නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදර නාන කාමරය ආවට ගියාට ගෙදරට එකතු කරගන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදර නාන කාමරය ආවට ගියාට ගෙදරට එකතු කරගන්න එපා

Published June 9, 2025

ඕනෑම කෙනෙකුගේ පුද්ගලික සනීපාරක්ෂාව සඳහා නාන කාමරය සහ වැසිකළියේ පිහි අත්‍යවශ්‍ය වෙයි. එසේම ඕනෑම නිවෙසක ඒ වෙනුවෙන් මුල් තැනක් දෙනු ලබයි. ඇතැමුන් විශාල වියදමක් දරමින් තම නිවෙසේ සුපිරිම අංගයක් ලෙස නාන කාමරය ඉදිකරන්නේ මේ නිසයි. එහෙත් නාන කාමරය සහ වැසිකිළිය යනාදිය පමණක් නොව ඒවායේ අප ජලය තැන්පත් වන ස්ථාන පවා නිසිපරිදි ස්ථානගත කිරීම සහ ඉදිකිරීම කළ යුතුයි. නාන කාමරය නිවස තුළ සෑදීමේදී අවධානය යොමුකළ යුතු කරුණු බොහොමයකි.

නාන කාමරය නිදහස් හැගීම් ඇති කරන අවකාශයක් වීම අවශ්‍යතාවකි. ඕනෑම අයෙක් කෙතරම් කාර්යබහුල වුණත් නාන කාමරයේදී බාහිර බලපෑම්වලින් මිදී සිත්සේ ශරීරය පිරිසිදු කර නැවුම් බවක් ළඟා කර ගන්නා නිසා මෙය ප්‍රියජනක ස්ථානයක් වීම මානසික සෞඛ්‍යයට බෙහෙවින් හිතකරය. අඳුරු වර්ණ නාන කාමරවලට යෙදීම නිසා ඒවා ප්‍රමාණයෙන් කුඩා බවක් ඇති කරන අතර ළා වර්ණ අමතර විශාල බවක් එකතු කරයි. විශාල ප්‍රමාණයේ කණ්ණාඩි බිත්ති දිගට යෙදීම නවීන සංකල්පයක් වන අතර එමගින් ඔබගේ නාන කාමරයට අමතර විශාල බවක් ලබා දෙයි. ඉඩකඩ සීමිත වර්තමානයේ කුඩා නාන කාමර සඳහා මෙය හොඳම විකල්පයකි.

දිසාව වැදගත්

නාන කාමරය, වැසිකිළිය සහ අපජලය තැන්පත් වන ස්ථාන යනාදිය ඉදිකිරීම සඳහා ඉතා යෝග්‍ය වන්නේ ඉඩමේ හෝ නිවෙසේ නිරිත දිසාවය. ඒ සඳහා නිරිත දිසාව භාවිත කිරීමට නොහැකිම තත්ත්වයක් පවතින්නේ නම් පමණක් වයඹ, බස්නාහිර, දකුණ යන දිසාවන් යොදාගත හැකිය. කුමන තත්ත්වයක් යටතේදීවත් නාන කාමරය වැසිකිළිය සහ අපජලය තැන්පත් වන ස්ථාන යනාදිය ඉදිකිරීම සඳහා ඊශාන දිසාව යොදා නොගත යුතුය. එය ඉතා බිහිසුණු වාස්තු දෝෂයකි. උතුර, නැගෙනහිර සහ ගිනිකොණ යන දිසාවන් ද නාන කාමරය – වැසිකිළිය සහ අපජලය තැන්පත් වන ස්ථාන සඳහා අයෝග්‍ය වෙයි.

දිග, පළල සහ මුහුණත නාන කාමරයේ දිග සහ පළල සමාන වන ලෙස හෝ සම චතුරාශ්‍රකාරව හෝ ප්‍රමාණය හරි හතරැස්වන ලෙස හෝ නොගත යුතුය. නාන කාමරයේ දිග සහ පළල සමාන නොවන ලෙස එය ඍජු කෝණාස්‍රව ඉදිකිරීම ප්‍රශස්තය. එහෙත් එහි පැත්තක් වත් ඉතා පටු නොවිය යුතුය. නාන කාමරය ඉතා විශාල වීම හෝ ඉතා පටුවීම යන දෙකම අයෝග්‍ය වෙයි.

නිවසේ කුඩාම නිදන කාමරයට වඩා නාන කාමරය කුඩා වීම උචිතය. නාන කාමරයේ දොරට මුහුණලා කොමෝඩය හෝ ෂවරය හෝ නොතිබිය යුතුය. නාන කාමරයේ මධ්‍යයේ සිට නිරිත දෙසට කොමෝඩය ද උතුර – ඊශාන සහ ගිනිකොණ අත්හැර අන් දිසාවන්හි ෂවරය – සින්ක් – බාත්ටබ් යනාදිය ස්ථානගත කිරීම යහපත්ය. හිරු එළිය සහ වාතාශ්‍රය සඳහා අඩි 2, 2 ට නොඅඩු ජනේල කවුළුවක් සහ කුඩා වා කවුළුවක් නාන කාමරයට අත්‍යවශ්‍ය වෙයි.

