නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: hgAsia & Oceania කලාපයේ ලස්සනම කෙල්ලන් ඉන්න බව Opal ලොවට පෙන්වයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

hgAsia & Oceania කලාපයේ ලස්සනම කෙල්ලන් ඉන්න බව Opal ලොවට පෙන්වයි

Published June 9, 2025

72 වැනි ලෝක රූ රැජිණ තරඟය මැයි 31 වැනිදා ඉන්දියාවේ හයිද්‍රබාද් නුවර තෙලඟනා හි Hitex ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. එහිදී ලෝක රූ රැජිණ කිරුළ දිනාගත්තේ තායිලන්තය නියෝජනය කළ 21 හැවිරිදි ඔපල් සුචතා චුවාංස්රිස් (Opal Suchatha Chuangsri) සුරුපිනීයයි. ඇය මෙලෙස කිරුල දිනාගත්තේ රටවල් 107 ක සුරුපිනියන් අභිබවමින්.

තරඟාවලියේ අනුශූරතාවය ලබා ගන්නේ ඉතියෝපියාව නියෝජනය කළ හැසෙට් ඩෙරෙජ් ඇඩ්මාසුයි. මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් ඔපල් සුචතා 2003 මාර්තු 20 දින තායිලන්තයේ උපත ලබා ඇති අතර ඇය 2024 දී තායිලන්තයේ රූ රැජින කිරුළ දිනාගනිමින් 72 වන ලෝක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වුණා. ඊට පෙර ඇය විශ්ව රූ රැජිණ තරඟාවලියෙන් තුන්වෙනි ස්ථානය ලබාගෙන තිබීමත් විශේෂත්වයක්.

මේ වනවිට ඇය තම්මාසාට් විශ්වවිද්‍යාලයේ දේශපාලනය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින අතර ඇය ත්‍රයිභාෂා දක්ෂතාවකින් යුක්ත තරුණියක්. ඒ වගේම ඔපල් කියන්නේ සුරතලුන්ට දැඩි ආදරයක් දක්වන තරුණියක්.ඇය සතුව මේ වන විට බළලුන් දහසයක් බල්ලන් පස් දෙනෙක් සිටිනවා. ඇය ක්‍රියාකාරී සමාජ සේවිකාවක්.

තායිලන්ත මාධ්‍ය වාර්තා කරන පරිදි ඇය වසර දහසයේදී පියයුරුවල ඇති ගැටිත්තක් හඳුනා ගෙන ඇති අතර එය පිළිකා නොවන ගැටිත්තක් වූ බැවින් එය ඉවත් කිරීම සඳහා සැත්කමකට භාජනය වී තිබේ. පසුව මෙම අත්දැකීම පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට ඇය යොදාගෙන තිබුණි.

පියයුරු පිළිකා තිබෙන කාන්තාවන්ට සහය වීමට තායිලන්තයේ ඔපල් ෆෝ හේර් මුලපිරීමේ නිර්මාතෲවරිය බවට ඇය පත් වන්නේ ඇගේ සමාජ සේවය තවත් පුළුල් කිරීමේ පරමාර්ථය ඇතිවයි. ඇය මෙම සෞඛ්‍ය අභියෝගය හැරවුම් ලක්ෂයක් කරගනිමින් ලොව පුරා කාන්තා සෞඛ්‍යට ප්‍රබල තර්ජනයක් වන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා රූපලාවන්‍ය තරඟවලට සහභාගී වී තිබේ.

ඇයගේ පළමු තරඟය වී ඇත්තේ 2021 වසරේ වන අතර 2022 වසරේ ඇය මිස් යුනිවර්ස් තායිලන්ත තරඟයේ ලාබාලතම තරඟකාරියද වූවාය. එහිදී ඇය විශේෂ සම්මානයක් වන මිස් නැචුරල් බියුටි සමඟ එම තරඟයේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ලෝක රූ රුජින තරඟාවලියට සහභාගීමේදී ඇගේ මූලිකම අරමුණ වී ඇත්තේ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කර ගෝලීය වශයෙන් පියපුරු පිළිකා ඇති වීමේ ප්‍රවණතාව අඩු කිරීම සහ පියපුරු පිළිකාවෙන් පීඩා විදින කාන්තාවන්ට සහය වීමයි.

ඇය ලෝක රූ රැජින තරඟාවලිය තුළ භහුමාධ්‍ය තරඟාවලි අංශයද ජයග්‍රහණය (contest’s multimedia component) කළ අතර constant app leaderboard හි මිලියන 23 කට අධික නැරඹුම් ප්‍රමාණයක් ඇය ලබා ගෙන තිබීමත් විශේෂත්වයක්.

අන්තර්ජාලය ඇසුරෙන්

පවනි දිලේකා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?