් මේ විදිහට ඔබට හෝ ඔබේ දරුවාට බැට් පිත්ත ඉවත නොදමා එය නැවත පාවිච්චියට ගත හැකි සේ සකස් කර ගැනීමට පහසුකම් තිබෙනවා නම් මොන තරම් පහසුවක්ද…?

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?