නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආතතියට  Bye කියන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ආතතියට  Bye කියන්න.

Published June 9, 2025

වර්තමාන ලෝකයේ ආතතිය බහුලව පවතී. මේ නිසා නොයෙකුත් රෝගාබාධ ඇතිවන බව ඔබ දැනටමත් අසා ඇති. එහෙත් මේ රෝගාබාධය භාරගෙන ඒ සමග ජීවත්වීමට උත්සාහ නොකිරීමට බොහෝ අය පුරුදු වී සිටිති. මෙය දීර්ඝකාලීනව පැවතීමෙන් අප සමාජයට පමණක් නොව අපටම කරගන්නේ හානියකි.

ආතතිය යනු කුමක්ද?

ආතතිය යනු ඔබේ මොළය සහ ශරීරය අභියෝගයකට හෝ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වන ආකාරයයි. හදිසි අවස්ථාවකදී ක්‍රියාකාරීවීම සඳහා නිකුත් කෙරෙන හෝමෝන නිසා සිරුරේ රුධිර පීඩනය, හෘද ස්පන්දන වේගය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවයි. හදිසි අනතුරකින් බේරීම හෝ නියමිත කාලය තුළ යම් රාජකාරියක් ඉටුකිරීම වැනි දෑ කෙටිකාලින ආතතිය නිසා ජයගත හැකි නමුත් දිගුකාලීන ආතතිය සිරුරට හානිකරයි.

දෛනික ආතතිය

රැකියා, පවුල, පාසල, මුදල් ආදිය පිළිබඳ මුදල් අවශ්‍යතා සහ වෙනත් දෛනික පීඩන මීට ඇතුළත් වේ.

අනපේක්ෂිත වෙනස්වීම්

දික්කසාදය, අසනීප, රැකියා අහිමිවීම හෝ බොහෝ විට දිගුකාලීන බලපෑමක් ජීවිතයට ඇතිකරන දුක්මුසු සිදුවීම් මේ යටතට ගැනේ.

දරුණු චිත්තවේගීය කම්පන

බරපතල අනතුරක් හෝ මරණය හමුවේ සිටින අවස්ථාවක මෙය ඇතිවිය හැකිය. මේ ආතතිය කරණකොටගෙන දිගුකාලීන වූ පශ්චාත්-කම්පන ආතති රෝගාබාධය post-traumatic stress disorder (PTSD) ඇතිවේ.

දිගුකාලීන ආතතිය තර්ජනයක් වන්නේ මෙහෙමයි

දිගුකාලීන ආතතියකදී ඔබ සිරුර ඔබට එරෙහිව නැගී සිටී. විසබීජ හා සටන් වැදීමේ හැකියාව අඩාල වීමෙන් ඔබ නිතරම රෝගාතුර වෙයි. දිරවීමේ අපහසුතාව අමාශගත ආබාධවලට ඔබ යොමුකරයි. අක්‍රමවත් නින්ද, හිසරදය, කනගාටුව, කෝපය සහ වහා කලබලවීම ඇතිකරයි. එපමණක්ද නොවේ.

මානසික පීඩනය, කාංසාව, හෘදයාබාධ, අධි රුධිර පීඩනය සහ දියවැඩියාවද ඔබ වෙත දායාද කරයි. කනගාටුවට කරුණ නම් මේ රෝග ලක්ෂණ සාමාන්‍ය දේ ලෙස සැළකීමට සමහරුන් නොදැනුවත්කම නිසා පුරුදු වී සිටීමය. එමනිසා ඉන් මිදීමට නොහැකිවේ.

ආතතියෙන් මිදීම ඔබට කළ හැකිය

දිනපතා විනාඩි 30 ක කාලයක් ඇවිදීම මගින් ඔබට පහසුවක් ඇතිවී, සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද දියුණුවන නිසා රෝගවලින් වැළකිය හැකිය. ඒ හැරුණුකොට හුස්ම ගැනීම, භාවනාව හෝ මාංශපේෂී ලිහිල් කිරීමේ විවේක ක්‍රියාකාරකම්වලද යෙදිය හැකිය. ප්‍රමාණවත් නිදි සුවයද ආතතියෙන් මිදීම සඳහා ඉවහල් වේ.

අධික කැෆෙන් පානය කිරීමෙන්ද වළකින්න. දැන් කළ යුතු දේ කුමක්ද, ප්‍රමාදවී කළ යුත්තේ කුමක්දැයි තීරණය කරන්න. ඔබ අවධානය යොමුවිය යුත්තේ දෛනිකව කළ යුතු දේ ගැන මිස ඔබට කළ නොහැකිවූ දේ ගැන නොවේ. මිතුරකුගේ හෝ යහලුවන්ගේ ආධාරය පතන්න.

සෞඛ්‍ය සේවා සපයන්නකුගේ ආධාර අවශ්‍ය වන්නේ මෙවිටයි

අක්‍රමවත් නින්ද, ආහාර රටාවේ වෙනස්කම් ඇතිවීම සහ සිරුරේ අනවශ්‍ය බර වෙනස්වීම් ඇතිවීම, මානසික අසහනය නිසා උදෑසන ඇf​ඳන් බැසීමට අපහසුවීම, යමකට සිත යොමුකිරීමේ අපහසුතාව, සතුටුවීමට පුරුදුවී සිටි දේවල් කෙරෙහි උනන්දුව හීනවීම, දෛනික වැඩකටයුතු අඩාලවීම දිගුකාලීන ආතතියෙන් පෙළෙන අයකු ආධාර පැතිය යුතු අවස්ථා ඉඟි කරයි.

වහා උදව් ඉල්ලන්න

සියදිවි හානි කිරීමේ සිතිවිලි, මුහුණදීමේ අපහසුතාව, සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධිකව මත්ද්‍රව්‍ය භාවිතය ඇත්නම් වහාම ආධාර පතන්න.

https://www.nlm.nih.gov (NIH: National Institute of Mental Health  ඇසුරින්

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?