උසට සරිලන බර පවත්වා ගැනීම නිසා බෝනොවන රෝගාබාධයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ඔබට ලැබෙනවා. ආහාර පාලනය , ව්‍යායාම මගින් ශරීර බර පාලනය කර ගත නොහැකි වුණ විට ශරීර බර අඩු කර ගැනීම සඳහා ඖෂධ භාවිත කිරීමට දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. නමුත් බර අඩු කිරීම සඳහා භාවිත කරන ඖෂධ මගින් අතුරු සංකුලතාවයන් ඇති වේදැයි වූ අධ්‍යනයක් අත්‍යවශ්‍ය වී ඇති බැව් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සායනික රෝග විද්‍යාඥ සහ ප්‍රධාන පර්යේෂක වෛද්‍ය සියාද් අල් අලි සඳහන් කරයි.
බර අඩු කර ගැනීම වෙනුවෙන් වූ ඹෟෂධවල ප්‍රතිලාභ…
මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යනයේදී දෙවැනි වර්ගයේ දියවැඩියා රෝග තත්ත්වය ඇති හමුදා නිළධාරීන් 175 ක් තෝරා ගෙන ඔවුන්ට බර අඩු කිරීම වෙනුවෙන් වූ සම්මත ඖෂධ ලබා දෙන ලදී. එයින් අනතුරුව ලබා ගත් දත්ත විශ්ලේෂණය අනුව මෙම රෝගීන්ගේ හදවත් සෞඛ්‍ය සෑහෙන මට්ටමකින් ඉහළ ගොස් තිබුණි. එමෙන්ම මෙම ඖෂධ ලබාගත් අයට ආඝාත, හෘද අකර්මණ්‍යවීම සහ අධි රුධිර පීඩනයට ගොදුරුවීමේ අවදානම වගේම භින්නෝන්මාදය, සියදිවි නසා ගැනීමේ අවදානම අඩු වී තිබුණ අතර, මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹිමේ අවදානම අඩු විය. මෙම රෝගීන් වසර 3. 5 ක් පුරා මෙම ඖෂධ පාවිච්චි කර තිබුන අතර අල්සයිමර් රෝගයට ගොදුරු වීමේ අවදානම 12% කින් අඩු වී තිබුණි. එමෙන්ම අක්මා පිළිකා, මාංශ පේශි වේදනාවන් සහ නිදන්ගත වකුගඩු රෝග සහ බැක්ටීරියා ආසාදනයන්ට ගොදුරු වීමේ අවදානමේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණි.
දියවැඩියා රෝගීන් සම්බන්ධයෙන් මෙම ඖෂධ ඉතාමත් ප්‍රබල සහසම්බන්ධතාවයක් දක්වා ඇත. ඒ අතර පුදුම සහගත සිදුවීමක්ද පර්යේෂකයන් විසින් අනාවරණය කර ගෙන ඇත. බර අඩු කර ගැනීම වෙනුවෙන් භාවිත ඖෂධ නිසා සන්ධි මත පීඩනය අඩු වුණත්, ඖෂධ නිසා සන්ධි ආශ්‍රිත වේදනාවේ වැඩි වීමක් දක්නට ලැබීම ගැන ඔවුන් විමතියෙන් කතා බහ කරති.
අතුරු සංකුලතාවයන්…
බර අඩු කර ගැනීම වෙනුවෙන් ලබා ගත් ඖෂධවල අතුරු සංකුලතාවයන්ද නොතිබුණා නොවේ. ආහාර ජීරණ ගැටළු, උදර වේදනා, බඩේ දැවිල්ල, වේදනාකාරී බඩවැල් ඉදිමීම සහ රක්තවාතය වැනි අපහසුතාවයන් මෙම රෝගීන් වෙතින් දක්නට ලැබුණි. අඩු රුධිර පීඩනය, ක්ලාන්තවීම, හිසරදය, නින්දට බාධාවීම, වකුගඩු ගල් සහ දැවිල්ල සහ ආතරයිටිස් ඇතුළු අස්ථි හෝ සන්ධි වේදනාවන් වැඩි වීමක්ද පෙන්නුම් කර තිබිණි.අතිරික්ත බර අඩු කර ගැනීමෙන් සෞඛ්‍ය වැඩි දියුණු වෙන අතර නින්දේදී හුස්ම හිරවීම වැනි රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානම අඩු කරයි. මෙම ඖෂධ මගින් ශරීරයේ සෛල හා පටකවල හැසිරීම සෘජුවම බලපානු ඇති බව වෛද්‍ය අලි සඳහන් කරයි.
ප්‍රතිලාභ නිසා දිරිමත් වෙනවා…
මෙම ඖෂධ භාවිත කිරීම නිසා ලැබෙන ප්‍රතිලාභ ඖෂධ භාවිතයෙන් ලැබෙන අතුරු සංකුලතාවයන්ට සාපේක්ෂව බලන විට ඉහළ මට්ටමක පවතී. ඒ නිසා බොහෝ අය මෙම ඖෂධ වෙනුවෙන් වැඩි නැඹුරුතාවයක් දක්වන බැව් පෙනී යයි. නමුත් බර අඩු පුද්ගලයන් විසින් මෙම ඖෂධ ලබා ගැනීම සුදුසු නොවන බැව් පර්යේෂකයන් අවධාරනයෙන් සඳහන් කරනවා.
ඖෂධයේ ක්‍රියාකාරීත්වය…
බර අඩු කර ගැනීම වෙනුවෙන් භාවිත කරන ඖෂධවල අන්තර්ගත රසායනික සංයුතිය GLP-1 හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වයට සමාන වේ. ආහාර ගැනීමෙන් පසුව බඩවැල් මගින් මුදා හැරෙන GLP-1 රුධිරය හරහා ගමන් කරන අතර ඒවා මොළයේ සෙසල මතුපිට ඇති කුඩා ප්‍රතිග්‍රාහකවල ඇලී සිටී.
එවිට ආමාහයේ ආහාර ඇති බැව් මොළයට දැණුම් දෙන අතර ආහාර ගැනීමෙන් පසු අපගේ කුසගින්න අඩුවීමට මෙම යාන්ත්‍රනය හේතු වේ.බර අඩු කරන ඖෂධයන්හි ක්‍රියාකාරීත්වය මෙයට සමානය. එයින් ආහාර පිළිබඳව ඇති අනවශ්‍ය අවශ්‍යතාවය වලක්වනවා පමණක් නොව, මද්‍යසාර, දුම්පානය වැනි දේ වෙනුවෙන් වූ ඇබ්බැහිතාවය වලක්වන බැව් ආචාර්ය ඇලි සඳහන් කරනවා.
තව දුරටත් අධ්‍යනයන් අවශ්‍ය වෙනවා…
කෙසේ වෙතත් බර අඩු කරන ඖෂධ සහ එහි ප්‍රතිලාභ මෙන්ම අතුරු සංකුලතාවයන් මුල් කර ගත් අධ්‍යනයන් තව දුරටත් සිදු කළ යුතු බැව් ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හාවිඩ් සත්තාර් සඳහන් කරනවා. මේ වෙනුවෙන් තව වසර හතරක් පමණ ගත වෙනු ඇති මෙම අධ්‍යනය ප්‍රවේසමෙන් අර්ථ නිරූපනය කළ යුතු බව කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශ්‍රිමත් ස්ටීවන් ඕර්ලි සඳහන් කරනවා.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️