නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: චාමරගේ හිස් පෑන් මෝචරිය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

චාමරගේ හිස් පෑන් මෝචරිය

Published April 21, 2025

පරිසරය පිළිබඳ සංවේදීතාව ව්‍යාපාරවලින් මහහැරෙන කාලෙක තමන්ගෙ ලාබය, දියුණුව ගැන පමණක් නොසිතා සමාජ ප්‍රතිලාභයන් සමස්ත සමාජයේ ප්‍රගමනයට යොදාගත හැකිනම් කොතරම් සුන්දරද? එවන් සුන්දර හදවතක් අපට මුණගැසුණා. ඔහු චාමර සම්පත්. සාමාන්‍යයෙන් මෝචරියක් කියන්නේ රෝහලක මියගිය මිනිසුන් තැන්පත් කරන ස්ථානයට. ඒත් මිනිස්සුන් හැරෙන්නට වෙනත් කිසිවකට නිර්මාණය වුණු මෝචරියක් ගැන ඔබ අසා තිබෙනවද? චාමර හදලා තියෙනවා වෙනස්ම විදිහේ මෝචරියක්. මේ මෝචරියේ තැන්පත් කරන්නේ මියගිය පෑන්. මේ දිගහැරෙන්නේ චාමරගේ පෑන් මෝචරියේ කතාව…

චාමර මොකද්ද මේ පෑන් මෝචරිය?

ලංකාවේ දවසකට පෑන් කොච්චර පාවිච්චි කරනවද සහ ඒ පෑන් කොච්චර පරිසරයට එකතු වෙනවාද කියන එක ගැන ගොඩක් අයට අවබෝධයක් නෑ. දිනකට පරිසරයට එකතු වෙන පෑන්වලින් විශාල පාරිසරික හානියක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් පෑනක ආයුෂ තියෙන්නෙ වචන 50,000ක ට විතරයි එක දවසකට පාසල්වලින් විතරක් පෑන් කිලෝ 100ක් වගේ පරිසරයට එකතු වෙනවා.

එක පෑනක් දිරාපත් වෙන්න අඩුම තරමින් වසර 300ක පමණ කාලයක් ගතවෙනවා. පෑන සකස් කරන්නට යොදාගත් ප්ලාස්ටික් යෙදවුම් තරම මත එය වෙනස් විය හැකියි. නොදිරන ප්ලාස්ටික් පෑන් පිළිස්සීමෙන් නිකුත් වන අහිතකර කාබන් සහිත වාතය වායුගෝලයට එකතු වෙනවා.

කාලයක් තිස්සෙ මෙහෙම වුණොත් මොකක්ද අපේ පරිසරයට වෙන්නෙ? මේක කළමනාකරණය කරගන්න අපි තාමත් අසමත් වෙලා නේද? ඒ නිසයි මම මෙවැනි ව්‍යාපෘතියක් පටන්ගන්න හිතුවේ.

ලියා අවසන් කළ පෑනට කරන්න දෙයක් නෑ. කිසිම කෙනෙක් මේ ඉවර වුණ පෑන් අලුත් තීන්ත බටයක් දාලා ආයෙත් පාවිච්චියට ගන්නේ නෑ. විසි කරනවා නැත්නමි ගිනි තියනවා. කාලයක් මම මේ පාරිසරික ගැටලුව දැක්කා. එයට සාර්ථක විසඳුමක් මම හොයා ගත්තා.

පෑන් මෝචරියෙන් මොනවගේ කාර්යයක්ද සිද්ධ වෙන්නෙ?

අපිට ලැබෙන හිස් පෑන් දහයකට අලුත් පෑනක් නොමිලේ ලබාදෙනවා. කා ගාව හරි තීන්ත ඉවර වුණු පෑන් තියෙනවා නම් එකතු කරලා අපිට එවන්න. තැපැල් ගාස්තු ගෙවලා අපි තැපෑලෙන් ගන්නවා. ඒ වගේම එවපු පෑන් ගාණට හරියන්න අපිම තැපෑලට ගෙවලා නොමිලේම පෑන් ඒ අයට යවනවා.

ඔබේ මේ ව්‍යාපෘතියට උපකාර කරන අය කවුද ඉන්නෙ?

අපිට රාජ්‍ය ආයතන ගොඩක් උදව් කරනවා. පාසල්, පොලිස් ආයතන, ප්‍රාදේශීය සභා, ස්වෙච්ඡා නිලධාරීන් බොහොමයක් අපිට උදව් කරනවා. ඒ හැමෝම පෑන් එකතු කරලා අපිට එවනවා.

මේ ව්‍යාපෘතියෙන් සමාජයට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද?

ඔබේ දරුවන්ට කියල දෙන්න අරපිරිමැස්මෙන් වැඩකරන්න ඕන අවස්ථාවක් කියල මේක.

අද පෑනක් රුපියල් 25 කට වඩා වැඩි මිලකට අලෙවි වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ ක්‍රමයෙන් සැලකිය යුතු මුදලක් ඉතුරු කරගන්න.

පෑන් මෝචරියට නිවසේ සිට සන්නද්ධ වෙන්නෙ කොහොමද?

පොඩි පෙට්ටියක් අරන් ඔබේ ගෙදර නැත්නම් ඔබේ කාර්යාලයේ පෑන් මෝචරියක් හදන්න. කාලයක් පුරා ඒ එකතු වෙන පෑන්, අපේ පෑන් මෝචරිය ව්‍යාපෘතියට බාරදෙන්න.

පාවිච්චි කරපු පෑන් දහයක් සඳහා අලුත් පෑනක් ඔබට මේ වෙනුවෙන් නොමිලේ ලබාගන්නත් පුළුවන්.මේ ගැන

වැඩිදුර විස්තර 076-2405003,
071-1395003 යන අංකවලින් ලබාගන්න පුළුවන්

එරංදි කෞශල්‍යා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?