ටයිල් සහ වර්ණාලේපය

තද අඳුරු පැහැති ටයිල් නාන කාමර උපාංග හෝ වර්ණාලේපය නාන කාමරයට නොසුදුය. සුදු හෝ ලා පැහැයට සමීප වර්ණ තෝරා ගැනීම ප්‍රශස්තය. ලා නිල්, ලා කොළ, රෝස, ලා දුඹුරු යනාදී වශයෙනි. උපරිම වර්ණ තුනකට වඩා විසිතුරු වර්ණාලේපය හෝ නොයෙක් පැහැයෙන් යුත් නාන කාමර උපාංග නොගැළපේ. සාමාන්‍යයෙන් අඩි 6ක් උසට නාන කාමර බිත්තිවල ටයිල් අතුරන අතර වතුර මල වීදුරු කුටියක් මගින් ආවරණය කරන්නේ නම් බිත්තිවල ටයිල් ඇතිරීමට යන වියදම අවම කරගත හැකිය. වීදුරු කුටිය තුළ බිත්ති තෙමෙන ප්‍රදේශයේ පමණක් ටයිල් ඇතිරීම ප්‍රමාණවත්ය.

බිමට අතුරන ටයිල් නොලිස්සන (Non-slippery) ටයිල් වර්ගයක් වීම අනිවාර්ය වෙයි. ටයිල් ඇතිරීමේදී වතුර බසින දිශාවට තැබීම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. නිතර දුර්වර්ණ වන ටයිල් නාන කාමරයට ඇතිරීමෙන් සෑමවිටම පිරිසිදු කිරීමට අමතර වෙහෙසක් දැරීමට ඔබට සිදු විය හැකිය. බිම්ඳා මට්ටමට වඩා අගල් 6ක් පමණ පහළින් නාන කාමරයේ බිම නිමා කිරීම නිවස වියලිව තබා ගැනීමට උපකාරී වෙයි. උඩු මහලේ නාන කාමර ජල රෝධක ප්‍රතිකාරක ( water proofing agent ) ස්ථර සහිතව ටයිල් ඇතිරීම අනවශ්‍ය ජල කාන්දුවීම් වලට තිත තබයි.

අනවශ්‍ය දුර්ගන්ධය වදයක් ද?

නාන කාමරයක් සැදීමේදී ප්‍රමුඛව අවධානය යොමු කළ යුතු අංගයක් වන්නේ අනවශ්‍ය දුර්ගන්ධයක් නිවසේ රැදී තිබීමය. ඒ සඳහා කුඩා කවුළුවක් හෝ ශුන්‍යකාරක පංකා යොදනු ලබයි. නූතන සංකල්පයක් වන විවෘත නාන කාමර සංකල්පයද යහපත් නැඹුරුතාවයකි. ඉඩපහසුව අනුව විවෘත අංගනයකට ( Courtyard)නාන කාමරය සම්බන්ධ කිරීම යහපත් මානසිකත්වයක් මෙන්ම දුර්ගන්ධය පාලනයට ද මහෝපකාරී වෙයි.

භාවිතය සහ නඩත්තුව

නාන කාමරයේ ගෙබිම නිතරම පිරිසිදුව සහ වියලිව පැවතීම අත්‍යවශ්‍ය වෙයි. නාන කාමරයේ ජල උපාංගවලින් නිකරුණේ ජල බිංදු වෑහෙන්නට හෝ ජල කාන්දුවකට හෝ කිසිදු ඉඩක් නොතබන්න. අත්‍යවශ්‍ය නොවන කිසිදු දෙයක් නාන කාමරයේ නොතබන්න. තෙත රෙදි හෝ කිළිටි රෙදි නාන කාමරයේ නොතබන්න. හිරු එළිය සහ වාතාශ්‍රය සඳහා වා කවුළු විවෘතව තබන්න. අඩුම තරමින් දිනකට දෙවරක්වත් නාන කාමරය පිරිසිදු කළ යුතුය.

මේ ලෙස ඔබේ නාන කාමරය පවත්වා ගතහොත් එයින් ඔබගේ සනීපාරක්ෂාව මෙන්ම ධනය ද කායික මානසික ප්‍රබෝධය ද සුරක්ෂිත වෙයි. නාන කාමරය යෝග්‍ය නොවන ලෙස පිහිටා ඇත්නම් එය බිහිසුණු කරදර මවන හූනියමක් වනු නිසැකය.

ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign

අර්චිත ඉඳුවර ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?